24 C
Colombo
Sunday, December 10, 2023

නිශාරාට එරෙහිව නීතිඥවරුන් අගවිනිසුරුගෙන් පරීක්ෂණයක් ඉල්ලයි

- Advertisement -

මහර බන්ධනාගාරයේ සිදු වූ කලහකාරී සිදුවීමකින් ඝාතනයට ලක්වූ රැඳවියන් පිළිබඳව වැලිසර මහේස්ත්‍රාත් අධිකරණයේදී දෙසැම්බර් 16 දින නඩුව කැඳවූ අවස්ථාවේදී රජය වෙනුවෙන් පෙනී සිටි රජයේ නීතිඥ නිශාර ජයරත්න අගතියට පත් පාර්ශවය වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරුන්ට ද්වේශ සහගත ලෙස වෘත්තීය ආචාර ධර්මවලට පටහැනිව ප්‍රකාශ සිදු කර ඇති බවත් .තමන්ගේ වෘත්තිය ගෞරවයට හානි වන ලෙස ඇය කටයුතු කර ඇති බවත් පවසමින් අදාල නීතිඥවරුන් අගවිනිසුරුවරයාට,නිතීපතිවරයාට සහ නීතිඥ සංගමයට ලිපියක් යවමින් දන්වා ඇත.

දෙසැම්බර් 17 වන දින අදාල ලිපිය යවා ඇත.

අදාල නඩු වාරය අතරතුරදී ‘NGOකාරයන්ට ඕනෑ හිටියට නඩු කළ නොහැකි බවත් තමන් පෙනී සිටින්නේ අගතියට පත් කවුරුන් වෙනුවෙන්ද යන්න ප්‍රශ්ණ කරමින් නීතිඥවරුන්ව අපගේ වෘත්තීය ආචාරධර්ම කඩ කරමින් අධිකරණය තුළ කටයුතු කර ඇති බවත් මෙම හැසිරීම් මාලාව යුක්තිය පසදැලීමේ ක්‍රියාවලියට කරනු ලබන දැඩි අගතියක් බවත් අදාල ලිපියේ සදහන් වී ඇත.

මේ ආකාරයේ ක්‍රියා ඉදිරියේදී සිදු නොවීම සදහා විීධිමත් විමර්ශණයක් සිදු කරන ලෙසත් අදාල ලිපියෙන් ඉල්ලා ඇත.

නීතිඥ සේනක පෙරේරා, නීතිඥ කේ.එස්. රතනවේල්,නීතඥ පාලිත බණ්ඩාර, නීතිඥ නාමල් රාජපක්ෂ, නීතිඥ අචලා සෙනවිරත්ත, නිතිඥ චුලා රත්නජීව අධිකාරී, නීතිඥ තම්බයියා ජේ. රත්නරාජා, නීතිඥ ලුතීෆ් සයිනූල් යන අය අදාල ලිපිය යවා ඇත.

RECENT ARTICLES - SINHALA

පාරිභෝගිකයින් 80% කගේ විදුලි සැපයුම යථා තත්වයට

මේ වන විට ප්‍රදේශ රැසක විදුලි සැපයුම යථා තත්ත්වයට පත්කර ඇතැයි ලංකා විදුලිබල මණ්ඩලය පවසනවා. එම මණ්ඩලය සඳහන් කළේ දිවයින පුරා විදුලිය විසන්ධි වූ ප්‍රදේශවලින්...

Breaking : නොරොච්චෝලෙත් බිඳ වැටිලා

නොරොච්චෝලේ බලාගාරයේ පළමු ජනන අක්‍රීය වී තිබෙනවා. ඒ අනුව එහි තුන්වන ජනන යන්ත්‍රය පද්ධතියට එක්කිරීමට පියවර ගත් බව ලංකා විදුලිබල මණ්ඩල‍ය ප්‍රකාශ කළා.

විදුලි සැපයුම ගැන විදුලිබල මණ්ඩල‍යෙන් දැනුම් දීමක්

ජාතික විදුලිබල පද්ධතිය යළි සමතුලිත කර තිබෙනවා. ලංකා විදුලිබල මණ්ඩල‍ය ප්‍රකාශ කළේ ඒ අනුව, 20% ක පිරිසකගේ විදුලිය සැපයුම මේ වන විට යථාතත්ත්වය⁣ට පත් කර...

POPULAR ARTICLES

රට පුරා විදුලිය විසන්ධි වෙයි

මේ වන විට ලංකාව පුරා හදිසි විදුලිය බිඳ වැටීමක් සිදුව ඇති බව විදුලිබල මණ්ඩලයේ මාධ්‍ය ප්‍රකාශක ඉංජිනේරු නොයෙල් ප්‍රියන්න මහතා  පවසනවා. පද්ධතියේ ඇතිවී තිබෙන දෝෂයක්...

සුරාසල් විවෘතව තබන වේලාවේ වෙනසක්

දෙසැම්බර් මස 09 වනදා සිට ක්‍රියාත්මක වන පරිදි සුරාසල් විවෘත කරන හා වසනු ලබන වෙලාව සංශෝධනය කර තිබෙනවා. සුරාබදු ආඥා පනතේ 52 වැනි අධිකාරියේ 32-1...

පුත්තලමේ සනත් නිශාන්තගෙන් විශේෂ ප්‍රකාශයක්

තමන්ට පැනවූ පාර්ලිමේන්තු තහනම සම්බන්ධයෙන් අද (08) පාර්ලිමේන්තුවේදී විශේෂ ප්‍රකාශයක් සිදු කිරීමට නියමිත බව රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත මහතා පවසනවා. දින 14 කාලයක් සඳහා තමන්ට...