26 C
Colombo
Thursday, March 28, 2024

ජනපති අණින් ලොකුම පොකුරු මැණික සමග ලොහාන් චීනයට

- Advertisement -

රත්නපුර පැල්මඩුල්ල ප්‍රදේශයෙන් ඉකුත්දා හමුවූ විශාල ප්‍රමාණයේ මැණික ඇතුළු මැණික් ගල් රැසක් චීනයේ ෂැන්හයි නගරයේ පැවැත්වෙන මැණික් වෙන්දේසීය සඳහා ඉදිරිපත් කරන බව මැණික් හා මැණික් ආශ්‍රිත කර්මාන්ත රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේ මහතා පවසනවා.

මේ සඳහා වෙනම ගුවන් යානයක්ද සූදානම් කරන බවත් මෙරට මැණික් ව්‍යාපාරිකයන් විසිපස් දෙනෙකුද එම ගමනට සම්බන්ධ කර ගන්නා බවත් ඔහු පවසනවා.

තමාද අදාළ රාජ්‍ය ඇමැතිවරයා ලෙස එම ගමනට සූදානමින් සිටින බවයි රත්වත්තේ මහතා පවසන්නේ.

එමෙන්ම, මැණික් කර්මාන්තය දියුණු කිරීමට නව වැඩපිළිවෙලක් ආරම්භ කර ඇති බවයි රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේ වැඩිදුරටත් සඳහන් කළේ.

මෙරටින් මෑතකදී හමුවූ විශාලතම මැණික ඇතුළු මැණික් ගල් එම මැණික් ගල් හිමිකරුවන්ගේද එකගත්වය ඇතිව කඩිනමින් විකිණීමට කටයුතු කරන්නැයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාද රාජ්‍ය ඇමති ලොහාන් රත්වත්තේ මහතාට පසුගියදා උපදෙස් දී තිබෙනවා.

රත්නපුර පැල්මඩුල්ල ප්‍රදේශයේ පෞද්ගලික පතලකින් හමුවූ එම මැණික මෙතෙක් ලොව හමුවූ විශාලතම ආරුනූල් සමූහය ලෙස සැලකෙනවා.


RECENT ARTICLES - SINHALA

අද අපි සිංහල අවුරුද්ද සමරන්නේ ජනපති නිසා – වජිර

පසුගිය වසර තුනක කාලයක් අලුත් අවුරුද්ද සැමරීමට ජනතාවට අවස්ථාව හිමි නොවු බව පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධන මහතා පවසනවා. නමුත් රටේ සියලු ජනතාවට මෙවර අලුත් අවුරුද්ද...

මහරගම බෝ ගසේ අත්තක් කඩා වැටී දෙදෙනෙකුට තුවාල

මහරගම නගරයේ පිහිටි බෝ ගසක අත්තක් කඩා වැටී තිබෙනවා. මෙයින් පුද්ගලයින් දෙදෙනෙකු තුවාල ලබා තිබෙන බව පොලිසිය පවසනවා. මේ හේතුවෙන් හයිලෙවල් මාර්ගයේ දැඩි රථවාහන තදබදයක් පවතින...

බාෂික් ව අත්අඩංගුවට ගැනීමට එරෙහි අතුරු තහනම් නියෝගය දීර්ඝ කෙරේ

පොලිස් මත්ද්‍රව්‍යනාශක කාර්යාංශය විසින් නදිම් බාෂික් නමැත්තකු අත්අඩංගුවට ගැනීම වළක්වාලමින් නිකුත්කර තිබෙන අතුරු තහනම් නියෝගය අප්‍රේල් 29 වනදා දක්වා තවදුරටත් දීර්ඝ කරන ලෙස අභියාචනාධිකරණය...

POPULAR ARTICLES

කංචන පොහොට්ටු රැස්විමේ යකා නටලා

ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ විධායක සභා රැස්වීමේදී අමාත්‍ය කංචන විජේසේකර මහතා සහ හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ උපදේශකයෙකු වූ එරන්ද ගිනිගේ මහතා අතර...

අද ඩොලරය

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (26) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රු. 297.63ක් ලෙස...

අරක්කු මිල පහළට?

එළඹෙන සිංහල හා හින්දු අලුත් අවුරුද්දට පෙර සුරා බද්ද අඩු කළහොත් ගල් අරක්කු බෝතලයක මිල අඩු කළ හැකි බව නිෂ්පාදන සමාගම් සුරාබදු දෙපාර්තමේන්තුවට දැනුම්...