24 C
Colombo
Monday, December 11, 2023

පකිස්ථානු යුද නැව කොළඹ වරායට

- Advertisement -

මේ වන විට ආන්දෝලනාත්මක තත්ත්වයේ පසුවන පාකිස්ථාන යුද නෞකාව වන PNS Taimur නෞකාව අද (12) පෙරවරුවේදී කොළඹ වරායට ළඟා වී තිබෙනවා.

ශ්‍රී ලංකා නාවික හමුදාව පවසන්නේ චීනයේ නිෂ්පාදිත මෙම නෞකාව ලබන සඳුදා (15) දක්වා කොළඔ වරායේ නැංගුරම් ලා තැබීමට නියමිත බවයි.

චීන රජයට අයත් යුධ නෞකාවක්ද මෙරටට පැමිණීමට නියමිත අතර එම නෞකාව හා පකිස්ථානු යුද නෞකාව මෙරටට පැමිණීම පිලිබදව මෙරට දේශපාලන ක්ෂේත්‍රයේ දැඩි කැළඹීමක් ඇතිකර තිබෙනවා.

මෙම නෞකා දෙක හේතුවෙන් මෙරට ජාත්‍යන්තර ප්‍රතිපත්තියද අර්බුදයට ලක්ව ඇති අතර මේ පිළිබදව ඉන්දියාව දැඩි නොසතුටින් පසුවනවා.

PNS ටයිමූර් නම් මෙම පකිස්ථානු යුද නෞකාවට වේග ප්‍රහාරක අවි සහ මිසයිල දියත් කිරීමේ හැකියාව පවතිනවා.

පාකිස්ථානයේ මෙම යුද නෞකාව කොළඹ වරායට පැමිණීමට පෙර බංග්ලාදේශයේ චිතගොං වරායට සේන්දුවීමට අවසර ඉල්ලා තිබුණත් එරට අග්‍රාමාත්‍යවරිය වන ෂෙයික් හසීනාගේ පාලනය ඊට අවසර ලබා දී තිබුණේ නැහැ.


RECENT ARTICLES - SINHALA

AI තාක්ෂණයට ඉතිහාසයේ වැඩිම මුදල අයවැයෙන් වෙන් කළා- ජනාධිපති රනිල්

කෘත්‍රීම බුද්ධිය හෙවත් AI තාක්ෂණය මෙරටට ගෙන ඒමට සහ විද්‍යාත්මක හා තාක්ෂණ පර්යේෂණ කටයුතු ඉදිරියට ගෙන යාම වෙනුවෙන් මෙරට ඉතිහාසයේ වෙන් කළ වැඩිම මුදල...

වැට් බදු සංශෝධන පනත් කෙටුම්පත යළි හෙට පාර්ලිමේන්තුවට

පාර්ලිමේන්තුවට අද (10) දින ඉදිරිපත් කර සම්මත කිරීමට නියමිතව තිබූ වැට් බදු පනත් සංශෝධන පනත් කෙටුම්පත යලි හෙට (11) දිනයේදී පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර සම්මත...

පෙට්‍රල් සහ ඩීසල් වලටත් බඳු ගහනවා-රංජිත් සියඹලාපිටිය

පෙට්‍රල් සහ ඩීසල් සඳහා ද VAT නොහොත් එකතු කළ අගය මත බද්ද අය කරන බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පවසනවා. ඔහු මේ බව...

POPULAR ARTICLES

රට පුරා විදුලිය විසන්ධි වෙයි

මේ වන විට ලංකාව පුරා හදිසි විදුලිය බිඳ වැටීමක් සිදුව ඇති බව විදුලිබල මණ්ඩලයේ මාධ්‍ය ප්‍රකාශක ඉංජිනේරු නොයෙල් ප්‍රියන්න මහතා  පවසනවා. පද්ධතියේ ඇතිවී තිබෙන දෝෂයක්...

අර්ජුනගෙන් අලුත් සන්ධානයක්

දූෂිතයින්ගෙන් සහ වංචාකාරීන්ගෙන් තොර නව සන්ධානයක් බිහි කරන බව ශ්‍රී ලංකා කණ්ඩායමේ හිටපු ක්‍රිකට් නායකයෙකු වන අර්ජුන රණතුංග පවසනවා. ඔහු මේ බව කියා සිටියේ, අස්ගිරි...

රාජ්‍ය සේවකයින්ට විශේෂ අත්තිකාරම් මුදලක්

ලබන වසර සඳහා රාජ්‍ය නිලධාරීන්ට විශේෂ අත්තිකාරම් මුදලක් ලබාදීමට රජය තීරණය කර තිබෙනවා. රාජ්‍ය පරිපාලන හා ස්වදේශ කටයුතු අමාත්‍යංශය සඳහන් කළේ, ඒ අනුව රුපියල් 4,000ක...