29.4 C
Colombo
Friday, April 26, 2024

දුරකථනයක් හමුවීම නිසා මන්ත්‍රී බදියුදීන් විනිශ්චය මණ්ඩලයක් හමුවට

- Advertisement -

රිමාන්ඩ් භාරයේ පසුවන පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුදීන් මහතා සතුව තිබූ ජංගම දුරකථනයක් සොයාගැනීමට බන්ධනාගාර නිලධාරීන් ඊයේ (01) දින සමත්ව තිබෙනවා

බන්ධනාගාර කොමසාරිස් මාධ්‍ය ප්‍රකාශක චන්දන ඒකනායක මහතා අද දින මාධ්‍ය අමතමින් ප්‍රකාශ කර සිටියේ මැගසින් බන්ධනාගාරයේ රිෂාඩ් බදියුදීන් මන්ත්‍රීවරයා රඳවා ඇති සිර මැදිරිය අසලට යන විට ඔහු දුරකථන ඇමතුමක සිටි බව බන්ධනාගාර නිලධාරීන් දැක ඇති බවයි.

නිලාධාරීන් දුටුවිට එම දුරකථනය සිර මැදිරියේ කවුළුවෙන් පිටතට විසි කිරීමට මන්ත්‍රීවරයා කටයුතු කළද එම ජංගම දුරකථන බන්ධනාගර නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබෙන බවත් වැඩිදුර පරීක්ෂණ සඳහා එය බුද්ධි අංශ වෙත ලබා දී ඇති බවත් චන්දන ඒකනායක මහතා පවසනවා

බන්ධනාගාර ආඥා පනත යටතේ රැඳවුම්කරුවෙක් සන්තකේ තිබිය නොහැකි භාණ්ඩයක් තබා ගැනීමේ වරද හේතුවෙන් මන්ත්‍රී රිෂාඩ් බදියුදීන් මහතාව බන්ධනාගාර විනිශ්චය මණ්ඩලයක් හමුවට කැඳවීමට නියමිත බවයි වැඩිදුරටත් ඔහු පවසා සිටින්නේ.

RECENT ARTICLES - SINHALA

කළුතර පොලිස් නිළධාරින් බලා සිටියදී පිරිසක් කාන්තාවකට ආයුධ වලින් පහරදිලා

කළුතර නාගොඩ රෝහලේ ප්‍රධාන දොරටුව අසල පොලිස් නිලධාරීන් සහ ආරක්ෂක නිලධාරීන් බලා සිටියදී රෝහලට පැමිණි කාන්තාවකට තියුණු ආයුධවලින් පහර දී තිබෙනවා. පහරදීම සිදුකර ඇත්තේ කළුතර,...

ඇල්ල – වැල්ලවාය මාර්ගයත් නායයාමේ අවදානම් තත්ත්වයක

ඇල්ල, කරදගොල්ල, දහය කණුව ප්‍රදේශයේ මේ වන විට නායයෑමක් සක්‍රීය වී තිබෙනවා. ඇල්ල - වැල්ලවාය මාර්ගයටද බලපෑම් ඇතිවිය හැකි බැවින් රියැදුරන් ඒ පිළිබඳව සැළකිලිමත් වීම...

මෛත්‍රීගේ පාස්කු මහමොළකරු කතාවට ටිරාන්ගෙන් උත්තර

හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා පාස්කු ඉරු දින ප්‍රහාරයට මේ රටේ පුරවැසියකු ගැන හෝ මේ රටේ පුරවැසියෙකුගේ සම්බන්ධතාවක් ගැන හෝ කිසිදු තොරතුරු හෙළි කර...

POPULAR ARTICLES

ඩොලරය පහළට

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (24) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රු. 295.43ක් ලෙස...

ජාතික ගීය අක්‍රමවත්ව ගායනා කළැයි උමාරාට වැඩවරදියි

ජාත්‍යන්තර තරඟාවලියකදී ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ දක්වා ඇති ආකාරයට පටහැනිව ජාතික ගීය ගායනා කිරීම සම්බන්ධව නීතිමය පියවර ගන්නා බව ස්වදේශ කටයුතු අමාත්‍යංශය...

සාපෙළ විභාගය ගැන විශේෂ දැනුම්දීමක්

මෙවර අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය ඉලක්ක කරගනිමින් සිදුකෙරෙන උපකාරක පංති, සම්මන්ත්‍රණ පැවැත්වීම ලබන 30 වැනිදා මධ්‍යම රාත්‍රී සිට අත්හිටුවන බව විභාග...