29.1 C
Colombo
Friday, April 26, 2024

ඖෂධ ගබඩාවේ තිබූ සමහර බෙහෙත් වර්ග කලහකාරී ලෙස හැසිරුණු රැඳවියන් බීලා- බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක

- Advertisement -

මහර බන්ධනාගාර පරිශ්‍රය තුළ ඇති රෝහලේ ඖෂධ ගබඩාවේ තිබූ සමහර බෙහෙත් වර්ග කලහකාරී ලෙස හැසිරුණු රැඳවියන් භාවිතා කර ඇති බව බන්ධනාගාර කොමසාරිස් (පාලන) චන්දන එක්නායක මහතා පවසයි.

දෙසැම්බර් 01 දින පැවැති මාධ්‍ය හමුවකදී ඔහු මේ බව පැවසීය. තවද කලහකාරී ලෙස හැසිරුණු රැඳවියන් මහර බන්ධනාගාරය තුළ පිහිටි බොහෝ දේපලවලට හානි කර ඇති බවත් ඒ මහතා පැවසීය.

මහර බන්ධනාගාරය තුළ රැඳවියන් 2,750ක් සිටින බවත් ඉන් දඬුවම් ලැබූ රැඳවියන් සහ රිමාන්ඩ් රැඳවියන් 1600ක් පමණ වන බවත් ඔහු පැවසූ අතර නොවැම්බර් 29 වන දින ආහාර ගන්නා ස්ථානයේ දී රිමාන්ඩ් රැඳවියන් 1600ක පමණ පිරිස එකතු වී දොරවල් කඩාගෙන එළියට පැමිණ බන්ධනාගාරයේ ඉදිරිපිට දොරටුව ඉදිරිපිටට රැස්ව පීසීආර් පරීක්ෂණ සිදුකරන ලෙස ඉල්ලීම් කර ඇති බවත් ඔහු පැවසීය.

ඉන් අනතුරුව බන්ධනාගාර අධිකාරීවරයා හා තවත් නිලධාරීන් එම ස්ථානයට ගොස් සාකච්ඡා සිදුකර ඇති නමුත් රැඳවියන් නිලධාරීන්ට පහර දීමට වටකර ගෙන ඇති බවත් පසුව විශාල වශයෙන් ගල් හා පොලු ප්‍රහාර එල්ල කරමින් පැනයෑමට උත්සහ කළ බවත් එක්නායක මහතා පැවසීය.

ඒ අවස්ථාවේ දී අවවාද කළත් පාලනය කර ගැනීමට නොහැකි වු බැවින් රබර් උණ්ඩ යොදා වෙඩි තැබූ අතර, පසුව යම් බලයක් යොදා එම තත්ත්වය පාලනය කිරීමට සිදුවු බවත් පැවසු ඒ මහතා බන්ධනාගාර බෙහෙත් ගබඩාවේ තිබු මානසික රෝග සඳහා පාවිච්චි කරන බොහෙත් සහ අනෙකුත් සියලු පෙති වර්ග රැඳවියන් පානය කර ඇතැයි ද ඒ මහතා කියා සිටියේය.

ඉන් අනතරුව ඔවුන් වඩාත් ප්‍රචණ්ඩව හැසිරුණු බවත් පසුව ඔවුනොවුන් කලහකාරී ලෙස හැසිරෙමින් බන්ධනාගාරය තුළ විශාල හානියක් සිදුකළ බවත් ඒ මහතා පැවසීය.

අදාළ සිද්ධියෙන් බන්ධනාගාරයට සිදුව ඇති හානිය පිළිබදව තක්සේරු කිරීම සඳහා වෙනම කමිටුවක් පත්කර ඇති බව ද චන්දන ඒකනායක මහතා සඳහන් කළේය.

මේ අතර, මෙම මාධ්‍ය සාකච්ඡාවේ දී අදහස් දැක්වු පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පැවසුවේ,  එම ගැටුම්කාරී තත්ත්වය ඇති කිරීමට මුල් වී ඇත්තේ මත්ද්‍රව්‍ය සම්බන්ධයෙන් චෝදනා එල්ල වී ඇති රිමාන්ඩ් රැඳවියන් බවය.

