29 C
Colombo
Thursday, May 16, 2024

රනිල්ගේ ප්‍රකාශයට මැදගොඩ හිමිගේ විරෝධය

- Advertisement -

හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ධුර කාලයෙන් කොටසක් ගෙන යන ජනාධිපතිවරයෙකුට පුරාවිද්‍යා වටිනාකමක් ඇති ස්ථාන වෙනස් කිරීම කිසිඳු අයිතියක් නොමැති බව මහාචාර්ය මැදගොඩ අභයතිස්ස හිමියෝ පවසනවා.

උන් වහන්සේ මේ බව කියා සිටියේ ඊයේ (13) මහනුවරට පැමිණ මල්වතු අස්ගිරි මහනාහිමිවරුන් බැහැදැකීමෙන් අනතුරුව මාධ්‍ය හමුවේ අදහස් දක්වමින්.

මේ සම්බන්ධයෙන් හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වහාම ප්‍රකාශයක් සිදුකළ යුතු බවයි මැදගොඩ හිමියන් වැඩිදුරටත් සඳහන් කළේ.

“2015 වසරේදී මෛත්‍රීපාල සිරිසේන මහතා ජනාධිපති කරවාගෙන සිදු කිරීමට සැරසුන ක්‍රියාවන් නැවැත්වීමටයි හැට නව ලක්ෂයක් ඡන්ද වලින් 2019 වසරේ දී ජනතාව විසින් ගෝඨාභය රාජපක්ෂ මහතා ජනාධිපති කළේ.

රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා කියනවා කුරුන්දි විහාරයට මෙතරම් ඉඩම් ප්‍රමාණයක් කොහෙන්ද මහා විහාර වලටවත් මෙතරම් ඉඩම් ප්‍රමාණයක් නැහැ කියලා.

ජනාධිපතිවරයා කොහොමද ඒක තීරණය කරන්නේ. පුරාවස්තු විසිරී තිබෙන ඉඩ ප්‍රමාණය අනුවයි එය තීරණය විය යුත්තේ. ජනාධිපතිවරයා කියන ඔය මහා විහාරයට අක්කර දහස් ගණනක් තිබෙනවා. ඊට අනුපාතයක් හැටියට අනෙක් විහාර කුඩා විය යුතුයි කියා ජනාධිපතිවරයාට තීරණය කළ නොහැකියි.

මේ ඉඩකඩම් උතුරු නැගනහිර ඡන්ද බලාගෙන බෙදුම්වාදීන්ට කප්පම් වශයෙන් දීමට අපි ඉඩකඩ තියන්නේ නැහැ. ජනාධිපතිවරයා පසුගියදා පුරාවිද්‍යා කොමසාරිස් ජනරාල්වරයා පසකින් තබාගෙන ඉතාමත් වැරදි ප්‍රකාශයක් කරමින් පුරාවිද්‍යාත්මක උරුමයන් ඇති ස්ථාන සංරක්ෂණය කිරීමේ දී පෞද්ගලික ධන පරිත්‍යාග භාවිත නොකරන ලෙස උපදෙස් දී තිබුණා.

නමුත් මෙරට බොහෝ පුරාවිද්‍යාත්මක වටිනාකමක් පුරා විද්‍යාත්මක වටිනාකමක් ඇති ස්ථාන සංරක්ෂණය කිරීම සඳහා මේ වන තුරු යොදාගෙන ඇත්තේ පෞද්ගලික ධන පරිත්‍යාගයෙන්. රජයේ ප්‍රතිපාදන ලබාගෙන මේවා සංවර්ධනය කිරීමට බලා සිටිය හොත් එය කිසිදා සිදු නොවන දෙයක්.

බුදුරජාණන් වහන්සේගේ කේශධාතු තැන්පත් කොට ගොඩනගන ලද ගිරිහඬු සෑය ජනාධිපතිවරයා විසින් හැඳින්වූයේ ප්‍රදීපාගාරයක් වශයෙනුයි. ජනාධිපතිවරයාට එය ප්‍රදීපාගාරයක් උනාට එය බෞද්ධයන්ට ඉතා වැදගත් ස්ථානයක්”

RECENT ARTICLES - SINHALA

පොල්ලකින් පහරදී තරුණයෙක් ඝාතනය කෙරේ

හෝකන්දර - හොරහේන ප්‍රදේශයේ නිවසක් තුළ දී තරුණයෙකුට පහරදී ඝාතනය කර තිබෙනවා. ඊයේ (15) රාත්‍රී 7.30ට පමණ එම අනතුර සිදුව ඇති බව වාර්තා වනවා. පුද්ගලයකු විසින්...

විජේදාසට එරෙහි දුමින්දගේ පෙත්සම ප්‍රතික්ෂේප වෙයි

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ වැඩ කිරීමට බාධා කිරීම වළක්වාලන අතුරු තහනම් නියෝගයක් ඉල්ලා වැඩබලන මහ ලේකම් දුමින්ද දිසානායක මහතා කොළඹ දිසා අධිකරණය හමුවේ ගොනු...

මෛත්‍රීට එරෙහිව අල්ලස් කොමිසමට පැමිණිල්ලක්

හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට එරෙහිව අල්ලස් කොමිසම වෙත පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබෙනවා. ශ්‍රීලනිප හිටපු විධායක සභිකයෙකු වන මොන්ටේගු සරච්චන්ද්‍ර මහතා අල්ලස් කොමිසමට ලිපියක් යොමු...

POPULAR ARTICLES

කුලී කාමරවලට පනින්නත් දේශබන්දුගෙන් සුදානමක්

දිවයින පුරා ඇති නිවාස සහ කාමර කුලියට ගෙන පදිංචිව සිටින අය පිළිබඳව සොයා පොලිසිය විසින් මෙහෙයුමක් ආරම්භ කර තිබෙන බව වාර්තා වෙනවා.නිවෙස් සහ කාමරවල...

අනුර කුමාර ජවිපෙ සාමාජිකයෙක් බව කියන්න බැහැ, ඔහු මටත් වඩා බාලයි – කමල් අද්දරආරච්චි

71 කැරැල්ලේදී සිදුවූ ඇතැම් සිදුවීම් සහ ඉන් පසුව ජනතා විමුක්ති පෙරමුණේ ගිණුමට බැර කරමින් සිදුකළ ඇතැම් අපරාධ සම්බන්ධයෙන් ජනතා විමුක්ති පෙරමුණට චෝදනා එල්ල කිරීම...

යුධ පිටියක් වු කටුගස්තොට

කටුගස්තොට නගරය ආසන්නයේ විවෘත කිරීමට නියමිතව තිබූ මත්ස්‍ය වෙළෙඳ සැළකට කඩා වැදුණු අවිගත් කණ්ඩායමක් ගොඩනැගිල්ලට සහ වාහන දෙකකට පහර දී දැඩි අලාභහානි සිදුකර තිබෙන...