27 C
Colombo
Saturday, June 10, 2023

ඇමති චන්න ජයසුමන රාගම රෝහල බැලීමට යයි. කොරිඩෝවල සිටි ලෙඩ්ඩු අතුරුදන්

- Advertisement -

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ උපදෙස් පරිදි ඖෂධ නිෂ්පාදනය, සැපයීම හා නියාමන රාජ්‍ය අමාත්‍ය චන්න ජයසුමන මහතා ඊයේ (10) රාගම ශික්ෂණ රෝහලේ නිරීක්ෂණ චාරිකාවක නිරතව තිබෙනවා.

එහිදී මෙතෙක් කලක් ඇඳක් හෝ නොමැතිව රෝහල් වාට්ටුවල කොරිඩෝවල පවා සිටි කිසිදු රෝගියෙක් දක්නට ලැබී නැහැ.

නිරීක්ෂණ චාරිකාවෙන් පසුව අදහස් දක්වමින් රාජ්‍ය අමාත්‍යවරයා සදහන් කළේ ශ්‍රී ලංකාවේ දෙවන විශාලතම COVID 19 රෝගී ප්‍රතිකාර ඒකකය පිහිටා ඇති රාගම රෝහලේ මීට දින කිහිපයකට පෙර ඇති වූ තදබදය වලක්වා සියලු රෝගීන්ට ඇදන් ලබා දී තත්වයට සාර්ථකව මුහුණ දීමට රෝහල් කාර්ය මණ්ඩලය සමත්ව ඇති බවයි.

එමෙන්ම රාගම – බටුවත්ත අදාහනාගාරය ක්‍රියා විරහිතවීම නිසා එකතු වූ මෘතශරීර අවට වෙනත් ආදාහනාගාර වෙත කඩිනමින් රැගෙන ගොස් ආදාහනය කිරීමට ප්‍රාදේශීය දේශපාලන අධිකාරිය, රෝහල් කාර්යමණ්ඩලය සමග එක්ව කටයුතු කර තිබෙන බවත් ඔහු සදහන් කළා.

මීට දින කිහිපයකට පෙර රාජ්‍ය අමාත්‍ය චන්න ජයසුමන මහතා කළුබෝවිල ශික්ෂණ රෝහලේද නිරීක්ෂණ චාරිකාවක නිරතවූ අතර එහිදී ඒ වන තෙක් රෝහල් පරිශ්‍රය පුරා දක්නට ලැබුණු එකදු කොවිඩ් රෝගියෙකු හෝ දක්නට ලැබී නැහැ.


RECENT ARTICLES - SINHALA

ජංගම දුරකථන සහ උපාංග වල මිල 20% කින් අඩු වන ලකුණු?

ජංගම දුරකථන සහ උපාංග වල මිල සියයට 20 කින් පමණ අඩු කිරීමට තීරණය කර ඇති බව ශ්‍රී ලංකා ජංගම දුරකථන ආනයන සහ...

කිරින්ද වෙරළේදී තරුණියන් දෙදෙනෙකු රළ පහරට හසුවෙයි

කිරින්ද විහාරය ආසන්නයේදී මුහුදු රළ පහරට හසුවීමෙන් තරුණියක් අතුරුදහන්ව තවත් තරුණියක් මියගොස් තිබෙනවා. අද (09) උදෑසන කාලයේදී තරුණියන් තිදෙනෙකු...

විදේශගත ශ්‍රමිකයින්ගෙන් ඩොලර් මිලියන 480 ක්

මැයි මාසයේදී විදේශගත ශ්‍රමිකයන් මෙරටට ඩොලර් මිලියන 480 කට වැඩි මුදල් ප්‍රමාණයක් එවා ඇති බව කම්කරු හා විදේශ කටයුතු අමාත්‍යාංශය පවසනවා.

RECENT ARTICLES - ENGLISH

Consideration of ‘Casino Bill’ postponed until regulatory authority established

0
Consideration of Betting and Gaming Taxes (Amendment) Bill postponed until timeline for establishing regulatory authority is worked out, the Committee on Public...

Ajith Prasanna sentenced another six months RI

0
Major (Retired) Ajith Prasanna has been sentenced to six months of rigorous imprisonment by the Court of Appeal. This...

Danushka Gunathilaka to stand trial accused of raping woman in Sydney

0
Cricketer Danushka Gunathilaka will stand trial accused of raping a woman while in Sydney for the T20 World Cup.