27.9 C
Colombo
Saturday, April 27, 2024

පකිස්තාන හමුදාවෙන් ඉම්රාන්ට සැර උත්තර‍යක්

- Advertisement -

හිටපු අගමැති ඉම්රාන් ඛාන්ගේ නායකත්වයෙන් යුත් ආණ්ඩුව බිද වැටීමෙන් පසු ඊට හමුදාව වගකිය යුතු බවට සමාජ මාධ්‍ය ඔස්සේ කෙරෙන ප්‍රචාර පකිස්තාන හමුදාව විසින් තරයේ ප්‍රතික්ෂේප කර තිබේ.

පකිස්තාන හමුදා ප්‍රකාශක මේජර් ජෙනරාල් බාබාර් ඉෆ්තිකාර් පැවසුවේ තමන්ට දේශපාලනය සමඟ කිසිදු සම්බන්ධයක් නොමැති බවයි.

හමුදා ප්‍රධානී ජෙනරාල් කමාර් ජාවෙඩ් බජ්වා සේවා දිගු කිරීමක් අපේක්ෂා නොකරන බවත් මේ වසරේ නොවැම්බර් 29 වැනිදා විශ්‍රාම ගන්නා බවත් ඔහු පවසා තිබේ.

පකිස්තාන හමුදාවට එරෙහි සමාජ මාධ්‍ය ව්‍යාපාරය නීති විරෝධී, දුරාචාර සහ ජාතික අවශ්‍යතාවලට එරෙහි බවත් එය සාර්ථක වීමට ඉඩ නොදෙන බවටත් හමුදා ප්‍රකාශකවරයා මෙහිදී අවධාරණය කර ඇත.

නව අගමැති ෂෙහ්බාස් ෂරීෆ් බලයට පත් වූ දිනයේ ජෙනරාල් බජ්වා අසනීපව සිටි බවත්, දිවුරුම් දීමේ උත්සවය මඟ හැරීමට සිදුවූයේ ඒ හේතුවෙන් බවත් ඔහු මෙහිදී පැවසීය.

දේශපාලන අර්බුදය පවතින අතරතුර ඊට විසඳුම් සෙවීම සඳහා හමුදා ප්‍රධානියා අගමැති කාර්යාලයට ගොස් අවස්ථා තුනකදී සාකච්ඡා කළ බවත් එහිදී වෙනත් කිසිදු බලපෑමක් සිදුනොවූ බවත් හමුදා ප්‍රකාශකවරයා මෙහිදී අනාවරණය කළේය.

RECENT ARTICLES - SINHALA

ජයශ්‍රී ට එරෙහි නඩුවට දින නියම කෙරේ

අරුණ ලියාන් මහතා සිය බුද්ධිමය දේපළ අයිතිවාසිකම් උල්ලංඝනය කිරීම සම්බන්ධයෙන් ජයලත් සහෝදරයින්ට එරෙහිව ගොනු කර ඇති නඩුව ගරු වාණිජ මහාධිකරණය ඉදිරියේ අද (26) දින...

කළුතර පොලිස් නිළධාරින් බලා සිටියදී පිරිසක් කාන්තාවකට ආයුධ වලින් පහරදිලා

කළුතර නාගොඩ රෝහලේ ප්‍රධාන දොරටුව අසල පොලිස් නිලධාරීන් සහ ආරක්ෂක නිලධාරීන් බලා සිටියදී රෝහලට පැමිණි කාන්තාවකට තියුණු ආයුධවලින් පහර දී තිබෙනවා. පහරදීම සිදුකර ඇත්තේ කළුතර,...

ඇල්ල – වැල්ලවාය මාර්ගයත් නායයාමේ අවදානම් තත්ත්වයක

ඇල්ල, කරදගොල්ල, දහය කණුව ප්‍රදේශයේ මේ වන විට නායයෑමක් සක්‍රීය වී තිබෙනවා. ඇල්ල - වැල්ලවාය මාර්ගයටද බලපෑම් ඇතිවිය හැකි බැවින් රියැදුරන් ඒ පිළිබඳව සැළකිලිමත් වීම...

POPULAR ARTICLES

ඩොලරය පහළට

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (24) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රු. 295.43ක් ලෙස...

සාපෙළ විභාගය ගැන විශේෂ දැනුම්දීමක්

මෙවර අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය ඉලක්ක කරගනිමින් සිදුකෙරෙන උපකාරක පංති, සම්මන්ත්‍රණ පැවැත්වීම ලබන 30 වැනිදා මධ්‍යම රාත්‍රී සිට අත්හිටුවන බව විභාග...

විද්‍යාපීඨ නව බඳවා ගැනීම් ගැන සුසිල්ගෙන් දැනුම් දිමක්

විද්‍යාපීඨ නව බඳවා ගැනීම් සඳහා 60,000ක් ඉල්ලුම් කර ඇති බව අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පවසනවා. එහි කටයුතු ලබන සතිය වන විට අරඹන බවත් විද්‍යාපීඨ...