රජය ඊයේ (11) ඉදිරිපත් කළ නව බදු ප්‍රතිපත්තිය හරහා දේශීය නිෂ්පාදන අංශයට බරපතළ පහරක් එල්ලකර ඇති බව සමගි ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී කබීර් හෂීම් මහතා පවසනවා.
ඒ, අද (12) දින කැඳවා තිබූ ප්‍රවෘත්ති සාකච්ඡාවක් අමතමින්.
මෙහිදී අදහස් දැක්වූ සමගි ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී කබීර් හෂීම්,
“ඉහළම ආදායම් උපයන අයට 36%ක බදු අයකිරීම නිකුත් කරලා තියෙනවා. ඒක අස්සේ කුඩා සහ මධ්‍ය පරිමාණයේ ආයතනවලට 14% සිට 30% බදු වැඩිකරලා තියෙනවා. අපනයන ක්ෂේත්‍රයේ 14% ට තිබූ බදු 30% දක්වා ගෙවන්න සිද්ධවෙනවා.
තව පැත්තකින් පුද්ගලියක ආයතනවල සේවය කරන විධායක නිලධාරීන්ගේ ලැබෙන වැටුපෙන් බදු අය කිරීම ලක්ෂ 30 සිට ලක්ෂ 15 දක්වා අඩු කරලා තියෙනවා.න්ඉස්සර අවුරුද්දකට රුපියල් ලක්ෂ 30කට වඩා උපයන අයට තමයි බදු අය කරේ. දැන් ඒක රුපියල් ලක්ෂ 15 දක්වා අඩු කරලා. අතීතයට බලපාන විදිහට ඒ කියන්නේ මේ වසරේ අප්‍රේල් මාසයේ සිට මාස 06කට මේ බදු ගෙවිය යුතුයි කියලා තියෙනවා.”
මෙහිදී අදහස් දැක්වූ සමගි ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂ ද සිල්වා,
“මේ ගෙනල්ලා තියෙන ඒකාධිපති බදු සංශෝධන මීට වඩා සාකච්ඡා කළ යුතුයි. මේවා තවදුරටත් විශ්ලේෂණය කළ යුතුයි.”