31 C
Colombo
Saturday, July 27, 2024

බුර්කාව තහනම් කිරීම සම්බන්ධයෙන් පාකිස්තානය කනස්සල්ල පළ කරයි

- Advertisement -

බුර්කාව සහ නිකාබය තහනම් කිරීමට ශ්‍රී ලංකාව ගෙන ඇති පියවර පිළිබඳව පාකිස්තාන රජය සිය කනස්සල්ල පළ කර තිබෙනවා.

ශ්‍රී ලංකාවේ පකිස්තානු මහකොමසාරිස් සාද් ඛට්ටක් මහතා පවසන්නේ ශ්‍රී ලංකාවේ නිකාබ් තහනම බොහෝ විට ලොව පුරා සිටින සාමාන්‍ය ශ්‍රී ලාංකික මුස්ලිම්වරුන්ගේ සහ මුස්ලිම්වරුන්ගේ හැඟීම්වලට හානියක් වන බවයි.

ඔහු ට්විටර් පණිවුඩයක් තබමින් කියා සිටින්නේ, රට මුහුණ දී ඇති කොරෝනා වෛරස් වසංගත තත්ත්වය සහ රටේ ප්‍රතිරූපය සම්බන්ධ වෙනත් අභියෝග හේතුවෙන් එය ආර්ථික වශයෙන් දුෂ්කර කාලයට තවදුරටත් බලපානු ඇති බවයි.

පසුගිය සෙනසුරාදා (13) මහජන ආරක්ෂක අමාත්‍ය සරත් වීරසේකර මහතා කියා සිටියේ බුර්කාව තහනම් කිරීම සඳහා වන කැබිනට් නියෝගයකට තමන් අත්සන් කර ඇති බවත්, ඒ සඳහා ඉදිරියේදී පාර්ලිමේන්තු අනුමැතිය අවශ්‍ය බවත්ය.

ඔහු කියා සිටියේ බුර්කාව සහ නිකාබ් තහනම් කිරීමේ තීරණය ජාතික ආරක්ෂක අවශ්‍යතා මත ගෙන ඇති බවයි.


RECENT ARTICLES - SINHALA

ලෝකය පුරා ”අධික තාප වසංගතයක්”

වාර්තාගත ලෙස ලෝක උෂ්ණත්වය ඉහළ ගොස් ඇති බැවින්, ලොව පුරා බිලියන සංඛ්‍යාත ජනතාවක් “අධික තාප වසංගතයක්” අත්විඳිමින් සිටින බව එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මහලේකම් අන්ටෝනියෝ...

මෛත්‍රිගෙන් දයාසිරිට අභියෝගයක්

ඉදිරි අගෝස්තු 08 වන දින සමගි ජන බලවේගය සමග එක් වීමට දයාසිරි ජයසේකර ඇතුළු පිරිසක් මේ වන විටත් ගිවිසුම්ගත වී සිටින අතර ඒ සම්බන්ධයෙන්...

අගමැති හදන්නේ විධායකයයි අධිකරණයයි අතර ගැටුමක් හදන්න-ඉරාන්

පොලිස්පතිවරයාට ශ්‍රේෂ්ඨාධිකරණ ලබාදුන්න නියෝගය පිළිනොගන්නා බව අගමැතිවරයා පාර්ලිමේන්තුවේදි සිදුකළ ප්‍රකාශය සම්පුර්ණයෙන් ප්‍රතික්ෂේප කරන බව පාර්ලිමේන්තු මන්ත්‍රී ඉරාන් වික්‍රමරත්න මහතා පවසනවා. මන්ත්‍රීවරයා මේ බව පැවසුවේ ඊයේ...

POPULAR ARTICLES

අසාදු ලේඛනයට යන වාහන

පරිසරයට අහිතකර දුම් පිටවන වාහන 93ක් පමණ මේ වසර තුළ අසාදු ලේඛන ගත කර ඇති බව වායු විමෝචන භාරකාර අරමුදල පවසනවා. එහි අධ්‍යක්ෂ දසුන් ගමගේ...

අනුරගේ ප්‍රකාශයට හරින්ගෙන් පිළිතුරු ලිපියක්

පසුගිය දිනක ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා විසින් හරීන් ප්‍රනාන්දු සහ මනූෂ නානයක්කාර මහතාගේ විදෙස් ගමන් සදහා මුදල් වැය වූ ආකාරය...

අද ඩොලරය

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (24) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව ඩොලරයේ අගයෙහි සුළු වෙනසක් සිදුව තිබෙනවා. ඒ අනුව ඩොලරයේ...