27.8 C
Colombo
Friday, April 26, 2024

ඉදිරියේදී “මේඩ් ඉන් ශ්‍රී ලංකා” වාහනත් නිපදවයි – විමල්

- Advertisement -

නිවැරදි පටිපාටියෙන් බැහැරව ශ්‍රී ලංකාව තුළ කිසිදු වාහන එකලස් කිරීමේ කටයුත්තකට ඉඩ නොතබන බව කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශ මහතා පවසනවා.

මෙරට තුල වාහන නිෂ්පාදනය, වාහන එකලස් කිරීමේ හා වාහන අමතර උපාංග නිෂ්පාදනය කිරීමේ කර්මාන්ත පිළිබඳ සම්මත මෙහෙයුම් පටිපාටියක් (Standard Operating Procedures) හෙවත් එම කර්මාන්ත ක්ෂේත්‍රයේ විශ්වාසයෙන් යුතුව ආයෝජනය කළ හැකි නිශ්චිත රාජ්‍ය ප්‍රතිපත්තිමය රාමුවක් කර්මාන්ත අමාත්‍යාංශය මගින් සකස් කර දී ඇති බවයි ඒ මහතා අවධාරණය කර සිටින්නේ.

එබැවින් වාහන නිෂ්පාදනයට හෝ එකලස් කිරීමට අදාළ වෙනත් කැබිනට් පත්‍රිකා ඉදිරිපත් කිරීමේ කිසිදු අවශ්‍යතාවක් පැන නොනගින බවත් අමාත්‍යවරයා වැඩිදුරටත් අවධාරණය කර සිටිනවා.

ශ්‍රී ලංකාව තුළ වාහන එකලස් කිරීමේ කර්මාන්තයෙහි ආයතන 11ක් මේ වන විට නිරතව සිටින බවත් මෙම ආයතන 11 විසින් මෝටර් සයිකල්, මෝටර් රථ මෙන්ම ලොරි රථ වැනි වාණිජ වාහන එකලස් කිරීමේ කටයුතු සිදු කරන බවත් ඉදිරියේදී “මේඩ් ඉන් ශ්‍රී ලංකා” වාහන නිපදවෙනු ඇතිබවත් ඔහු පවසනවා.

RECENT ARTICLES - SINHALA

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සිරිසේනගේ මැයි රැලිය ගම්පහ

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මැයි රැලිය, නිදහස් සේවක සංගමය ඇතුළු වෘත්තීය සමිති සංවිධානත්වයෙන් මැයි 1 වැනිදා ගම්පහ නගර සභා පිටියේදී පැවැත්වීමට කටයුතු යොදා ඇති...

මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව ඩිජිටල්කරණය කරන්න ඕන-බන්දුල ගුණවර්ධන

ගොඩ ගැසී ඇති සියලු ම රියදුරු බලපත් එළඹෙන අගෝස්තු මාසය වන විට නිකුත් කර අවසන් කරන බව ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන...

මත්පැන් හිඟ බදු මුදල් ගැන තීරණයක්

2023 වසරට අදාළව මත්පැන් නිෂ්පාදකයින්ගෙන් අයවිය යුතු හිඟ බදු මුදල් ජුනි මස 30 වනදා වනවිට අයකර ගැනීමට කටයුතු කරන ලෙස ක්‍රම හා විධි පිළිබඳ...

POPULAR ARTICLES

ජාතික ගීය අක්‍රමවත්ව ගායනා කළැයි උමාරාට වැඩවරදියි

ජාත්‍යන්තර තරඟාවලියකදී ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ දක්වා ඇති ආකාරයට පටහැනිව ජාතික ගීය ගායනා කිරීම සම්බන්ධව නීතිමය පියවර ගන්නා බව ස්වදේශ කටයුතු අමාත්‍යංශය...

ඩොලරය පහළට

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (24) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රු. 295.43ක් ලෙස...

අරගලයේ වෙනස අපි පටන් ගන්න සුදානම්-නාමල්

අරගල සමයේ සටන් පාඨය බවට පත්වූ ක්‍රම වෙනසක් ඇති කිරීම සිය පක්ෂය තුළින්ම ආරම්භ කිරීමට සූදානම් බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක, පාර්ලිමේන්තු...