30.3 C
Colombo
Friday, April 26, 2024

කාශ්මීර පණ්ඩිතයන්ගේ ප්‍රශ්නය යළි ඇදෙයි

- Advertisement -

මේ දිනවල ගෝලීය වශයෙන් ජනප්‍රියත්වයට පත්ව ඇති “කාශ්මීර් ෆයිල්ස්” චිත්‍රපටය හේතුවෙන් කාශ්මීර පණ්ඩිත ප්‍රජාවට එරෙහිව සිදුවූ ප්‍රචණ්ඩ ක්‍රියා පිළිබද ගැටලුව යළි කරලියට පැමිණ තිබේ.

ඒ අනුව කාශ්මීර පණ්ඩිත ප්‍රජාවේ අයිතීන් පිළිබද අදහස් පළකරන සංවිධාන ගණනාවක් පාකිස්තානය සහ කාශ්මීර අන්තවාදීන් කාශ්මීර පණ්ඩිත ප්‍රජාව විනාශකිරීමට වගකිව යුතු බවත් මේ පිළිබද අන්තර් ජාතික පරීක්ෂණයක් පැවැත්විය යුතු බවටත් අදහස් පළ කරන්න‍ට පටන් ගෙන ඇති බව වාර්තා වේ.

කාශ්මීර පණ්ඩිතයන් හෙවත් කාශ්මීරි බ්‍රාහ්මණයන් යනු කාශ්මීරයේ ජීවත් වන හින්දු සමූහයක් වන අතර ඔවුන් ඉන්දියාවේ සාරස්වත් බ්‍රාහ්මණ ප්‍රජාවේ කොටසකි.

ජම්මු සහ කාශ්මීර නිම්නයේ කඳුකර ප්‍රදේශවල ජීවත් වූ ඔවුන් මීට වසර ගණනාවකට පෙර අන්තාවාදී මුස්ලිම් කණ්ඩායම් විසින් ඝාතනය කිරීම සහ පළවා හැරීම සිදු කරනු ලැබිණ.

මේ හේතුවෙන් ඔවුන්ට ප්‍රදේශයෙන් පිටුවහල්ව ජීවත්වීමට සිදුවූ අතර මී‍ට අදාළ සිදුවීම් කාශ්මීර් ෆයිල්ස් සිනමා පටය මගින් සාකච්ඡා කර තිබේ.

RECENT ARTICLES - SINHALA

දුම්රියට ගොඩ වෙන්න හැදූ දෙදෙනෙක් අනතුරක

කොළඹ කොටුව දුම්රිය ස්ථානයේදී දුම්රියකට ඇතුළු වීමට උත්සාහ කළ  පුද්ගලයන් දෙදෙනෙකු අනතුරකට ලක්ව තිබෙනවා. කොළඹ කොටුව සිට මහනුවර බලා ධාවනය වීමට නියමිත දුම්රිය වේදිකාවේ නැවැත්වීමට...

ගාසා ළමා අරමුදලට මුදල් පරිත්‍යාග රැසක්

ගාසාහි ගැටුම්වලින් විපතට පත්වූවන් වෙනුවෙන් සහන සැලසීම සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් ආරම්භ කරනු ලැබූ ගාසා හි ළමා අරමුදල (Children of Gaza Fund)...

අපරාධවලින් ඉපයූ ධනය යළි අය කරගන්න නීතියක්

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග විස්තීරණ ණය පහසුකම ලබා ගැනීම සඳහා එළැඹ ඇති ගිවිසුම අනුව 2014 වර්ෂය වන විට වත්කම් අය කර ගැනීම සම්බන්ධයෙන් පරිපූර්ණ...

POPULAR ARTICLES

ඩොලරය පහළට

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (24) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රු. 295.43ක් ලෙස...

ජාතික ගීය අක්‍රමවත්ව ගායනා කළැයි උමාරාට වැඩවරදියි

ජාත්‍යන්තර තරඟාවලියකදී ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ දක්වා ඇති ආකාරයට පටහැනිව ජාතික ගීය ගායනා කිරීම සම්බන්ධව නීතිමය පියවර ගන්නා බව ස්වදේශ කටයුතු අමාත්‍යංශය...

සාපෙළ විභාගය ගැන විශේෂ දැනුම්දීමක්

මෙවර අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය ඉලක්ක කරගනිමින් සිදුකෙරෙන උපකාරක පංති, සම්මන්ත්‍රණ පැවැත්වීම ලබන 30 වැනිදා මධ්‍යම රාත්‍රී සිට අත්හිටුවන බව විභාග...