30 C
Colombo
Monday, March 20, 2023

මියන්මාර රූ රැජිණ ජීවිත අවධානම නොතකා තම රට වෙනුවෙන් ජාත්‍යන්තරය ඉදිරියේ හඬා වැටෙයි (වීඩියෝ)

- Advertisement -

පසුගිය දා තායිලන්තයේදී පැවති Miss Grand International තරඟාවලියට රටවල් 63ක සුරූපිනියන් සහභාගී වූ අතර එහිදී මියන්මාර රූජින තම රටේ මිලිටරි පාලනය විසින් සිදුකරමින් යන සංහාරය පිළිබඳ කතා කරමින් හඬා වැටුනාය.

මේ වනවිට තරඟය අවසන් වුවත් ජාත්‍යන්තරය ඉදිරියේ මිලිටරි රජය⁣ට එරෙහිව කතා කිරීම හේතුවෙන් රජය විසින් ඇයටත් ඇගේ පවුලේ සැමටත් ජීවිත තර්ජන එල්ල කර ඇත.

රජය විසින් මාධ්‍යවේදීන් සිරගත කරමින් මරාදමින් සිටින මොහොතක ඇය ජීවිතය නොතකා රට වෙනුවෙන් හඬ අවදි කලාය.

ජීවිතය පරදුවට තබා ඇය ජ්‍යාත්‍යන්තරය ඉදිරියේ කල කතාවේ සිංහල පරිවර්තනය මෙසේය.

සුභ වේවා මගේ ආදරණීය සහෝදර මිනිසුනි .!
මගේ ආදරණීය රට මියන්මාරයේ වර්තමාන තත්වයෙන් පීඩා විඳින මගේ ආදරණීය රට වැසියන්ගේ ශෝකය සහ පීඩනය මේ රාත්‍රියේ මම මේ වේදිකාවේ සිටගෙන ඔබව අමතන්නට හේතු උනා..
වීදිමත ජීවිත අහිමි වුනු ජනතාව ගැන මම ඉතාමත් කණගාටුවට පත් වෙමි. ලෝකයේ සෑම පුරවැසියෙක්ම තම රටේ සමෘද්ධිය සහ සාමකාමී වාතාවරණය අපේක්ෂා කරයි. එසේ කිරීමේදී නායකයින් ඔවුන්ගේ බලය සහ ආත්මාර්ථකාමිත්වය තම ආඩම්බරයට ගොඩනගාගැනීමට පාවිච්චි නොකල යුතුයි. අහිංසක මිනිසුන්ට ඔවුන්ගේ කාන්තාවන් සහ ළමා ජීවිතයන් අපිට අහිමිව තිබෙනවා.
තත්වය මෙලෙසම සිදුවන්නේ නම්, ලොව පුරා සිටින ජනතාව විසඳුමක් සොයාගෙන ඔවුන්ට උදව් කිරීමට උත්සාහ කලයුතු යැයි සිතනවා.
මං අද මේ වේදිකා⁣වේ සිට කතා කරන්න හේතුව ⁣මගේ රටේ මිනිසුන් 100 කට වැඩි පිරිසක් දවසකට මිය යමින් සිටිනවා. ජීවිත අහිමිවූ ජනතාව ගැන මම ඉතාම කණගාටු වෙමි. මියන්මාරයේ ජනතාව ප්‍රජාතන්ත්‍රවාදය සඳහා වීථියේ පාගමන් යමින් සිටිනවා. මමත් මේ මොහොතේ ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙන් පෙනීසිටින කෙනෙක්.
මේ පිළිබඳව ජ්‍යාත්‍යන්තර අවධාන ලබාගැනීම සඳහා මට මේ වටිනා අවස්තාව ලබා දීම සම්බන්ධයෙන් මම miss grand international සංවිධානයට බෙහෙවින්ම ස්තුති කරනවා.
මියන්මාරයට උදව් අවශ්‍යයි. අපට ඔබගේ හදිසි ජාත්‍යන්තර සහාය දැන් අවශ්‍යයි.
වඩා හොඳ ලෝකයක් නිර්මාණය කිරීමට නව පරම්පරාව ලෙස අපිට වගකීමක් ඇත. ලෝකයටත් මියන්මාරයටත් සාමය උදා වේවා
!”

( මයිකල් ජැක්සන් ගේ ගී කොටසක් ගයමින්)

Heal the world
Make it a better place
For you and for me, and the entire human race
There are people dying
If you care enough for the living
Make a better place for you and for me


ලෝකය සුවපත් කරන්න එය වඩා හොඳ ස්ථානයක් බවට පත් කරන්න…
ඔබ සහ මා වෙනුවෙන් සහ සමස්ත මිනිස් සංහතිය වෙනුවෙන්…
මිනිස්සු මිය යමින් සිටිනවා…
ජීවත්වීම පිළිබඳව සැලකිල්ලක් දක්වන්නේ නම්
ඔබත් මමත් වෙනුවෙන් වඩාත් හොඳ ලෝකයක් සාදන්න…

මාෂා M. ඩයස්

RECENT ARTICLES - SINHALA

පොලිස්පතිගෙන් සියළු පොලිස් ස්ථානවලට විශේෂ දැනුම් දීමක්

0
පොලීසිය විසින් සිදුකරන වැටලීම්, මෙහෙයුම්, සැකකරුවන්ගේ ප්‍රශ්ණ කිරීම්, අත්අඩංගුවට ගැනීම ආදිය සම්බන්ධව වීඩියෝ දර්ශන, පින්තුර මාධ්‍ය ඔස්සේ ප්‍රසිද්ධ කර ප්‍රචාරය කිරීම සියලුම...

විදුලි පාවිච්චිකරන්නන්ගේ සංගමයට ඇමති ගෝලයෝ පහරදීලා

දිවුලපිටිය - ගොඩිගොමුව ප්‍රදේශයේදී විදුලි පාවිච්චිකරන්නන්ගේ සංගමයේ සාමාජීකයින් කිහිපදෙනෙකුට පහරදීමක් සිදුකර තිබෙනවා. විදුලි බිල ඉහළ දැමීමට එරෙහිව එම සංගමය...

වසන්ත මුදලිගේ ෂැන්ග්‍රිලා ගියාද? ඇත්ත මෙන්න

0
අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍යබල මණ්ඩලයේ කැඳවුම්කරු වන වසන්ත මුදලිගේ මහතා සම්බන්ධයෙන් මේ වන විට සමාජ මාධ්‍යවල දැඩි කතාබහක් ඇතිව තිබෙනවා.

RECENT ARTICLES - ENGLISH

Breaking: Dimuth to step down from captaincy

0
Sri Lanka Cricket Test Skipper Dimuth Karunaratna today said he has informed the SLC selection committee that he will step down from...

“We are no longer a bankrupt nation”: President

0
President Ranil Wickremesinghe said Sri Lanka will no longer be declared a bankrupt nation in the next few days.

BREAKING – Unit 3 of Norochcholai power plant breakdown again

0
Unit 3 of the Norochcholai Coal Power Plant has experienced a breakdown, Minister of Power and Energy Kanchana Wijesekera said.