වේග පන්දු යවන ක්‍රීඩක මතීෂ පතිරණට මෙවර ලෝක කුසලානයෙන් ඉවත්වීමට සිදුව තිබෙනවා.
ඒ ඔහුගේ ආබාධ තත්වය සුව නොවීම හේතුවෙන් බවයි වාර්තා වන්නේ.
ශ්‍රී ලංකා සංචිතයෙන් මතීෂ පතිරණ නිදහස් කරන ලෙස අයි සී සී තාක්ෂණික කමිටුවෙන් ඉල්ලීමක් ද කර තිබෙනවා.
ඒ අනුව මතීෂ වෙනුවට සංචිතයට මැතිව්ස් හෝ චමීරගෙන් අයෙකු කැදවීමට නියමිත අතර බොහෝ විට මතීෂ වෙනුවට දුෂ්මන්ත චමීර සංචිතයට ආදේශ කරනු ඇති බවයි වාර්තා වන්නේ.