31 C
Colombo
Saturday, July 27, 2024

පාර්ලිමේන්තුව අසළ විරෝධතාවයට අංක තහඩු නැති ගිනිඅවි රැගත් යතුරුපැදිකරුවන් (වීඩියෝ)

- Advertisement -

ජනාධිපතිවරයාට විරෝධය පලකරමින් පාර්ලිමේන්තුව අසළ අද (05) පැවති විරෝධතාවයට පැමිණි යතුරුපැදි කිහිපයක් නිසා එම ස්ථානයේ උණුසුම් තත්ත්වයක් ඇතිවුණා.

ඒ සාමකාමී විරෝධතාවයක් පැවති ස්ථානයට ගිනිඅවි රැගෙන මෙම පිරිස පැමිණ තිබීම හේතුවෙන්.

මීට අමතරව ඔවුන් පැමිණි යතුරුපැදිවලට අංක තහඩු නොතිබීම නිසා විරෝධතාකරුවන් ප්‍රකෝපවූවා.

මෙම පුද්ගලයන් හට පොලීසියද විරෝධය පලකර අතර ඔවුන් එම ස්ථානයෙන් එළවා දැමීමට පොලීසිය කටයුතු කළා.

කෙසේවෙතත් යුද හමුදාව තහවුරු කරන්නේ එම ස්ථානයට පැමිණි යතුරු පැදි 4 ශ්‍රී ලංකා යුද්ධ හමුදා යතුරු පැදි කණ්ඩායමට අයත් යතුරු පැදි හතරක් බවයි.

අදාළ යතුරු පැදි 4 පාර්ලිමේන්තු සංකීර්ණය අසල යොදවා තිබු මාර්ග බාධකය අසලට පැමිණි අවස්ථාවේදී එම මාර්ග බාධකයෙහි රාජකාරි නියුතු පොලිස් නිලධාරින් දෙදෙනෙකු විසින් ඔවුන්ට නොමනා ලෙස හැසිරී කටයුතු කිරීම සම්බන්ධයෙන් කඩිනමින් විමර්ශනයක් සිදුකොට විනයානුකූලව කටයුතු කරන ලෙස යුද හමුදාපතිවරයා පොලිස්පතිවරයාගෙන් ඉල්ලා සිටිනවා.


RECENT ARTICLES - SINHALA

රනිල්ට සහය ගන්න සුසිලුයි සාගලයි මහින්ද හමුවෙලා

වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට ඉදිරි ජනාධිපතිවරණයේදී ශ්‍රී ලංකා පොදුජන පෙරෙමුණේ සහය ලබා ගැනීම පිලිබදව සාකච්ඡාවක් අද (27) විජේරාම නිල නිවසේදී පවත්වා තිබෙනවා . ඒ...

දුම්රිය බිංගෙවල් 32ක තත්ව පරික්ෂාවක්

දුම්රිය දෙපාර්තමේන්තුවට අයත් දිවයින පුරා පිහිටි දුම්රිය බිංගෙවල් 48 අතුරින් උඩරට දුම්රිය මාර්ගයේ නාවලපිටිය සිට බදුල්ල දක්වා ඇති දුම්රිය බිංගෙවල් 32ක යෝග්‍යතාව පරික්ෂා කිරීමේ...

ලංකාව ආර්ථික අර්බුදයකට ලක්වෙනවා කියලා කලින්ම දැනගෙන හිටියා – රනිල්

ශ්‍රී ලංකාව ආර්ථික අර්බුදයකට ලක්වන බව තමන් පෙර සිටම දැන සිටි බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා. ජනාධිපතිවරයා සඳහන් ක‍ළේ, ඒ බව තමා විසින් ගෝඨාභය...

POPULAR ARTICLES

අසාදු ලේඛනයට යන වාහන

පරිසරයට අහිතකර දුම් පිටවන වාහන 93ක් පමණ මේ වසර තුළ අසාදු ලේඛන ගත කර ඇති බව වායු විමෝචන භාරකාර අරමුදල පවසනවා. එහි අධ්‍යක්ෂ දසුන් ගමගේ...

අනුරගේ ප්‍රකාශයට හරින්ගෙන් පිළිතුරු ලිපියක්

පසුගිය දිනක ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා විසින් හරීන් ප්‍රනාන්දු සහ මනූෂ නානයක්කාර මහතාගේ විදෙස් ගමන් සදහා මුදල් වැය වූ ආකාරය...

අද ඩොලරය

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (24) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව ඩොලරයේ අගයෙහි සුළු වෙනසක් සිදුව තිබෙනවා. ඒ අනුව ඩොලරයේ...