ලංකා ප්‍රීමියර් ලීග් සිව්වැනි අදියර ජූලි 31 වැනිදා සිට අගෝස්තු 22 වැනිදා දක්වා පැවැත්වෙන බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනය කරනවා.
පසුගිය වර මෙන් මෙවරත් කණ්ඩායම් 5ක් තරගාවලියට එක්වනු ඇති.
මෙරට ජාත්‍යන්තර ක්‍රීඩාංගන තුනකදී තරග පැවැත්වෙන බවයි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනය කළේ.
සෑම කණ්ඩායමක්ම ක්‍රීඩකයින් 20 දෙනෙකුගෙන් සමන්විත වන අතර විදෙස් ක්‍රීඩකයින් 6 දෙනෙකු ඇතුලත් කර ගත හැකියි.
ජූලි හා අගෝස්තු කාලයේ දී තරගාවලිය පැවැත්වීම හරහා වැඩි විදෙස් ක්‍රීඩකයින් පිරිසක් තරගාවලියට එක් කරගැනීමට අවස්ථාව හිමිවන බවයි තරගාවලි අධ්‍යක්ෂ සමන්ත දොඩම්වල පවසන්නේ.