දිවයිනට පැමිණ සිටින ජාත්‍යන්තර මූල්‍ය අරමුලේ (IMF) නියෝජිත පිරිස සහ මෙරට බලධාරීන් අතර නිල සාකච්ඡා අද (16) සිට ආරම්භවන බව මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතා පවසනවා.
ඒ අනුව, 06 දෙනෙකුගෙන් සමන්විත ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිතයින් පිරිස, විදුලිබල මණ්ඩලය, මහ බැංකුව, මුදල් අමාත්‍යාංශය වැනි ආයාතනවල නිලධාරීන් සමග සාකච්ඡා කිරීමට නියමිතයි.
ශ්‍රී ලංකාව සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල අතර වැඩසටහන තවදුරටත් ශක්තිමත් කරගැනීමට අදාළව එහිදී සාකච්ඡා කිරීමට නියමිත බව ශෙහාන් සේමසිංහ අමාත්‍යවරයා තවදුරටත් සඳහන් කළා.
පසුගියදා ජනාධිපතිවරයා හමූ වී ආර්ථික ප්‍රතිසංස්කරණ සිදු කරමින් ශ්‍රී ලංකාව අත්කරගෙන ඇති සැලකිය යුතු ප්‍රගතිය පිළිබඳ සිය ප්‍රසාදය පළ කර තිබුණා.
මූල්‍ය අරමුදලේ නියෝජිත පිරිස ලබන 19 වැනිදා දක්වා දිවයිනේ රැඳී සිටීමට නියමිතයි.