31 C
Colombo
Saturday, July 27, 2024

මයික් පෙන්ස් සතියකට ඇමෙරිකන් ජනාධිපති වෙයිද?

- Advertisement -

US politics live updates- 17.37

ඇමෙරිකානු කොංග්‍රසයට කඩාවැදීමට තම හිතවාදීන් පෙළඹවීම නිසා, ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ඉතිරි දින කිහිපයත් ධුරයේ නොතබා බලයෙන් පහ කිරීම ගැන දේශපාලන නායකයන් පිරිසක් සාකච්ඡා කර ඇතැයි ඇමෙරිකානු මාධ්‍ය වාර්තා කර තිබේ.

ජනාධිපතිවරණ ප්‍රථිපලය ගැන ව්‍යාජ ප්‍රකාශ කිරීමත්, කොංග්‍රස් ගොඩනැගිල්ලට කඩාවදින ලෙස පුද්ගලයන්ට උපදෙස් දීමත් නිසා ධුරය තවදුරටත් දැරීමට ඔහු නුසුදුසු බවට තීන්දු කිරීම ගැන සලකා බලා ඇත.

ඒ සඳහා ක්‍රම දෙකක් ඇත. එකක් වන්නේ ව්‍යවස්ථාවේ 25 වගන්තිය යටතේ ඔහු නුසුදුසු බව තීන්දු කිරීමය. දෙවැන්න දෝෂාභියෝගයක් ගෙන ඒමය.

මේ වන විට කොංග්‍රස් සභික ඉල්හාම් ඕමාර් දෝෂාභියෝගයක් කෙටුම්පත් කරමින් සිටින බවත්, 25 වගන්තිය ගැන ඩිමොක්‍රටික් පාක්ෂිකයන් ගණනාවක් සාකච්ඡා කර ඇති බවත් වාර්තා වේ. ක්‍රම දෙකෙන් කුමක් ක්‍රියාත්මක කළද ජනවාරි 20 වැනිදා ජෝ බයිඩන් ධුරය බාරගන්නා තුරු උප ජනාධිපති මයික් පෙන්ස් ජනාධිපති විය යුතුය.

ඒ අනුව දැන් පවතින සාකච්ඡ ඉදිරියට ගියහොත් මයික් පෙන්ස් සතියක පමණ කාලයකට ඇමෙරිකානු ජනාධිපති වනු ඇත.

RECENT ARTICLES - SINHALA

රනිල්ට සහය ගන්න සුසිලුයි සාගලයි මහින්ද හමුවෙලා

වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට ඉදිරි ජනාධිපතිවරණයේදී ශ්‍රී ලංකා පොදුජන පෙරෙමුණේ සහය ලබා ගැනීම පිලිබදව සාකච්ඡාවක් අද (27) විජේරාම නිල නිවසේදී පවත්වා තිබෙනවා . ඒ...

දුම්රිය බිංගෙවල් 32ක තත්ව පරික්ෂාවක්

දුම්රිය දෙපාර්තමේන්තුවට අයත් දිවයින පුරා පිහිටි දුම්රිය බිංගෙවල් 48 අතුරින් උඩරට දුම්රිය මාර්ගයේ නාවලපිටිය සිට බදුල්ල දක්වා ඇති දුම්රිය බිංගෙවල් 32ක යෝග්‍යතාව පරික්ෂා කිරීමේ...

ලංකාව ආර්ථික අර්බුදයකට ලක්වෙනවා කියලා කලින්ම දැනගෙන හිටියා – රනිල්

ශ්‍රී ලංකාව ආර්ථික අර්බුදයකට ලක්වන බව තමන් පෙර සිටම දැන සිටි බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා. ජනාධිපතිවරයා සඳහන් ක‍ළේ, ඒ බව තමා විසින් ගෝඨාභය...

POPULAR ARTICLES

අසාදු ලේඛනයට යන වාහන

පරිසරයට අහිතකර දුම් පිටවන වාහන 93ක් පමණ මේ වසර තුළ අසාදු ලේඛන ගත කර ඇති බව වායු විමෝචන භාරකාර අරමුදල පවසනවා. එහි අධ්‍යක්ෂ දසුන් ගමගේ...

අනුරගේ ප්‍රකාශයට හරින්ගෙන් පිළිතුරු ලිපියක්

පසුගිය දිනක ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා විසින් හරීන් ප්‍රනාන්දු සහ මනූෂ නානයක්කාර මහතාගේ විදෙස් ගමන් සදහා මුදල් වැය වූ ආකාරය...

අද ඩොලරය

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (24) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව ඩොලරයේ අගයෙහි සුළු වෙනසක් සිදුව තිබෙනවා. ඒ අනුව ඩොලරයේ...