මහර බන්ධනාගාරයේ ඇති වූ ගැටුමෙන් මියගිය රැඳවියන් 11 දෙනාගෙන් 9 දෙනෙකුට කොවිඩ් 19 වෛරසය ආසාදනය වී තිබු බවට අනාවරණය වී ඇති බවට රාගම රෝහලේ අධ්‍යක්ෂවරයා සඳහන් කරනවා.
ඊයේ (01) සිදුකළ PCR පරීක්ෂණවලින් මේ පිළිබඳව තහවුරු වූ තිබෙනවා.
පසුගිය 29 වන දින මහර බන්ධනාගාරයේ රැඳවියන් පිරිසක් නොසන්සුන්කාරී ලෙස හැසිරීම අතරතුර ඇතිවූ කළහකාරී සිදුවීමෙන් රැදවියන් 11 දෙනෙකු මියගොස් තිබුණා.
එහිදී තුවාල ලබා රෝහල් ගත කළ රැදවියන්ගෙන් 38 දෙනෙකුටද මේ වන විට කොවිඩ් 19 වෛරසය ආසාදනය වී ඇති බවට මීට පෙර හදුනාගැනුනා.
මෙම සිදුවීමෙන් රැදවියන් 106 දෙනෙකු සහ බන්ධනාගාර නිලධාරීන් දෙදෙනෙකු තුවාල ලැබුවා.
- චීන නැව නැංගුරම් ලෑම කල් දාන්නැයි ශ්‍රී ලංකාව චීනයෙන් ඉල්ලයි!
- හදිසි නිතිය වහාම ඉවත් කරන්න..! – සජිත්ගෙන් ජනපතිට ඉල්ලීමක්
- විනාශ වූ තට්ටු දෙකේ නිවාස වෙනුවට මන්ත්රීවරුන්ට තට්ටු 3ක නිවාස..! – වජිර
- රනිල්ට ජපන් අගමැතිගෙන් සහ ජගත් මහලේකම්ගෙන් සුභ පැතුම්
- වත්තල – දික්ඕවිට වෙරළෙත් මළසිරුරක්