30 C
Colombo
Thursday, May 2, 2024

තල්මස් වමනය සමඟ අයෙක් අත්අඩංගුවට

- Advertisement -

කෝටි පහකට අධික ඇම්බර්ග්‍රිස් හෙවත් තල්මස් වමනය ලෙස හැදින්වෙන වටිනා ද්‍රව්‍ය ළඟ තබාගත් පුද්ගලයෙකු නියදගල – පන්නිපිටිය ප්‍රදේශයේදී පොලිස් විශේෂ කාර්ය බලකාය අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ මීගොඩ ප්‍රදේශයේ පදිංචි 31 හැවිරිදි පුද්ගලයෙක්.

ඊයේ (20) සිදුකළ මෙම වැටලීමේදී සැකකරු සතුව තිබී ඇම්බර්ග්‍රිස් කිලෝ 14 යි ග්‍රෑම් 300 ක් සොයාගෙන ඇති බව පොලීසිය සදහන් කරනවා.

ලොව මිල අධිකම සුවඳ විලවුන් නිපදවීම සඳහා ඇම්බර්ග්‍රිස් යොදාගනු ලබනවා.

ඇම්බර්ග්‍රිස් සෑදී ඇත්තේ තල්මසුන්ගේ බඩවැල්වල ආශ්‍රිතව ඇති පිත්තාශයේ ශ්‍රාවය සහ තල්මස් ශුක්‍රාණුවලින් වන අතර ඒවා ඇතැම්විට වෙරළට ගසාගෙන විත් හෝ මුහුදේ පාවෙමින් තිබියදී ඉතා කලාතුරකින් හමුවනවා.

එය ඉතාමත් විරලවීම නිසාවෙන් තල්මසුන් දඩයම් කර ඇම්බර්ග්‍රිස් ලබාගැනීම හේතුවෙන් තල්මසුන් වඳවීමේ තර්ජනයටද මුහුණපා තිබෙනවා.

ඉතා හොඳ තත්ත්වයේ ඇම්බර්ග්‍රිස් කිලෝවක් ඇමරිකානු ඩොලර් 27000 ක් හෙවත් රුපියල් ලක්ෂ 85 ක් පමණ වනවා.

RECENT ARTICLES - SINHALA

බදුල්ලට ගිය කැලිප්සෝ

මෙම වසරේ ජනවාරි 05 වනදා සිට බදුල්ල - බණ්ඩාරවෙල අතර නව විශේෂ සංචාරක දුම්රියක් හඳුන්වාදීමට දුම්රිය දෙපාර්තමේන්තුව කටයුතු කර තිබුණා. එය නම් කර ඇත්තේ "කැලිප්සෝ"...

කටුනායක සිදුවිමේ සමාගම ගැන ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලයෙන් පැහැදිලි කිරිමක්

කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළ තුළ ඊයේ (01) ඇතිවූ තත්ත්වය ට සම්බන්ධ සමාගම සහ ඉන්දියාව අතර කිසිඳු සම්බන්ධයක් නොමැති බව ශ්‍රී ලංකාවේ ඉන්දීය මහ කොමසාරිස්...

ගෑස් මිලේ වෙනසක්?

ගෘහස්ත ගෑස් සිලින්ඩරයක මිල පහළ දැමීමට තීරණය කර ඇති බව ලිට්‍රෝ ගෑස් සමාගම පවසනවා. එම සමාගමේ සභාපති මුදිත පීරිස් මහතා සඳහන් කළේ අදාළ මිල ගණන්...

POPULAR ARTICLES

සාමාන්‍ය පෙළ සිසුන්ට විශේෂ දැනුම්දීමක්

අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය පැවැත්වීම සඳහා අවශ්‍ය සියලු කටයුතු මේ වන විට සූදානම් කර ඇති අතර වර්ෂාවත් සමඟ හදිසි ආපදා තත්ත්වයන්...

අද පෑලියගොඩ එළවළු තොග මිල මෙන්න

අද (30) දිනයේ දී පෑලියගොඩ මැනිං වෙළෙඳ සංකීර්ණයේ එළවළු කිලෝවක තොග මිල මෙලෙස සඳහන්ව තිබුණා. කැරට් රු 150, බෝංචි රු 200, ලීක්ස් රු 150, බීට්...

පැදුරු පාටිය ඉල්ලා ASP නඩු මඟට?

TNL රූපවාහිනී නාලිකාවේ විකාශනය වූ “ASP පැදුරු පාටිය” නැමති වැඩසටහනේ විකාශන කටයුතු හදිසියේ නැවතීම සම්බන්ධයෙන් TNL සහ Supreme මාධ්‍ය ආයතනයට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගන්නා...