32 C
Colombo
Thursday, May 9, 2024

ව්‍යාපාරයට වුණු පාඩුවට වන්දි ඉල්ලා ව්‍යාපාරිකයෙකුගෙන් රාජපක්ෂලාට එන්තරවාසියක්

- Advertisement -

2019 වසරේ සිට 2022 වසර දක්වා වූ කාලය අතරතුරදී තම ව්‍යාපාරයට සිදු වූ හානියට රුපියල් මිලියන 50ක වන්දි ගෙවන ලෙස දන්වා ව්‍යාපාරිකයකු වන කාලිංග සිල්වා මහතා හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඇතුළු පිරිසකට එන්තරවාසි යවා තිබෙනවා.

නිසි මූල්‍ය කළමනාකරණයක් පවත්වාගෙන යෑමට අපොහොසත්වීම නිසා සිය ව්‍යාපාරයට සිදුවූ හානිය වෙනුවෙන් හිටපු අගමැති මහින්ද රාජපක්‍ෂ, හිටපු මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ හා හිටපු මහ බැංකු අධිපති අජිත් නවාඩ් කබ්රාල් යන මහත්වරුන්ට හා ශ්‍රී ලංකා මහ බැංකුවේ මූල්‍ය මණ්ඩලයේ සාමාජිකයන් පිරිසකට මෙලෙස එන්තර වාසි යොමු කර ඇති බව සඳහන්.

සිවිල්ටාර් නීතිඥ උපදේශක සමාගමේ නීතිඥ ප්‍රමෝද් පොල්පිටිය මහතා මගින් එම එන්තරවාසි යොමු කර තිබෙනවා.

එහි වැඩිදුරටත් සඳහන් කර ඇත්තේ  දින 14ක් ඇතුළත එම වන්දි මුදල ගෙවීමට අපොහොසත් වුවහොත් නඩු පවරා එම වන්දි මුදල අයකර ගැනීම සඳහා පියවරගන්නා බවයි.

ශ්‍රේෂ්ඨාධිකරණය විසින් මේ වනවිටත් නිකුත් කර ඇති මූලික අයිතිවාසිකම් පෙත්සම් සම්බන්ධයෙන් වූ තීන්දු ප්‍රකාශය අනුව රටේ ආර්ථික පරිහානියට මහින්ද රාජපක්ෂ මහතා ඇතුළු පෙරකී පිරිස වගකිව යුතු බවට නිගමනය කර ඇති බැවින් එකී කාලසීමාව තුළදී තමන්ගේ ව්‍යාපාර කඩාවැටීමෙන් සිදුවූ හානියට එකී වන්දි මුදල අයකර ගැනීමට තීරණය කළ බව පන්නිපිටිය ලියනගේ මාවතේ පදිංචි කාලිංග සිල්වා මහතා එම එන්තරවාසි මගින් පෙන්වාදී තිබෙනවා.

RECENT ARTICLES - SINHALA

උත්තර පත්‍ර පරීක්ෂකවරුන් සඳහා අයදුම්පත් කැඳවයි

පිරිවෙන් සාමාන්‍ය පෙළ විභාගය 2023 (2024) උත්තර පත්‍ර පරීක්ෂකවරුන් සඳහා අයදුම්පත් කැඳවීම මාර්ගගත ක්‍රමයට සිදුකෙරෙන බව විභාග දෙපාර්තමේන්තුව දැනුම්දෙනවා. ඒ අනුව 2024.05.03 දින පස්වරු 4...

නීති විරෝධී ලන්ච් ෂීට් තොගයක් වටලයි

නීති විරෝධී පොලිතීන් “ලන්ච් ෂීට්” තොගයක් කැස්බෑව සහ බෙල්ලන්විල ප්‍රදේශයේ සිදුකළ වැටලීමකින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. මධ්‍යම පරිසර අධිකාරිය, පරිසර පොලිස් ඒකකය සහ පාරිභෝගික කටයුතු...

ඖෂධ අධිකාරියේ හිටපු CEO රිමාන්ඩ්

ජාතික ඖෂධ නියාමන අධිකාරියේ හිටපු ප්‍රධාන විධායක නිලධාරී වෛද්‍ය විජිත් ගුණසේකර මහතාව එළඹෙන 20 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබෙනවා. ඔහුව මාළිගාකන්ද මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත්...

POPULAR ARTICLES

වාහන ආනයන බලපත්‍ර හිමිවන රාජ්‍ය සේවකයින් මෙන්න

වයස අවුරුදු 60 සම්පුර්ණවීමෙන් පසුව විශ්‍රාම ගිය ජේෂ්ඨ රාජ්‍ය නිලධාරීන් සහ අධිකරණ ජේෂ්ඨ නිලධාරීන් සඳහා තීරුබදු සහන සහිත වාහන ආනයන බලපත්‍ර ලබාදීමට රජය තීරණය...

හෙද සේවය ඇතුළු සෞඛ්‍ය සේවාවල විශ්‍රාම වයස් සීමාවේ වෙනසක්

හෙද කාර්ය මණ්ඩලයේ ඇතුළු ඇතැම් සෞඛ්‍ය සේවාවල විශ්‍රාම යාමේ වයස අවුරුදු 61 දක්වා දිර්ඝ කරන ලෙස ඉල්ලා අමාත්‍ය මණ්ඩලයට කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කළ බව...

ලිට්‍රෝ ගෑස් ලොකු වැඩකට අත ගහලා

නව ගෑස් පිරවුම් පර්යන්තයක් හෙට (08) දිනයේ කඩුවෙල – මාබිම ප්‍රදේශයේ දී විවෘත කරන බව ලිට්‍රෝ ගෑස් සමාගම පවසනවා. එම සමාගමේ සභාපති මුදිත පීරිස් මහතා...