32 C
Colombo
Saturday, April 20, 2024

අටුලුගම දී සෞඛ්‍ය නිලධාරීන්ට කෙළ ගැසූ පුද්ගලයාට වසර 6ක සිර දඬුවම්

- Advertisement -

2020 දෙසැම්බර් 02 වැනිදා අටුලුගම දී සෞඛ්‍ය නිලධාරීන්ට කෙළ ගැසූ පුද්ගලයාට අධිකරණයෙන් දඬුවම් දී තිබේ.

ඒ අනුව එම පුද්ගලයාට වසර 2ක් බැගින් චෝදනා තුනක් යටතේ වසර 6ක සිරදඬුවම් සහ රුපියල් 10,000ක දඩ නියම කළ බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසා සිටියි.

කොවිඩ් -19 ආසාදිතයෙක් ලෙස එම පුද්ගලයාව හඳුනාගැනීමෙන් අනතුරුව ඔහුව ප්‍රතිකාර මධ්‍යස්‌ථානයකට රැගෙන යෑමට මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු දෙදෙනෙක් හා තවත් සෞඛ්‍ය නිලධාරීන් දෙදෙනෙකුගේ ගොස් තිබේ.

එහිදී එම පුද්ගලයා ඔවුන්ගේ රාජකාරියට බාධා කරමින් කෙළ ගසා ඇත.

මේ පිළිබඳ වැඩිදුරටත් අදහස් දැක්වු පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා,

“මේ සම්බන්ධව අදාළ පුද්ගලයා ප්‍රතිකාර ලැබීමෙන් අනතුරුව නඩු පැවරීම සිදුකළා පානදුර අධිකරණයේ දී ඒ අනුව ඔහුට විරුද්ධව චෝදනා 8ක් යටතේ බණ්ඩාරගම පොලීසිය විසින් නඩු පවරා තිබෙනවා. රජයේ නිලධාරියෙකුගේ රාජකාරියෙකුට බාධා කිරීම, සාපරාධී බලහත්කාරය පෑම, නිරෝධායන නියෝගයකට අවනත නොවීම, රජයේ නිලධාරියෙකුගේ නියෝගයකට අවනත නොවීම ආදි චෝදනා යටතේ මොහුට විරුද්ධව නඩු පවරනු ලැබුවා. අද දිනයේ දී අධිකරණය විසින් ඔහුගේ වරද පිළිගැනීම මත අදාළ පුද්ගලයා  වරදකරු බවට පත්කර තිබෙනවා.

මේ සියලු කරුණු සලකා බලා චෝදනා තුනකට වසර 2 බැගින් වු සිරදඬුවම් නියම කර තිබෙනවා. ඒ වගේම මීට රුපයල් 10,000 දඩයක් ද නියම කර තිබෙනවා. ඒ අනුව එම පුද්ගලයා බන්ධනාගාරය විසින් රැගෙන ගොස් තිබෙනවා. “

RECENT ARTICLES - SINHALA

නැවෙන් එන සංචාරකයින්ට ඔන්ලයින් වීසා

නැව් මාර්ගයෙන් මෙරට සංචාරය කරන මගීන් සඳහාද නව මාර්ගගත(Online) වීසා ක්‍රමවේදයක් හඳුන්වා දෙන බව ආගමන විගමන දෙපාර්තමේන්තුව පවසනවා.   එහි අතිරේක පාලක ජනරාල් නිමල් ගුණවර්ධන...

විශේෂඥ වෛද්‍යවරු 350ක් රට හැර ගිහින්

රජයේ රෝහල්වල විශේෂඥ වෛද්‍යවරුන් 350 දෙනකු මෑත භාගයේදී රට හැර ගොස් ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශයේ විශේෂඥ වෛද්‍යවරුන් කණ්ඩායමක් කළ අධ්‍යයනයකදී හෙළිවී ඇති බවට පුවතක් ‘ලංකාදීප’...

ට්‍රම්ප්ට එරෙහි නඩු විභාගය අතරතුර පුද්ගලයෙක් ගිනිතබා ගනී

හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ට එරෙහි නඩු විභාගය පැවැත්වෙන මෑන්හැටන් අධිකරණය ඉදිරිපිටදී පුද්ගලයෙකු ගිනි තබාගෙන තිබෙනවා. විදෙස් වාර්තා සඳහන් කළේ, ඔහු දියරයක් ඇඟට ගල්වා ගනිමින්...

POPULAR ARTICLES

සාමාන්‍ය පෙළ සිසුන්ට විශේෂ දැනුම් දීමක්

2023 /24 අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටින සිසුන් සඳහා විභාග ප්‍රවේශ පත්‍ර නිකුත් කිරීම ලබන සතියේ ආරම්භ කරන බව විභාග...

ඊශ්‍රායලයෙන් ඉවත් වෙන්නැයි ඕස්ට්‍රේලියානුවන්ට නිවේදනයක්

ඉරානය වෙත ඊශ්‍රායලය ප්‍රහාර මාලාවක් දියත් කිරීමත් සමඟ ඊශ්‍රායලයේ වෙසෙන සිය වැසියන්ට එරටින් ඉවත් වෙන ලෙස ඕස්ට්‍රේලියාව අනතුරු ඇඟවීමක් නිකුත් කර තිබෙනවා. ඊශ්‍රාලයෙන් ඉවත් වීම...

අද ඩොලරය

ශ්‍රී ලංකාවේ වාණිජ බැංකුවල එක්සත් ජනපද ඩොලරයේ අගයට සාපේක්ෂව අද (17) දිනයේ ශ්‍රී ලංකා රුපියල සුළු වශයෙන් අවප්‍රමණය වී තිබෙනවා. ඒ අනුව, අද...