27.5 C
Colombo
Wednesday, October 4, 2023

ෂැන්ග්‍රිලා සාදයේ සමගි ජනබලවේගයේ මන්ත්‍රීවරියකුත් ඉදලා – පොලීසිය

- Advertisement -

කොළඹ ෂැන්ග්‍රිලා හෝටලයේ පැවති මෝස්තර නිර්මාණ ශිල්පී චන්දිමාලි ජයසිංහගේ උපන්දින සාදයට සමගි ජනබලවේගය පක්ෂයේ මන්ත්‍රීවරියක්ද සහභාගීවී ඇති බවට පොලීසිය අධිකරණයට දන්වා තිබෙනවා.

ඒ අනුව අධිකරණයට ඉදිපත් කළ බී වාර්තාවේ දැක්වුණේ කලපළුවාව, රාජගිරිය ලිපිනයේ පදිංචි කුමාරලාගේ භාගේෂ්වරී මධුෂිකා ගුණසේකර යන අය අදාළ මත්පැන් සාදයට සහභාගී වී ඇති බවයි.

විශාරද භාගේෂ්වරී ගුණසේකර යනු සමගි ජනබලවේගය පක්ෂයේ දිවුලපිටිය ප්‍රාදේශය සභා මන්ත්‍රීවරියකි.

ඇය චන්දිමාල් ජයසිංහ මහතාගේ ළඟම හිතවතියක් වන අතර ඔහු මීට පෙර පැවැත්වු දැවැන්ත උපන්දින සාද සඳහාද භාගේෂ්වරී මහත්මිය සහභාගීවී තිබෙනවා.

කෙසේ වෙතත් අධිකරණයට ඉදිරිපත් කරන ලද බී වාර්තාවේ සඳහන් කිසිවෙකුත් මේ වන තෙක් අත්අඩංගුවට ගෙන නොමැතිවීමද විශේෂත්වයක්.

බී වාර්තාවේ නොමැති, අදාළ සාදයට සහභාගිවූ ප්‍රභූ පුද්ගලයන් කිහිප දෙනෙකුගේ නම් කිහිපයක් පිළිබදවද මේ වන විට තොරතුරු වාර්තා වනවා.

ඒ අතර එක්තරා අමාත්‍යවරයෙකු හා රූ රැජිනක්ද සිටින බවටයි පැවසෙන්නේ.


RECENT ARTICLES - SINHALA

ලිට්‍රෝ ගෑස් මිල ඉහළට

අද (04) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ලිට්‍රෝ ගෑස් මිල ඉහළ දමා තිබෙනවා. ඒ අනුව කිලෝග්‍රෑම් 12.5ක ගෘහස්ත ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 343 කින්...

ETF, EPF ස්වාධීන මණ්ඩලයක් යටතට

සේවක අර්ථ සාධක අරමුදල සහ සේවක භාරකාර අරමුදල යන දෙකම එක් කර ස්වාධීන මණ්ඩලයක් යටතේ වැඩ කටයුතු සිදු කිරීමට බලාපොරොත්තු බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ...

දරුවන් සිඟමනට යොදා ගැනීම වළක්වන්න කමිටුවක්

දරුවන් සිඟමනට යොදා ගැනීම නතර කිරීම සදහා විශේෂ කමිටුවක් පත් කිරීමට කාන්තා, ළමා කටයුතු හා සමාජ සවිබල ගැන්වීම් කටයුතු පිළිබඳ අමාත්‍යාංශීය උපදේශක කාරක සභාවේදී...

POPULAR ARTICLES

නිපා වෛරසය ගැන සෞඛ්‍ය අමාත්‍යංශයෙන් දැනුම් දීමක්

නිපා වෛරසය සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවට වැඩි අවදානමක් නොමැති බව සෞඛ්‍ය අමාත්‍යංශය පවසනවා. නිවේදනයක් නිකුත් කරමින් සෞඛ්‍ය අමාත්‍යංශයේ වසංගත රෝග විද්‍යා අංශය සදහන් කළේ, ඉන්දියාවේ කේරළ...

උසස් පෙළ හා සාමාන්‍ය පෙළ සිසුන්ට දැනුම් දීමක්

උසස් පෙළ හා සාමාන්‍ය පෙළ අවසන් වූ වහාම එම සිසුන් සඳහා වෘත්තීය පුහුණු පාඨමාලා ආරම්භ කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව ඇති බව අධ්‍යාපන අමාත්‍ය...

රන් මිල පහළට

පසුගිය සතියට සාපේක්ෂව අද (02) රන් මිල පහළ වැටීමක් සිදු වී තිබෙන බවට වාර්තා වනවා. ඒ අනුව අද රන් මිල ගණන් වන්නේ, රන් අවුන්සය - රු.597,449.00 කැරට්...