එසේම ඖෂධ ගබඩාවේ මානසික ආතතියට සහ නිද්‍රාජනක ඖෂධ පෙති 21,000 පමණ තිබී ඇති බවත්, එම පෙති රැඳවියන් විසින් භාවිත කර ඇති බවත් දැනට තුවාල ලබා රෝහල්ගත කර සිටින සමහර රැඳවියන් ඒ හේතුවෙන් ව්‍යකූලත්වයෙන් හැසිරෙන බවත්ය. එමෙන්ම ඖෂධ පෙති මෙපමණ ප්‍රමාණයක් එම බන්ධනාගාර රෝහලට ගෙන ආවේ කුමන හේතුවක් මත ද යන්න පිළිබඳවත් පරීක්ෂණයක් පැවැත්වීමට නියමිත බව ඔහු පැවසීය.

මේ අතර මහර බන්ධනාගාරයේ සිටි රැඳවියන් 187 දෙනෙකු කොළඹ රිමාන්ඩ් බන්ධනාගාරයේ විශේෂිත ස්ථානයක් වෙත රැගෙන ආ බවත් ඔහු වැඩිදුරටත් පැවසීය.

මහර බන්ධනාගාරයේ සිදුවූ අදාළ සිද්ධියට මහර බන්ධනාගාරයේ වෛද්‍යවරයෙකු සම්බන්ධ වී ඇති බවට සිදුකළ මූලික විමර්ශනවලින් අනාවරණය වී ඇති බවත් ඒ මහතා පැවසීය.

මේ වන විට රෝහල්ගතව සිටින රැඳවියන් අතරින් රැඳවියන් 38 දෙනෙකු කොවිඩ් නයින්ටීන් වෛරස ආසාදිතයින් ලෙස හඳුනාගෙන ඇති බව වෛද්‍ය සරත් ප්‍රේමසිරි මහතා පැවසීය.

RECENT ARTICLES - SINHALA

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සිරිසේනගේ මැයි රැලිය ගම්පහ

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මැයි රැලිය, නිදහස් සේවක සංගමය ඇතුළු වෘත්තීය සමිති සංවිධානත්වයෙන් මැයි 1 වැනිදා ගම්පහ නගර සභා පිටියේදී පැවැත්වීමට කටයුතු යොදා ඇති...

මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව ඩිජිටල්කරණය කරන්න ඕන-බන්දුල ගුණවර්ධන

ගොඩ ගැසී ඇති සියලු ම රියදුරු බලපත් එළඹෙන අගෝස්තු මාසය වන විට නිකුත් කර අවසන් කරන බව ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන...

මත්පැන් හිඟ බදු මුදල් ගැන තීරණයක්

2023 වසරට අදාළව මත්පැන් නිෂ්පාදකයින්ගෙන් අයවිය යුතු හිඟ බදු මුදල් ජුනි මස 30 වනදා වනවිට අයකර ගැනීමට කටයුතු කරන ලෙස ක්‍රම හා විධි පිළිබඳ...

POPULAR ARTICLES

ජාතික ගීය අක්‍රමවත්ව ගායනා කළැයි උමාරාට වැඩවරදියි

ජාත්‍යන්තර තරඟාවලියකදී ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ දක්වා ඇති ආකාරයට පටහැනිව ජාතික ගීය ගායනා කිරීම සම්බන්ධව නීතිමය පියවර ගන්නා බව ස්වදේශ කටයුතු අමාත්‍යංශය...

ඩොලරය පහළට

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (24) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රු. 295.43ක් ලෙස...

අද ඩොලරය

මහ බැංකුව අද නිකුත් කළ විනිමය අනුපාතයන්ට අනුව ඩොලරයේ විකුණුම් මිල රුපියල් 306.45 ක් ලෙස දැක්වුණා. එහි ගැණුම් මිල සටහන්ව තිබුණේ රුපියල් 297 ක් ලෙසයි. එමෙන්ම,...