27 C
Colombo
Friday, May 3, 2024

රට ආහාර අර්බුදයක – පකිස්තාන අගමැති

- Advertisement -

දරුණු ගංවතුර තත්ත්වය හේතුවෙන් රටේ ආහාර අර්බුදයක් ඇතිවී තිබෙන බව පාකිස්ථාන අගමැති ෂබාස් ෂරිෆ් ප්‍රකාශ කර සිටිනවා.

තුර්කි ජනාධිපති රිසෙප් තායිප් අර්ඩගොන් සමග පැවති දුරකථන සංවාදයකදී පාකිස්ථාන අගමැතිවරයා මේ බව සඳහන් කර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කර සිටියේ.

මේ අතර පීඩාවට පත්ව සිටින සිය රට වෙනුවෙන් තුර්කිය විසින් ප්‍රදානය කරනු ලැබූ ආහාර හා ඖෂධ පිරවූ ගුවන් යානා 12ක් මෙන්ම දුම්රිය 04ක් වෙනුවෙන් ද පාකිස්ථාන අගමැතිවරයා මෙහිදී සිය ස්තුතිය පුදකර තිබෙනවා.

මේ අතර පාකිස්ථාන අගමැතිවරයා විසින් ගංවතුරෙන් හානියට පත්වූ ප්‍රදේශ නැවත ගොඩ නැගීමට ද තුර්කියෙන් උපකාර ඉල්ලා ඇති බව සඳහන්.

ගංවතුරෙන් නිවාස හානියට පත්වූ පකිස්තානයේ ලක්ෂ 06 කට අධික ජනතාවක් මේ වන විට සරණාගත කඳවුරු තුල මෙන්ම තාවකාලික රැදවුම් මධ්‍යස්ථානවල ලැඟුම් ගෙන සිටිනවා.

ඔවුන්ට අවශ්‍ය ආහාර පාන සැපයීම සඳහා පාකිස්ථාන හමුදාව, එක්සත් ජාතීන්ගේ සංවිධානය, රාජ්‍ය නොවන සංවිධාන පියවර ගනිමින් සිටින බවයි වාර්තා වන්නේ.

RECENT ARTICLES - SINHALA

හෙටින් ඇරඹේන පාසල් නිවාඩුව

රජයේ අනුමත සිංහල, දෙමළ සහ මුස්ලිම් පාසල්වල 2024 පළමු පාසල් වාරයේ දෙවන අදියර හෙටින් (03) අවසන් කරන බව අධ්‍යාපන අමාත්‍යාංශය පවසනවා. ඒ අනුව පළමු වාරයේ...

බස් ගාස්තු සංශෝධනය වීමක් නැහැ

ඉන්ධන මිල අඩු වුවත් බස් ගාස්තු සංශෝධනයක් සිදු නොකරන බව ජාතික ගමනා ගමන කොමිෂන් සභාව පවසනවා. නිවේදනයක් නිකුත් කරමින් එම කොමිෂන් සභාව පැවසුවේ පසුගිය 30...

අපිත් රැළිය පාරේ ගත්තනම් සෙනඟ පෙන්නන්න තිබුණා-නාමල්

මැයි රැළිය පැවැත්වීමට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණද මහා මාර්ගයක් තෝරා ගත්තා නම් සෙනඟ පෙන්වීමට හැකියාව තිබූ බව පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පවසනවා. ශ්‍රී ලංකා...

POPULAR ARTICLES

අද පෑලියගොඩ එළවළු තොග මිල මෙන්න

අද (30) දිනයේ දී පෑලියගොඩ මැනිං වෙළෙඳ සංකීර්ණයේ එළවළු කිලෝවක තොග මිල මෙලෙස සඳහන්ව තිබුණා. කැරට් රු 150, බෝංචි රු 200, ලීක්ස් රු 150, බීට්...

සාමාන්‍ය පෙළ සිසුන්ට විශේෂ දැනුම්දීමක්

අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය පැවැත්වීම සඳහා අවශ්‍ය සියලු කටයුතු මේ වන විට සූදානම් කර ඇති අතර වර්ෂාවත් සමඟ හදිසි ආපදා තත්ත්වයන්...

උසස් පෙළ ප්‍රතිඵල එන දිනය ගැන නිවේදනයක්

අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ 2023 විභාගයේ ප්‍රතිඵල නිකුත් කිරීමට මේ මස අවසන් සතියේ පමණ හැකිවනු ඇති බව විභාග දෙපාර්තමේන්තුව පවසනවා. 2023 උසස් පෙළ...