27 C
Colombo
Sunday, March 26, 2023

කොරෝනා හැදිලා මැරුණ මුගටින්ගෙන් භූගත ජලයට වෛරසය ගිහින් -මෙත්තිකා විතානගේ

- Advertisement -

පවතින කොවිඩ් 19 නව වෛරස තත්ත්වය සමඟ රටක් ලෙස සිටිය යුත්තේ සෙල්ලම් කරන අවධියක නොවන බව ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ස්වභාවික සම්පත් පිළිබඳ මහාචාර්ය මෙත්තිකා විතානගේ මහත්මිය සදහන් කරනවා.
ඩෙන්මාර්කයේ ලොම් ලබාගැනීම සඳහා ඇතිකල මුගටින් වර්ගයක් කොවිඩ් 19 වෛරස වාහකයන් ලෙස කටයුතු කිරීම නිසා මීට මාසයකට පෙර මරා දමා ඔවුන් භූමිදානය කිරීමට කටයුතු කළ බවත් අනතුරුව ඩෙන්මාර්කයේ භූවිද්‍යා සමීක්ෂණ ආයතනය හා ඩෙන්මාර්කයේ තාක්ෂණික විශ්වවිද්‍යාලය සිදු කළ පරීක්ෂණයකට අනුව අදාල මුගටින්ගේ දේහයන් මඟින් භූගත ජලයට වෛරසය සහ අපද්‍රව්‍ය එකතුවී ඇති බවට සොයා ගත් බව මහාචාර්ය මෙත්තිකා මහත්මිය පවසනවා.
ඒ අනුව අදාල මුගටි දේහ යළිත් ගොඩගෙන ආදාහනය කිරීමට එරට රජය කටයුතු කළ බවයි ඇය සඳහන් කරන්නේ.
ඇය පවසන්නේ ශ්‍රේෂ්ඨාධිකරණයේ නියෝගයක්ද ඇති පරිසරයක් තුළ ආදාහනයද භූමිදානයද යනුවෙන් සිදුවන සමාජ කතිකාවත විකාර ස්වරූපයක් ගෙන ඇති බවයි.
ඊට අදාල දර්ශන පහතින්,

සංස්කාරක සටහන – භූගර්භ විද්‍යාව පිළිබඳ විශේෂඥවරියක් වන ඇය එම ප්‍රකාශ කරන සිදුවීමේදී භූගත ජලය හරහා කොවිඩ්-19 පැතිරී ඇතැයි කිසිදු පිළිගත් මාධ්‍ය ආයතනයක් වාර්තා කර නොමැත. මීට පෙර කොරෝනා වෛරස පිළිබඳ ලෝකයේ අංක එකේ විශේෂඥයෙකු වන මහාචාර්ය මලික් පීරිස් පෙන්වා දී තිබුණේ වෛරසයකට සජීවී සිරුරක් නොමැතිව ජීවත් විය නොහැකි බවය. මෙම ඩෙන්මාර්ක සිදුවීමේදී මුගටින්ගේ සිරුරු මිලියන ගණනක් නැවත ගොඩගෙන තිබුණි. එසේ ගොඩගැනීමට හේතුව වී තිබුණේ කොවිඩ්-19 වෛරසය පැතිරීම නොවේ. මිලියන ගණනක් සිරුරු නිසා බැක්ටීරියා පැතිරීමය. බැක්ටීරියා සහ වෛරස යනු එකිනෙකට වෙනස් විෂබීජ වර්ග දෙකකි.

මෙම ප්‍රකාශයෙන් පසුව නිව්ස්19 මෙත්තිකා විතානගේ මහත්මියගෙන් අදාල සිද්ධිය පිළිබඳව විමසීමක් කළ අතර ඇය පැවසුවේ මෙසේය

RECENT ARTICLES - SINHALA

පළාත් පාලන ආයතන ගැන සොයා බැලීමට රනිල්ගෙන් කමිටුවක්

0
දැනට නිලධාරී පාලනය යටතේ පවතින පළාත් පාලන ආයතනවල කටයුතු සම්බන්ධයෙන් සොයා බැලීමට ජනාධිපතිවරයා විසින් කමිටුවක් පත් කර තිබෙනවා. අග්‍රාමාත්‍යවරයාගේ...

සියතේ ලාල් හේමන්ත මාවලගේට සම්මානයක්

0
මේ වන විට දැඩි කතාබහකට ලක්ව සිටින මාධ්‍යෙව්දියෙකු වන සියත TV නාලිකාවේ ලාල් හේමන්ත මාවලගේ මහතාට අද (25) පැවති රයිගම් ටෙලි සම්මාන...

ප්‍රවෘත්ති අංශයෙන් රයිගම් සම්මාන ජයග්‍රාහකයන් මෙන්න

මේ වන විට පැවැත්වෙන රයිගම් ටෙලි සම්මාන උළෙලේදී වසරේ විශිෂ්ඨතම ප්‍රවෘත්ති නිවේදක (සිංහල) ලෙස හිරු ටීවී ප්‍රවෘත්ති අංශයේ මධුෂාන් ද සිල්වා මහතා...

RECENT ARTICLES - ENGLISH

‘Prophet’ Uebert Angel involved in gold smuggling scheme

0
One of Zimbabwe’s most influential diplomats, Uebert Angel, offered to use his status to launder millions of dollars through a gold-smuggling scheme,...

IMF agreement: President hasn’t tabled Letter of Intend, alleges Harsha

0
SJB MP Dr. Harsha de Silva alleged President Ranil Wickremesinghe has not tabled the Letter of Intent with regard to the IMF...

Andrew Tate to spend another month behind bars

0
Controversial influencer Andrew Tate and his brother Tristan will remain in custody in Romania for a fourth consecutive month, a court has...