30 C
Colombo
Tuesday, May 7, 2024

මිහින්තලා හිමි හා ආණ්ඩුකාරවරයා බහින්බස්වෙයි (වීඩියෝ)

- Advertisement -

රජයේ මූල්‍ය කළමනාකරණ හේතුවෙන් මෙවර රාජ්‍ය පොසොන් උත්සවය සදහා ප්‍රතිපාදන නොලැබෙන තත්වයක් පැවතීම කනගාටුවට කරුණක් බව ඓතිහාසික මිහින්තලා රජමහා විහාරාධිපති පූජ්‍ය වලවාහැංගුනවැවේ ධම්මරතන නායක හිමියන් පවසනවා .

නායක හිමියන් පවසන්නේ දින දහයකින් පමණ උදාවන රාජ්‍යය පොසොන් සතිය සඳහා මේ වන තෙක් ජනාධිපති කාර්යාලය, අග්‍රාමාත්‍ය කාර්යාලය, සංස්කෘතික සහ බෞද්ධ කටයුතු දෙපාර්තමේන්තුව මෙන්ම ඉහළ රාජ්‍ය නිලධාරීන් ද රාජ්‍ය පොසොන් උත්සවය මගහැර ඇති බවයි.

මෙවර පැවැත්වෙන පොසොන් උත්සවය පිළිබඳව මධ්‍යම පළාත් ආණ්ඩුකාර උතුරු මැද වැඩ බලන ආණ්ඩුකාර නීතිඥ ලලිත් යු ගමගේ මහතා ඇතුළු නිලධාරින් සමග මිහින්තලා පුද බිමෙහි දී පැවිදි විශේෂ සාකච්ඡාවකදී උන්වහන්සේ මේ බව කියා සිටියා.

උතුරුමැද වැඩබලන ආණ්ඩුකාර නීතිඥ ලලිත් යූ ගමගේ මහතා කියා සිටියේ ජනාධිපතිවරයාගේ උපදෙස් මත තමන් අද දින මෙම පොසොන් උත්සවය පිළිබඳ විශේෂ සාකච්ඡාවට එක් වූ බවත් ජනාධිපතිවරයාගේ මූල්‍ය කළමනාකරණය අනුව පොසොන් උත්සවය සැමරීමට කටයුතු කළ යුතු බවයි.

මෙහිදී නොසන්සුන්කාරී තත්ත්වයක් ඇතිවු අතර කෘෂිකර්මාන්තයෙන් ජීවත්වන පිරිසක් උතුරු මැද පළාතේ වෙසෙන බැවින් රාජ්‍ය අනුග්‍රහය මිසක වෙනත් පළාත් මෙන් පොසොන් උත්සවය සඳහා දානපතියන්ගේ දායකත්වය ලබා ගැනීමට නොහැකි බව නායක හිමියන් කියා සිටියා.

මෙම සාකච්ඡාව සඳහා උතුරු මැද පළාත් ආණ්ඩුකාර ලේකම් පලාත් සභා නියෝජ්‍ය ලේකම්, ප්‍රාදේශීය ලේකම් ඇතුළු නිලධාරීන් පිරිසක් ද එක්ව තිබෙනවා.

(ඉන්දික රංගජීව – අනුරාධපුරය)

RECENT ARTICLES - SINHALA

ලිට්‍රෝ ගෑස් ලොකු වැඩකට අත ගහලා

නව ගෑස් පිරවුම් පර්යන්තයක් හෙට (08) දිනයේ කඩුවෙල – මාබිම ප්‍රදේශයේ දී විවෘත කරන බව ලිට්‍රෝ ගෑස් සමාගම පවසනවා. එම සමාගමේ සභාපති මුදිත පීරිස් මහතා...

මහ බැංකුවේ අරමුණ ලාබ ලැබිම ම නෙමෙයි -නන්දලාල් වීරසිංහ

මහ බැංකුව පිහිටුවා ඇත්තේ ලාභ ලැබීමේ අරමුණින් නොවන බවත් මහ බැංකුව, නියාමනය සහ ප්‍රතිපත්ති ක්‍රියාත්මක කරන රාජ්‍ය ආයතනයක් බව මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල්...

පරාටේ නීතිය තාවකාලිකව අත්හිටුවිමේ පනත් කෙටුම්පත සම්මතයි

මෙම වසරේ දෙසැම්බර් 15 දක්වා පරාටේ නීතිය තාවකාලිකව අත්හිටුවීම සඳහා වන බැංකු මගින් ප්‍රදානය කරන ලද ණය අය කරගැනීමේ විශේෂ විධිවිධාන සංශෝධන පනත් කෙටුම්පත...

POPULAR ARTICLES

වාහන ආනයන බලපත්‍ර හිමිවන රාජ්‍ය සේවකයින් මෙන්න

වයස අවුරුදු 60 සම්පුර්ණවීමෙන් පසුව විශ්‍රාම ගිය ජේෂ්ඨ රාජ්‍ය නිලධාරීන් සහ අධිකරණ ජේෂ්ඨ නිලධාරීන් සඳහා තීරුබදු සහන සහිත වාහන ආනයන බලපත්‍ර ලබාදීමට රජය තීරණය...

ග්‍රාම නිලධාරී නව බඳවා ගැනීම් ගැන දැනුම්දීමක්

ග්‍රාම නිලධාරී 3 වන ශ්‍රේණියේ නව බඳවා ගැනීමේ නාම ලේඛනය ස්වදේශ කටයුතු රාජ්‍ය අමාත්‍යංශයේ නිල වෙබ් අඩවියට අද (06) නිකුත් කර තිබෙනවා. ස්වදේශ කටයුතු රාජ්‍ය...

පෙම්වතියගේ නිවසට ගොස් අතුරුදන් වූ තරුණයාගේ සිරුර හමුවෙයි

පෙම්වතිය බැලීමට ගොස් අතුරුදන් වූ කුලියාපිටියේ පදිංචිව සිටි තරුණයාගේ මළ සිරුර මාදම්පේ, පනිරෙන්ඩාව ප්‍රදේශයේ තිබී සොයාගෙන ඇතැයි පොලීසිය පවසනවා. පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නීතිඥ...