26.4 C
Colombo
Thursday, March 28, 2024

මාස්ක් නොදැම්මොත් තෙල් නෑ

- Advertisement -

මුහුණු ආවරණ නොමැතිව ඉන්ධන පිරවුම්හල් වෙත පැමිණෙන පුද්ගලයින්ට අද (01) සිට ඉන්ධන නිකුත් නොකරන බව ඛනිජ තෙල් අලෙවි නියෝජිතයින්ගේ සංගමය පවසනවා.

COVID-19 අවදානම රට තුළ යළිත් ඉහළ යමින් පවතින බැවින් මේ පිළිබඳව සියලුම ඉන්ධන පිරවුම්හල් දැනුවත් කර ඇති බවයි එහි සම ලේකම් කපිල නාඔටුන්න පවසන්නේ.

මුහුණු ආවරණ පැළඳ නොසිටින අයට ඉන්ධන ලබා නොදෙන ලෙස විස්තර කරමින් සෑම පිරවුම්හලකම අදාළ දැන්වීම් ප්‍රදර්ශනය කරන බවත් ඔහු පවසනවා.

මේ අතර, අද සිට කිව් ආර් කේතයේ සඳහන් අංකය සහ වාහන අංක තහඩුවේ සඳහන් අංකය පරීක්ෂාවට ලක් කිරීමෙන් පමණක් ඉන්ධන නිකුත් කරන ලෙස විෂයභාර අමාත්‍ය කංචන විජේසේකර සියලු පිරවුම්හල් හිමියන්ගෙන් සහ කළමනාකාරීත්වයෙන් ඉල්ලීමක් කර තිබුණා.

එමෙන්ම තමන්ගේ රථය සඳහා වෙන්වන ඉන්ධන කෝටාව ලබාගැනීමට සතියක කාලයක් පවතින බැවින් අද දිනයේම පිරවුම්හල් වෙත පැමිණ එය ලබාගැනීමට උත්සාහ නොකරන ලෙස බලශක්ති අමාත්‍යාංශය ජනතාවගෙන් ඉල්ලීමක් කළා.


RECENT ARTICLES - SINHALA

අද අපි සිංහල අවුරුද්ද සමරන්නේ ජනපති නිසා – වජිර

පසුගිය වසර තුනක කාලයක් අලුත් අවුරුද්ද සැමරීමට ජනතාවට අවස්ථාව හිමි නොවු බව පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධන මහතා පවසනවා. නමුත් රටේ සියලු ජනතාවට මෙවර අලුත් අවුරුද්ද...

මහරගම බෝ ගසේ අත්තක් කඩා වැටී දෙදෙනෙකුට තුවාල

මහරගම නගරයේ පිහිටි බෝ ගසක අත්තක් කඩා වැටී තිබෙනවා. මෙයින් පුද්ගලයින් දෙදෙනෙකු තුවාල ලබා තිබෙන බව පොලිසිය පවසනවා. මේ හේතුවෙන් හයිලෙවල් මාර්ගයේ දැඩි රථවාහන තදබදයක් පවතින...

බාෂික් ව අත්අඩංගුවට ගැනීමට එරෙහි අතුරු තහනම් නියෝගය දීර්ඝ කෙරේ

පොලිස් මත්ද්‍රව්‍යනාශක කාර්යාංශය විසින් නදිම් බාෂික් නමැත්තකු අත්අඩංගුවට ගැනීම වළක්වාලමින් නිකුත්කර තිබෙන අතුරු තහනම් නියෝගය අප්‍රේල් 29 වනදා දක්වා තවදුරටත් දීර්ඝ කරන ලෙස අභියාචනාධිකරණය...

POPULAR ARTICLES

කංචන පොහොට්ටු රැස්විමේ යකා නටලා

ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ විධායක සභා රැස්වීමේදී අමාත්‍ය කංචන විජේසේකර මහතා සහ හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ උපදේශකයෙකු වූ එරන්ද ගිනිගේ මහතා අතර...

අද ඩොලරය

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (26) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රු. 297.63ක් ලෙස...

අරක්කු මිල පහළට?

එළඹෙන සිංහල හා හින්දු අලුත් අවුරුද්දට පෙර සුරා බද්ද අඩු කළහොත් ගල් අරක්කු බෝතලයක මිල අඩු කළ හැකි බව නිෂ්පාදන සමාගම් සුරාබදු දෙපාර්තමේන්තුවට දැනුම්...