27 C
Colombo
Saturday, March 22, 2025

P.H.I ගේ ඝාතනය ගැන තොරතුරු තවම නැහැ – ටිරාන්

- Advertisement -

කරන්දෙණිය මහජන සෞඛ්‍ය පරීක්ෂක රොෂාන් කුමාර මහතාගේ ඝාතනය සම්බන්ධයෙන් මෙතෙක් කිසිදු තොරතුරක් හමු වී නොමැති බව මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතා පවසනවා.

ලංකාදීප වෙත ප්‍රකාශයක් ලබා දෙමින් මහජන ආරක්ෂක අමාත්‍යවරයා සඳහන් කර ඇත්තේ එම ඝාතනයේ සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට විවිධ පැති ඔස්සේ දිගින් දිගටම විමර්ශන සිදු කරන බවයි.

මෙම ඝාතනයට සැකකරුවන් සෙවීමේ පරීක්ෂණ කටයුතු සඳහා පරීක්ෂණ නිලධාරී කණ්ඩායම් කිහිපයක්ම යොදවා ඇති බවද වාර්තා වෙනවා.

පසුගිය 26 වැනිදා කරන්දෙණිය මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයා ඇල්පිටිය දිවිතුරුගම නිවසේදී වෙඩි තබා ඝාතනය කෙරුණා.

යතුරුපැදියකින් පැමිණි දෙදෙනෙකු රොෂාන් කුමාර මහතාට වෙඩි තබා පලා ගොස් තිබුණා.

මේ අතර එම ඝාතනය සම්බන්ධයෙන් යම්කිසි තොරතුරක් දන්නේ නම් වහා ලබා දෙන්නැයි පොලිසිය මහජනතාවගෙන් ඉල්ලා සිටිනවා.

RECENT ARTICLES - SINHALA

දේශබන්දු තෙන්නකෝන්ට විශේෂ ආරක්ෂාවක් ලබාදීමට පියවර

රක්ෂිත බන්ධනාගාරගත කර සිටින පොලිස්පති දේශබන්දු තෙන්නකෝන්ට විශේෂ ආරක්ෂාවක් ලබාදීමට පියවර ගෙන ඇතැයි බන්ධනාගාර දෙපාර්තමේන්තුව පවසනවා. එම දෙපාර්තමේන්තුව පැවසුවේ, පොලිස්පතිවරයා මේ වනවිට පල්ලෙකැලේ, දුම්බර බන්ධනාගාරයේ...

ගණේමුල්ල සංජීව ඝාතනයට තවත් සැකකරුවෙක් අත්අඩංගුවට

සංජීව කුමාර සමරරත්න නොහොත් ගනේමුල්ල සංජීව ඝාතනය කිරීමේ සිද්ධියට සහාය වූ බවට සැකපිට ඊයේ (21) තවත් පුද්ගලයෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ,  කොළඹ අපරාධ කොට්ඨාසයේ නිලධාරීන්...

දෙවුන්දර වෙඩිතැබීමකින් දෙදෙනෙකු මරුට

දෙවුන්දර ශ්‍රී විෂ්ණු දේවාලයේ දකුණු වාහල්කඩ ඉදිරිපස සිංහාසන මාර්ගයේ සිදුකළ වෙඩිතැබීමකින් තරුණයින් දෙදෙනෙකු ජිවිතක්ෂයට පත්ව තිබෙනවා. ඊයේ (21) රාත්‍රී 11.45ට පමණ මෙම වෙඩි තැබීම සිදු...

POPULAR ARTICLES