29.7 C
Colombo
Sunday, April 28, 2024

අපි හන්දියක් ගානේ ව්‍යවස්ථාව ගිනි තියනවා..! – ජන්තවංශ හිමි

- Advertisement -

පාර්ලිමේන්තුවේ මහජන නියෝජිතයින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව තුළ සිරවී තම දේශපාලන ස්ථාවරයන් රැකගෙන ජනතාව අවදානමේ හෙළාගෙන සිටියි නම් එවන් ව්‍යවස්ථාවකින් ඵලක් නොමැති හෙයින් එය හන්දියක් හන්දියක් ගානේ ගිනිතැබීමට තමන් සූදානම් බව පාගොඩ ජන්තවංශ හිමියන් පවසනවා.

ඒ, අන්තර්වාර පාලනයක් වෙනුවෙන් දේශපාලන පක්ෂ දැනුවත් කිරීම සඳහා මහා සංඝරත්නය විසින් ඊයේ (30) කොළඹ පදනම් ආයතනයේ පැවැත්වූ රැස්වීම අමතමින්.

“අනිවාර්යයෙන්ම කියන්න තියෙන්නෙ, මේ රටේ ප්‍රධාන ජනතා පරමාධිපත්‍යය. ජනතා පරමාධිපත්‍යයට එහායින් ගිය ව්‍යවස්ථාදායකයකුත් නෑ, විධායකයකුත් නෑ, අධිකරණයකුත් නෑ. අපි ජාතික ගීය කියනකොට සීරුවෙන් ඉන්නවා, එහා පැත්තෙ එකා කලන්තෙ දාලා වැටුණොත් අපි සීරුවෙන් ඉන්නෙ නෑ. ඒ වගේ රට ඔක්කොම කඩාවැටිලා තියෙන වෙලාවක, බෙහෙත් ටික නැතුව මිනිස්සු මැරෙන්න යන වෙලාවක, කන්න නැතුව මිනිස්සු මැරෙන්න යන වෙලාවක, අද මේ රටේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව තුළට හිරවෙලා, තමන්ගෙ දේශපාලන ස්ථාවරයෙන් රැකගෙන ජනතාව මැරියං කියලා රටේ පාර්ලිමේන්තුවේ ඉන්න මහජන නියෝජිතයින් ඉන්නවා නම් ඒ මහජන නියෝජිතයොත් අපට වැඩක් නෑ, ඒ ව්‍යවස්ථාවත් අපට වැඩක් නෑ. අපි හන්දියක් හන්දියක් ගාණෙ මේ ව්‍යවස්ථාව ගිනිතියනවා”

43 සේනාංකයේ නායක පාඨලී චම්පික රණවක මහතා ද ඒ අවස්ථාවේදී එහිමි සමීපයෙහි සිටිනු දක්නට ලැබිණි.


RECENT ARTICLES - SINHALA

හෙට තද වැසි

බස්නාහිර, සබරගමුව, දකුණු සහ වයඹ පළාත්වල ඇතැම් ස්ථානවල හෙට (29) දිනයේ මි.මී. 100ට වැඩි තද වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. නිවේදනයක් නිකුත්...

සහල් සිද්ධිය ගැන කඩිනම් පරීක්ෂණයක්

රජය විසින් නොමිලයේ බෙදාහරින සහල් ප්‍රමිතියෙන් බාල සහ ජනතාවට අලෙවි කරන බවට එල්ල වන ප්‍රකාශ සම්බන්ධයෙන් වහාම පරීක්ෂණයක් පවත්වන ලෙස රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය ලේකම්...

ලංකාවට පාකිස්තානයෙනුත් ලොකු ලූනු

පාකිස්තානයෙන් ලොකු ලූනු ආනයනය කිරීමට ශ්‍රී ලංකාව යළිත් පියවර ගෙන තිබෙනවා. අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය ආනයනකරුවන්ගේ සංගමය සඳහන් කළේ පාකිස්තානය විසින් ලොකු ලූනු අපනයනය සඳහා පනවා...

POPULAR ARTICLES

චොප්පෙගේ පුතා මරදානේ ඩීන්ස් පාර වහලා අවුරුදු උත්සවයක් තියලා

0
කොළඹ ප්‍රධාන මාර්ගයක් වන මරදාන ඩීන්සා පාර සම්පූර්ණයෙන්ම වසා දමා අවුරුදු උත්සවයක් පැවැත්වීමට මැද කොළඹ, සුදුවැල්ල නාගරික කොට්ඨාසයේ එක්සත් ජාතික පක්ෂ ප්‍රධාන සංවිධායක කිත්සිරි...

සාපෙළ විභාගය ගැන විශේෂ දැනුම්දීමක්

මෙවර අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය ඉලක්ක කරගනිමින් සිදුකෙරෙන උපකාරක පංති, සම්මන්ත්‍රණ පැවැත්වීම ලබන 30 වැනිදා මධ්‍යම රාත්‍රී සිට අත්හිටුවන බව විභාග...

ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමට සුපිරි ජයක්

විස්සයි විස්ස කාන්තා ලෝක කුසලාන තරගාවලියට සුදුසුකම් ලබාගැනීමේ වටයේ පළමු තරගයේ ජය හිමිකරගැනීමට ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම අද (24) සමත්වුණා. ඒ ලකුණු 67කින් තායිලන්ත...