31 C
Colombo
Tuesday, April 30, 2024

පාලිත තෙවරප්පෙරුමගේ අවසන් කටයුතු ගැන දැනුම්දීමක්

- Advertisement -

අභාවප්‍රාප්ත පාලිත තෙවරප්පෙරුම මහතාගේ දේහය පිළිබඳ අවසන් කටයුතු ලබන සෙනසුරාදා පවුලේ සුසාන භූමියේදී සිදුකිරීමට නියමිත බව පවුලේ ඥාතීන් සඳහන් කරනවා.

එක්සත් ජාතික පක්ෂයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු, හිටපු නියෝජ්‍ය අමාත්‍යවරයෙකු වූ පාලිත තෙවරප්පෙරුම මහතා ඊයේ (16) අභාවප්‍රාප්ත වුණා.

මියයන විට 64 වැනි වියෙහි පසුවු තෙවරප්පෙරුම මහතාගේ මරණයට හේතුව විදුලි සැර වැදීමක් බව ඥාති පුත්‍රයෙකු සඳහන් කළා.

1960 වසරේදී උපත ලැබූ පාලිත කුමාර තෙවරප්පෙරුම මහතා ශ්‍රී ලාංකේය දේශපාලනයේ කතාබහට ලක්වුණු චරිතයක්.

2002 වසරේදී මතුගම ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයා වූ පාලිත තෙවරප්පෙරුම මහතා බස්නාහිර පළාත් සභාවේ සභිකයෙකු ලෙසද කටයුතු කළා.

2010 වසරේ සිට 2020 වසර දක්වා කළුතර දිස්ත්‍රික්කය නියෝජනය කරමින් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙස කටයුතු කළ ඔහු ස්වදේශ කටයුතු, වයඹ සංවර්ධන සහ සංස්කෘතික කටයුතු නියෝජ්‍ය අමාත්‍යවරයා ලෙසත් වනජීවි නියෝජ්‍ය අමාත්‍යවරයා ලෙසත් ඔහු ක්‍රියා කර තිබෙනවා.

2020 වසරේ පැවති පාර්ලිමේන්තු මහ මැතිවරණයට තරග කළ ඔහුට නැවත පාර්ලිමේන්තුව නියෝජනය කිරීමට අවස්ථාව හිමි නොවූ අතර අනතුරුව සක්‍රීය දේශපාලනයෙන් ද ඔහු ඈත් වුණා.

RECENT ARTICLES - SINHALA

මම කඩේ යන්නේ රටේ ජනතාවට විතරයි – ප්‍රසන්න

රට වර්ථමානයේ මුහුණ පා සිටින අර්බුදයෙන් ගොඩගත හැක්කේ අත්දැකීම් ඇති පරිණත නායකයෙකුට පමණක් බැවින් අත්දැකීම් නොමැති අලුත් පිරිසකට රට භාර දීමට කටයුතු නොකරන ලෙසට...

නීතිඥවරු එක්ක මුරුත්තෙට්ටුවේ හිමිට තරහ ගිහින්

කුඩු කාරයන්ට, පාතාලයන්ට නැති තුවක්කු කොස් කොටන්න දැයි මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියන් පවසවා. උන් වහන්සේ ඒ බව පැවැසූවේ ඊයේ (29) නාරාහෙන්පිට අභයාරාමයේදී පැවති මාධ්‍ය හමුවකදී. මහජන ආරක්ෂ...

මැයි දිනේට සෙනග අදින්න CTB බස් 1500ක් ඉල්ලලා

මැයි දිනය වෙනුවෙන් දේශපාලන පක්ෂ ශ්‍රී ලංකා ගමනා ගමන මණ්ඩලයෙන් බස් රථ එක්දහස් පන්සියයක් ඉල්ලා තිබෙන බවට වාර්තා වනවා. කෙසේනමුත් ඊයේ (29) සවස වනවිට මුදල්...

POPULAR ARTICLES

චොප්පෙගේ පුතා මරදානේ ඩීන්ස් පාර වහලා අවුරුදු උත්සවයක් තියලා

0
කොළඹ ප්‍රධාන මාර්ගයක් වන මරදාන ඩීන්සා පාර සම්පූර්ණයෙන්ම වසා දමා අවුරුදු උත්සවයක් පැවැත්වීමට මැද කොළඹ, සුදුවැල්ල නාගරික කොට්ඨාසයේ එක්සත් ජාතික පක්ෂ ප්‍රධාන සංවිධායක කිත්සිරි...

විස්සයි විස්ස ක්‍රිකට් ඉතිහාසය අලුත් කළ පන්ජාබ් කිංග්ස්

පන්දුවාර විස්සයි විස්ස ක්‍රිකට් ඉතිහාසයේ ඉහළම ලකුණු හඹා යෑමේ වාර්තාව පන්ජාබ් කිංග්ස් කණ්ඩායම තමන් සතු කර ගත්තා. ඒ, ඉන්දීය ප්‍රිමියර් ලීග් පන්දුවාර විස්සයි විස්ස...

පොලිසියේ පස්දෙනෙක්ට ජීවිතාන්තය දක්වා සිර දඬුවම්

කන්තලේ භාරතීපුරම් ගම්මානයේදී මීට වසර 26කට පෙර නිරායුධ දෙමළ සිවිල් වැසියන් අටදෙනෙකු භාරතීපුරම් පොලිස් ස්ථානයට රැගෙන විත් සන්නද්ධ කණ්ඩායමක් විසින් වෙඩි තබා මරා දමන...