30 C
Colombo
Thursday, May 2, 2024

නාමල්ගේ මගුල් ගෙදර ලක්ෂ 26 ක ලයිට් බිල අදටත් ගෙවලා නැහැ

- Advertisement -

2019 වසරේදී තංගල්ල කාල්ටන් නිවසේ පැවැති නාමල් රාජපක්ෂ මහතාගෙ විවාහ උත්සවය වෙනුවෙන් විදුලි බල මණ්ඩලයට ගෙවීමට ඇති රුපියල් ලක්ෂ 26කට අධික විදුලි බිල මෙතෙක් ගෙවා නැති බවට තොරතුරු වාර්තා වනවා.

ජාතික ජන බලවේගය පක්ෂයේ විධායක සභික නලින් හේවගේ මහතා විසින් තොරතුරු පනත යටතේ ලබා ගත් තොරතුරු අනුව මෙම කරුණු හෙළිව තිබෙනවා.

ඒ අනුව අදාළ තොරතුරු ඉල්ලීමට ප්‍රතිචාර දක්වමින් ලංකා විදුලිබල මණ්ඩලයේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී වී. වී. ජනෙත් මහතා සදහන් කර ඇත්තේ 2019 වසරේ සැප්තැම්බර් මස 12 වැනිදා සිට සැප්තැම්බර් මස 15 වැනිදා දක්වා වීරකැටිය නිවසේ පැවති උත්සවයට අදාළව මෙම විදුලිබිල පැමිණ ඇති බවයි.

අදාළ උත්සවයට තාවකාලික ආරක්ෂක පහන් සවිකිරීම සහ ජනය යන්ත්‍ර සැපයීම වෙනුවෙන් රුපියල් 2,682,246.57 ක මුදලක් ගෙවීමට ඇතත් එය මේ වන තෙක් ගෙවා නොමැති බවත් තොරතුරු ලිපියේ සදහන් වනවා.

RECENT ARTICLES - SINHALA

Breaking:මහාචාර්ය නලින් ද සිල්වා අභාවප්‍රාප්ත වෙයි

භෞතික විද්‍යාඥයෙක්, දාර්ශනිකයෙක් සහ දේශපාලන විශ්ලේෂකයෙක් වූ ආචාර්ය නලින් ද සිල්වා මහතා අභාවප්‍රාප්ත වී තිබෙනවා. ඒ මහතා මිය යන විට 79 වන වියෙහි පසු වුණා. ශ්‍රී...

පොහොට්ටුවේ හිටපු උප සභාපතිවරයෙක් කුඩු සමග මාට්ටු

කටුනායක - සීදුව නර සභාවේ හිටපු උප සභාපතිවරයෙකු ලක්ෂ 4ක් පමණ වටිනා හෙරොයින් සමග අත්අඩංගුවට ගෙන තිබෙනවා. බඩල්ම පොලිස් ස්ථානයේ නිලධාරීන් විසින් මීගමුව ප්‍රදේශයේ සිදු...

බදුල්ලට ගිය කැලිප්සෝ

මෙම වසරේ ජනවාරි 05 වනදා සිට බදුල්ල - බණ්ඩාරවෙල අතර නව විශේෂ සංචාරක දුම්රියක් හඳුන්වාදීමට දුම්රිය දෙපාර්තමේන්තුව කටයුතු කර තිබුණා. එය නම් කර ඇත්තේ "කැලිප්සෝ"...

POPULAR ARTICLES

සාමාන්‍ය පෙළ සිසුන්ට විශේෂ දැනුම්දීමක්

අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය පැවැත්වීම සඳහා අවශ්‍ය සියලු කටයුතු මේ වන විට සූදානම් කර ඇති අතර වර්ෂාවත් සමඟ හදිසි ආපදා තත්ත්වයන්...

අද පෑලියගොඩ එළවළු තොග මිල මෙන්න

අද (30) දිනයේ දී පෑලියගොඩ මැනිං වෙළෙඳ සංකීර්ණයේ එළවළු කිලෝවක තොග මිල මෙලෙස සඳහන්ව තිබුණා. කැරට් රු 150, බෝංචි රු 200, ලීක්ස් රු 150, බීට්...

පැදුරු පාටිය ඉල්ලා ASP නඩු මඟට?

TNL රූපවාහිනී නාලිකාවේ විකාශනය වූ “ASP පැදුරු පාටිය” නැමති වැඩසටහනේ විකාශන කටයුතු හදිසියේ නැවතීම සම්බන්ධයෙන් TNL සහ Supreme මාධ්‍ය ආයතනයට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගන්නා...