මාවනැල්ල – හිඟුල ප්‍රදේශයේ කොළඹ – නුවර මාර්ගය අසල ඉදිකර ඇති බුද්ධ ප්‍රතිමාවක වීදුරු ආවරණයට හානි කිරීමේ සිදුවීමක් සම්බන්දයෙන් මාවනැල්ල පොලීසිය මේ වන විට පරීක්ෂණයක් ආරම්භ කර තිබෙනවා.
පොලීසිය සදහන් කරන්නේ ප්‍රතිමාවේ ආවරණයට ගලක් විසිකිරීමෙන් සිදුකරන ලද හානියක් බවට මේ වන විට පෙනී යන බවයි.
කෙසේ වෙතත් අදාල බුද්ධ ප්‍රතිමාවට කිසිදු හානියක් සිදුව නැහැ.
මෙම බුද්ධ ප්‍රතිමාවේ වීදුරු ආවරණය අද (29) දින යළි ප්‍රතිසංස්කරණය කිරීමට නියමිතයි.
මීට පෙර අවස්ථාවකද මාවනැල්ල ප්‍රදේශයේ බුද්ධ ප්‍රතිමා කිහිපයකටම හානි කිරීමේ සිදුවීම් රැසක් වාර්තා වුණා.
ඒ 2018 වසරේ දෙසැම්බර් මාසයයේ 22 හා 25 අතර කාලයේදීයි.
- සර්ව පාක්ෂික හමුවේ දී රනිල් සහ ගෙවිඳු ගැටෙයි
- ඡන්ද අපේක්ෂකයෙකුගේ පියෙක්ට පහර දුන් පිරිස සොයා පොලිස් විමර්ශන
- රනිල් රටේ ප්‍රශ්ණ භාගයක් විසඳා අවසන් – ඉතිරි භාගයත් විසඳනවා – සමන් රත්නප්‍රිය
- මානව හිමිකම් කොමිසම විදුලි බලධාරීන් එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයට
- BREAKING – පාර්ලිමේන්තුව වාර අවසාන කිරීමේ සුදානමක්?