ඔක්සිජන් ටැංකි 7 ක් සහිත ‘ඔක්සිජන් එක්ස්ප්‍රස්’ දුම්රිය ඉන්දියාවේ මහාරාෂ්ඨ ප්‍රාන්තය වෙත ගමන් කෙරුණා.
අදාළ දුම්රිය ටැංකි 7 න් තුනක් නාග්පූර්හිදී ප්‍රාන්ත රෝහල්වල භාවිතය සඳහා මුදාහැර තිබෙනවා.
මෙම එක් ඔක්සිජන් ටැංකියක අන්තර්ගත ද්‍රව ඔක්සිජන් ප්‍රමාණය ටොන් 15 ක් බවයි වාර්තා වන්නේ.
ගත වූ පැය 24 තුළ පමණක් මහාරාෂ්ට ප්‍රාන්තයෙන් කොවිඩ් අසාදිතයින් 66,836 දෙනෙකු වාර්තා වී ඇති අතර 773 දෙනෙකු එම කාලය තුළ මිය ගොස් තිබෙනවා.
ඉන් බොහෝ දෙනෙකු මියගොස් ඇත්තේ, ඔක්සිජන් පහසුකම් නොමැති වීමෙන්වීම විශේෂත්වක්.
මේ අතර නවදිල්ලි නුවර කොවිඩ් රෝගීන්ද ඔක්සිජන් හා රෝහල්වල ඉඩ පහසුකම් නොමැති වීමෙන් දැඩි අවදානමකට මුහුණ දී සිටිනවා.
නව දිල්ලියෙන් ගත වූ පැය 24 තුළ වාර්තා වූ කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව 24,331 ක් වන අතර මිය ගිය ගණන 348 කි.
ඒ, දිල්ලියෙන් වාර්තා වූ වැඩිම දෛනික කොවිඩ් මරණ සංඛ්‍යාව ලෙසයි.
සමස්ත ඉන්දියාවෙන් ද ගත වූ පැය 24 තුළ කොවිඩ් ආසාදිතයින් තුන් ලක්ෂ 32,730 කු වාර්තා වී අතර මරණ සංඛ්‍යාව 2,263 කි.

