30.1 C
Colombo
Friday, April 26, 2024

මෛත්‍රීපාල සිරිසේන කියන්නේ කිසිම ප්‍රතිපත්තියක් නැති මනුස්සයෙක්

- Advertisement -

හිටපු ජනපති මෛත්‍රීපාල සිරිසේන යනු කිසිම ප්‍රතිපත්තියක් නැති අයෙක් බව කාන්තා හා ළමා සංවර්ධන,පෙර පාසල් හා ප්‍රාථමික අධ්‍යාපන පාසල් යටිතල පහසුකම් හා අධ්‍යාපන සේවා රාජ්‍ය අමාත්‍ය පියල් නිශාන්ත මහතා පවසනවා.

ඒ, ඊයේ (13) සිය රාජ්‍ය අමාත්‍යංශයේදී පැවති මාධ්‍ය හමුවක් අමතමින්.

ඔහුගේ දියණිය ලියූ ‘ජනාධිපති තාත්තා’ කෘතිය කියවන ඕනෑම කෙනෙකුට ඒ බව තහවුරු කරගත හැකි බවයි රාජ්‍ය අමාත්‍යවරයා පවසන්නේ.

ආණ්ඩුව නියෝජනය කරන සියලු සාමාජිකයන් සියලු ප්‍රශ්න සාකච්ඡා කර විසඳා ගත යුතු බව පෙන්වා දෙන පියල් නිශාන්ත මහතා පවසන්නේ එසේ කටයුතු කළ නොහැකි නම් ආණ්ඩුවෙන් ඉවත්ව යා යුතු බවයි.

කශේරුකවක් තිබේ නම් කශේරුකාවක් තිබෙන බව පෙන්විය යුතු බවත් ඒ සදහා බෝක්කු උඩ, පාලම් උඩ කතා නොකොර ආණ්ඩුවේ කන්ඩායම් රැස්වේම්වල කෙලින් කතා කළ යුතු බවත් රාජ්‍ය අමාත්‍ය පියල් නිශාන්ත මහතා පවසනවා.

වසර හයක කාලයක් සඳහා බලයට පත් වූ ආණ්ඩුවට කොවිඩ් අර්බුදය හේතුවෙන් වසර දෙකක් සම්පූර්ණයෙන් අපතේ හැරීමට සිදු වූ බවත්, ඉදිරි කාලය තුළ ජනතා බලාපොරොත්තු ඉටු කිරීමට මිස එක් එක් පුද්ගලයන් සිදු කරන පදනම් විරහිත චෝදනා, විවේචන පිළිබඳව සොයා බලමින් කාලය කා දැමීමට නොහැකි බවත් ඔහු පවසනවා.

RECENT ARTICLES - SINHALA

ආයුර්වේද ඖෂධ නිෂ්පාදන නියාමනයට අලුත් සභාවක්

ශ්‍රී ලාංකීය ජනතාවගේ මෙන්ම සමස්ථ ලෝවාසී ජනතාවගේ නීරෝගී සුවය උදෙසා ගුණාත්මක තත්ත්වයෙන් උසස් ආයුර්වේද ඖෂධ නිෂ්පාදන ක්‍රියාවලියක් වෙනුවෙන් ආයුර්වේද ඖෂධ නිෂ්පාදන නියාමන සභාව පත්කිරීම...

කොකුවිල් දුම්රිය ස්ථානයට සීල් තියලා

යාපනය කොකුවිල් දුම්රිය ස්ථානයේ ප්‍රවේශපත්‍ර අලෙවි කිරීමෙන් ලද ආදායමෙන් රුපියල් ලක්ෂ විසි හතරක මුදලක් වංචා වීමත් සමගම දුම්රිය විමර්ශන නිලධාරීන් විසින් කොකුවිල් දුම්රිය ස්ථානයට...

සාමාන්‍ය පෙළ නැවත සමීක්ෂණ ප්‍රතිඵල ගැන දැනුම්දීමක්

සාමාන්‍ය පෙළ නැවත සමීක්ෂණ ප්‍රතිඵල මෙවර සාමාන්‍ය පෙළ විභාගයට පෙර නිකුත් කරන බව අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේම්ජයන්ත මහතා පවසනව. ඔහු අද (26) පාර්ලිමේන්තුවේදී සඳහන්...

POPULAR ARTICLES

ඩොලරය පහළට

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (24) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රු. 295.43ක් ලෙස...

ජාතික ගීය අක්‍රමවත්ව ගායනා කළැයි උමාරාට වැඩවරදියි

ජාත්‍යන්තර තරඟාවලියකදී ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ දක්වා ඇති ආකාරයට පටහැනිව ජාතික ගීය ගායනා කිරීම සම්බන්ධව නීතිමය පියවර ගන්නා බව ස්වදේශ කටයුතු අමාත්‍යංශය...

සාපෙළ විභාගය ගැන විශේෂ දැනුම්දීමක්

මෙවර අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය ඉලක්ක කරගනිමින් සිදුකෙරෙන උපකාරක පංති, සම්මන්ත්‍රණ පැවැත්වීම ලබන 30 වැනිදා මධ්‍යම රාත්‍රී සිට අත්හිටුවන බව විභාග...