27.6 C
Colombo
Monday, May 20, 2024

ඇමති ට්විටරයෙන් තෙල් බෙදයි

- Advertisement -

වර්ජනය මධ්‍යයේ වුවද ඉන්ධන බෙදා හැරීම් කටයුතු සිදුවන බව බලශක්ති සහ විදුලිබල අමාත්‍ය, කංචන විජේසේකර පවසනවා.

ඒ වෙනුවෙන් ශ්‍රී ලංකා ඛනිජ තෙල් තොග ගබඩා පර්යන්තයේ සහ ඩිපෝවල මෙහෙයුම් සිදුවෙමින් පවතින බවයි සිය ට්විටර් ගිණුමේ සටහනක් තබමින් අමාත්‍යවරයා පවසන්නේ.

මේ අතර දුම්රිය, රජය සතු බවුසර් සහ කූලි පදනම මත
ලබාගත් පෞද්ගලික ඉන්ධන බවුසර් රථ යොදා ගනිමින්
එම කටයුතු ආරම්භ කර ඇති බවත් අමාත්‍යවරයා සඳහන් කරනවා.

එමෙන්ම, වර්ජනයේ යෙදී සිටින ඇතැම් පෞද්ගලික කුලී
බවුසර් සාමාජිකයින් බෙදාහැරීම් ආරම්භ කර ඇති
ටැංකිවලට බාධා කරන බවට හඳුනාගෙන ඇති බව ද
කංචන විජේසේකර අමාත්‍යවරයා තැබු සටහනේ සඳහන් වනවා.

මේ අතර, තම වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය අඛණ්ඩව සිදුකරන බව ලංකා ඛනිජ තෙල් පෞද්ගලික ටැංකි හිමියන්ගේ සංගමය පවසනවා.

පෙරේදා මධ්‍යම රාත්‍රීයේ සිට එම සංගමය මෙම වෘත්තීය
සමිති ක්‍රියාමාර්ගය ආරම්භ කළ අතර ඔවුන් පවසන්නේ
ඉල්ලීම් ලැබෙන තුරු එම වර්ජනය අඛණ්ඩව ක්‍රියාත්මක
කරන බවයි.

වර්ජනය හේතුවෙන් ඉන්ධන බෙදාහැරීමේ කටයුතුවලටද
ඊයේ දිනයේ දැඩි බාධා එල්ල වී තිබුණි.

මේ අතර, ලංකා ඛනිජ තෙල් පෞද්ගලික ටැංකි
හිමියන්ගේ සංගමයට සහාය දක්වමින් ලංකා ඉන්දියන්
ඔයිල් පෞද්ගලික බවුසර් හිමියන්ගේ සංගමය ද ඉන්ධන
බෙදාහැරීමේ කටයුතුවලින් ඉවත් වී තිබේ.


RECENT ARTICLES - SINHALA

පාර්ලිමේන්තුවේ කෑම රස නැහැ

පාර්ලිමේන්තුවේ භෝජනාගාර අංශයෙන් දෙන කෑම කිසිම ගුණාත්මකභාවයක් නැති බව මන්ත්‍රීවරුන් පිරිසක් කතානායකවරයාට පැමිණිලි කර තිබෙනවා. ඔවුන් මෙසේ පැමිණිලි කර ඇත්තේ පසුගිය 10 වැනිදා පැවැති පාර්ලිමේන්තු...

තද වැසි ගැන රතු නිවේදනයක්

කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් තද වැසි පිළිබඳ අනතුරු ඇඟවීමේ රතු නිවේදනයක් නිකුත් කර තිබෙනවා. බස්නාහිර, සබරගමුව, වයඹ පළාත් සහ ගාල්ල, මාතර, මහනුවර, නුවරඑළිය සහ මන්නාරම දිස්ත්‍රික්ක...

ජාතික සමඟිය වෙනුවෙන් කටයුතු  කළ ඥානසාර හිමිට නිදහස දෙන්න – මහනාහිමිවරු

ගලගොඩඅත්තේ ඥානසාරහිමිට ජනාධිපති සමාව ලබා දෙන්නැයි ඉල්ලා තෛයිනිකායික මහනාහිමිවරු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට ලිපියක් යොමු කර තිබෙනවා. 2016 වසරේදී කූරගල රජමහා විහාරස්ථානය සම්බන්ධ පැවැති මාධ්‍ය...

POPULAR ARTICLES

කෞෂල්‍ය නවරත්න බාර් කවුන්සිලයෙන් ඉවතට

ශ්‍රී ලංකා නීතිඥ සංගම⁣යේ සභාපති ජනාධිපති නීතිඥ කෞෂල්‍ය නවරත්න මහතාගේ මූලිකත්වයෙන් ඊයේ (18) රැස්වූ එම සංගමයේ සාමාජිකයන් දහසකට ආසන්න පිරිසකගෙන් සමන්විත බාර් කවුන්සිලය එම...

ඉරාන ජනපති තවමත් අතුරුදහන්. හෙලිකොප්ටරයේ සුන්බුන් බවට සැක කෙරෙන තාප ප්‍රභවයක් හඳුනාගෙන

Update:ඉරාන ජනාධිපති ඊබ්‍රහිම් රයිසි ගමන් ගත් හෙලිකොප්ටර් යානය කඩා වැටුණු ස්ථානය ගවේෂණ කණ්ඩායම් විසින් සොයාගෙන තිබෙනවා. විදෙස් මාධ්‍ය වාර්තා කළේ තවත් නොබෝ වෙලාවකින් එම කණ්ඩායම...

හෙලිකොප්ටර් අනතුරින් ඉරාන ජනපති සහ විදේශ කටයුතු ඇමති මරුට

ඉරාන ජනාධිපති ඊබ්‍රහිම් රයිසි සහ ඉරාන විදේශ අමාත්‍ය හොසේන් අමීර්අබ්දුල්රහීන් සහ තවත් රාජ්‍ය නිලධාරීන් කීප දෙනකු හෙලිකොප්ටර් අනතුරින් මියගොස් ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා...