27.8 C
Colombo
Friday, April 26, 2024

රටේ ප්‍රශ්න කතා කරන්න පාර්ලිමේන්තුවටම මන්ත්‍රීවරු 08යි..!

- Advertisement -

සභාව කල් කල්තබන අවස්ථාවේ විවාදය පැවැත්වෙමින් තිබියදී සභාවේ ගණපූරණය නොමැතිවීම හේතුවෙන් මුලසුනේ සිටි සුරේන් රාඝවන් මන්ත්‍රීවරයා විසින් ඊයේ දින පාර්ලිමේන්තුව අද උදෑසන 10.00 දක්වා කල් තබනු ලැබීය.

ඒ හේතුවෙන් පස්වරු 5.30 ට පමණ පාර්ලිමේන්තුවේ කටයුතු හදිසියේම අත්හිටුවිණි.

පාර්ලිමේන්තුවේ ඝන පූර්ණය නොමැති බව මුලසුනට දැනුම් දීම සිදුකරනු ලැබුවේ සභාව කල්තබන අවස්ථාවේ යෝජනාව ඉදිරිපත් කළ සමගි ජන බලවේගයේ අනුරාධපුර දිස්ත්‍රික් මන්ත්‍රී රෝහණ බණ්ඩාර මහතා විසිනි.

තමාගේම කණ්ඩායමේ යෝජනාවක් විවාදයට ගැනෙමින් තිබෙන අවස්ථාවක එම කණ්ඩායමේම මන්ත්‍රීවරයකු ගණපූරණය පිළිබඳ ප්‍රශ්නය මතු කිරීම ඉතිහාසයේ පළමු වතාවට සිදු වූ සිද්ධියක් බවයි පැවසෙන්නේ.

ඒ අනුව මුලසුනේ සිටි මන්ත්‍රීවරයාගේ දැනුම් දීමට අනුව ‘මන්ත්‍රීවරුන් කැඳවීමේ සීනුව’ නාද කෙරුණු නමුත් ගණපූරණය සම්පූර්ණ වීමට ප්‍රමාණවත් මන්ත්‍රීවරුන් පිරිසක් සභා ගැබේ රැඳී නොසිටීම හේතුවෙන් මුලසුනේ සිටි මන්ත්‍රීවරයා විසින් පාර්ලිමේන්තුව කල් තබනු ලැබීය.

පාර්ලිමේන්තුවේ අවසන් වරට රැඳී සිටියේ ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරුන් හත් දෙනෙකු සහ විපක්ෂයේ එක් මන්ත්‍රීවරයකු පමණි.

RECENT ARTICLES - SINHALA

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සිරිසේනගේ මැයි රැලිය ගම්පහ

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මැයි රැලිය, නිදහස් සේවක සංගමය ඇතුළු වෘත්තීය සමිති සංවිධානත්වයෙන් මැයි 1 වැනිදා ගම්පහ නගර සභා පිටියේදී පැවැත්වීමට කටයුතු යොදා ඇති...

මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව ඩිජිටල්කරණය කරන්න ඕන-බන්දුල ගුණවර්ධන

ගොඩ ගැසී ඇති සියලු ම රියදුරු බලපත් එළඹෙන අගෝස්තු මාසය වන විට නිකුත් කර අවසන් කරන බව ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන...

මත්පැන් හිඟ බදු මුදල් ගැන තීරණයක්

2023 වසරට අදාළව මත්පැන් නිෂ්පාදකයින්ගෙන් අයවිය යුතු හිඟ බදු මුදල් ජුනි මස 30 වනදා වනවිට අයකර ගැනීමට කටයුතු කරන ලෙස ක්‍රම හා විධි පිළිබඳ...

POPULAR ARTICLES

ජාතික ගීය අක්‍රමවත්ව ගායනා කළැයි උමාරාට වැඩවරදියි

ජාත්‍යන්තර තරඟාවලියකදී ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ දක්වා ඇති ආකාරයට පටහැනිව ජාතික ගීය ගායනා කිරීම සම්බන්ධව නීතිමය පියවර ගන්නා බව ස්වදේශ කටයුතු අමාත්‍යංශය...

ඩොලරය පහළට

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (24) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රු. 295.43ක් ලෙස...

අරගලයේ වෙනස අපි පටන් ගන්න සුදානම්-නාමල්

අරගල සමයේ සටන් පාඨය බවට පත්වූ ක්‍රම වෙනසක් ඇති කිරීම සිය පක්ෂය තුළින්ම ආරම්භ කිරීමට සූදානම් බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක, පාර්ලිමේන්තු...