24 C
Colombo
Monday, December 11, 2023

මහර සමුලඝාතනය ඇසින් දුටු සාක්ෂි හෙළි කර ගැනීම රජය පියවර ගත යුතුයි

- Advertisement -

රැඳවියන් 11 දෙනෙකු ඝාතනය කර තවත් රැඳවියන් 100 දෙනෙක් අදික පිරිසකට තුවාල සිදු කළ මහර බන්ධනාගාරයේ සමුලඝාතනය ඇසින් දුටු සාක්ෂි හෙළි කර ගැනීම සඳහා රජය වහාම පියවර ගත යුතු බව සිරකරු අයිතිවාසිකම් සුරැකීමේ කමිටුවේ පවසයි.

එහි සභාපති නීතිඥ සේනක පෙරේරා එම යෝජනාව රජයට ඉදිරිපත් කලේ 2020 ජනවාරි 3 ඉරිදා කොළඹදී පැවැති මාධ්‍ය සාකච්ඡාවකදීය.

මහර බන්ධනාගාරයේ ඇති වු ගැටුම ඇසින් දුටු සාක්ෂිකාර රැඳවියන්ට තම සාක්ෂි ඉදිරිපත් කිරීමට හා පැමිණිලි කිරීමට සිදුව ඇත්තේ අපරාධකරුවන් වෙතම බවද සේනක මහතා පැවසීය.

එම ගැටුමේදී පොදු දේපල වලට හානි සිදු කළ බවට චෝදනා ගොනු කරමින් රැඳවියන්ට නඩු පැවරීම හරහා සාක්ෂිකරුවන්ට බලපෑම් සිදු නොකළ යුතු බවත් ඒ මහතා පැවසීය.

සිද්ධිය ඇසින් දුටු සාක්ෂිකරුවන්ට බන්ධනාගාරය තුලදී විවිධ වධ හිංසන එල්ල වන බවත් සිරකරු අයිතිවාසිකම් සුරැකීමේ කමිටුවේ ලේකම් සුදේශ් නන්දිමාල් සිල්වා එහිදී පැවසීය.

තවද මහර ගැටුමෙන් දැඩි ලෙස තුවාල ලැබු චානක නාමල් කීර්තිරත්න නම් රැඳවියකු මේ වන විට කෝමා තත්වයේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබන බවය.

RECENT ARTICLES - SINHALA

වැට් බදු පනත් කෙටුම්පත අද යළිත් පාර්ලිමේන්තුවට

වැට් බදු සංශෝධන පනත් කෙටුම්පත අද (11) දිනයේ සම්මත කර ගැනීමට නොහැකි වුවහොත් ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ දෙවන ණය වාරිකය සහ ලෝක බැංකුව මඟින් ලබාදෙන...

AI තාක්ෂණයට ඉතිහාසයේ වැඩිම මුදල අයවැයෙන් වෙන් කළා- ජනාධිපති රනිල්

කෘත්‍රීම බුද්ධිය හෙවත් AI තාක්ෂණය මෙරටට ගෙන ඒමට සහ විද්‍යාත්මක හා තාක්ෂණ පර්යේෂණ කටයුතු ඉදිරියට ගෙන යාම වෙනුවෙන් මෙරට ඉතිහාසයේ වෙන් කළ වැඩිම මුදල...

වැට් බදු සංශෝධන පනත් කෙටුම්පත යළි හෙට පාර්ලිමේන්තුවට

පාර්ලිමේන්තුවට අද (10) දින ඉදිරිපත් කර සම්මත කිරීමට නියමිතව තිබූ වැට් බදු පනත් සංශෝධන පනත් කෙටුම්පත යලි හෙට (11) දිනයේදී පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර සම්මත...

POPULAR ARTICLES

රට පුරා විදුලිය විසන්ධි වෙයි

මේ වන විට ලංකාව පුරා හදිසි විදුලිය බිඳ වැටීමක් සිදුව ඇති බව විදුලිබල මණ්ඩලයේ මාධ්‍ය ප්‍රකාශක ඉංජිනේරු නොයෙල් ප්‍රියන්න මහතා  පවසනවා. පද්ධතියේ ඇතිවී තිබෙන දෝෂයක්...

අර්ජුනගෙන් අලුත් සන්ධානයක්

දූෂිතයින්ගෙන් සහ වංචාකාරීන්ගෙන් තොර නව සන්ධානයක් බිහි කරන බව ශ්‍රී ලංකා කණ්ඩායමේ හිටපු ක්‍රිකට් නායකයෙකු වන අර්ජුන රණතුංග පවසනවා. ඔහු මේ බව කියා සිටියේ, අස්ගිරි...

රාජ්‍ය සේවකයින්ට විශේෂ අත්තිකාරම් මුදලක්

ලබන වසර සඳහා රාජ්‍ය නිලධාරීන්ට විශේෂ අත්තිකාරම් මුදලක් ලබාදීමට රජය තීරණය කර තිබෙනවා. රාජ්‍ය පරිපාලන හා ස්වදේශ කටයුතු අමාත්‍යංශය සඳහන් කළේ, ඒ අනුව රුපියල් 4,000ක...