30.2 C
Colombo
Friday, April 26, 2024

පාර්ලිමේන්තුව අන්ත දුෂිත හොර ගුහාවක්. ඉන්නේ පට්ට හොරු. පුළුවන්නම් මට නඩු දාන්න

- Advertisement -

ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව අන්ත දූෂිත හොර ගුහාවක් බවත් එහි සිටින්නේ හොරුන් බවත් ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ හිටපු පරිපාලන අධ්‍යක්ෂ ලැසිල් ද සිල්වා මහතා පවසනවා.

පාර්ලිමේන්තුවට අපහාස කිරීම වරදක් බව තමා දන්නා නමුත් තමන් මෙම ප්‍රකාශය කිරීමට මැළි නොවන බවයි ඔහු සඳහන් කරන්නේ.

හැකිනම් පාර්ලිමේන්තු වරප්‍රසාද යටතේ මේ සම්බන්ධයෙන් තමාට එරෙහිව පියවර ගන්නා ලෙසද ඔහු අභියෝග කරනවා.

ලැසිල් ද සිල්වා මහතා පවසන්නේ වර්තමානයේ ශ්‍රී ලංකාවට අත්ව ඇති ඉරණම සම්බන්ධයෙන් පාර්ලිමේන්තුව වගකිවයුතු බවයි.

යහපාලන රජය සමයේ ජනතාවට පොරොන්දු වූ අයුරින් දූෂිතයන් නීතියේ රැහැනට හසු කර නොගැනීම සම්බන්ධයෙන් එවකට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සහ අගමැති රනිල් වික්‍රමසිංහ ප්‍රධාන වශයෙන් වගකිව යුතු බවද ලැසිල් ද සිල්වා මහතා ‘මීමැස්සෝ TV’ Youtube නාළිකාව සමඟ පැවති සම්මුඛ සාකච්ඡාවේදී පවසනවා.

එවක ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් පත්කරන ලද 2005-2014 රාජපක්ෂ පාලන සමයේ සිදු වී ඇති බව පැවසුන වංචා දුෂණ සහ අක්‍රමිකතා සොයා බැලීමේ ජනාධිපති කොමිසමේ ලේකම්වරයා ලෙසද ලැසිල් ද සිල්වා මහතා කටයුතු කරනු ලැබුවා.

කෙසේ වෙතත් 2016 වසරේදී ඔහුගේ සේවා කාලය දීර්ඝ නොකොට ඔහු එම ධුරයෙන් ඉවත් කිරීමට කටයුතු කරනු ලැබුවේ කිසිදු පැහැදිලි හේතුවක් නොදක්වායි.

එම සාකච්ඡාව පහතින්,


RECENT ARTICLES - SINHALA

සාමාන්‍ය පෙළ නැවත සමීක්ෂණ ප්‍රතිඵල ගැන දැනුම්දීමක්

සාමාන්‍ය පෙළ නැවත සමීක්ෂණ ප්‍රතිඵල මෙවර සාමාන්‍ය පෙළ විභාගයට පෙර නිකුත් කරන බව අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේම්ජයන්ත මහතා පවසනව. ඔහු අද (26) පාර්ලිමේන්තුවේදී සඳහන්...

සිරිසේන නිසා අසාධාරණයට ලක්වුවන් ගැන හොයන්න දුමින්දගෙන් කමිටුවක්

මෛත්‍රීපාල සිරිසේන මහතාගේ සභාපතිත්වය යටතේ අත්තනෝමතික ලෙස ලබා දුන් ආසන සංවිධායක ධූර සම්බන්ධයෙන් සොයා බලන බව ශ්‍රි ලංකා නිදහස් පක්ෂ වැඩබලන මහ ලේකම් පාර්ලිමේන්තු...

දේශපාලඥයා කියන්නේ මේ රටේ පුරවැසියෙක්-අමාත්‍ය ප්‍රසන්න

ඇතැම් රාජ්‍ය නිලධාරීන්ගේ වැරැදි තීන්දු තීරණ නිසා රජයටත් ජනතාවටත් විශාල පාඩු සිදු වෙන බව නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග පවසනවා. නිලධාරින් සිදු කරන...

POPULAR ARTICLES

ජාතික ගීය අක්‍රමවත්ව ගායනා කළැයි උමාරාට වැඩවරදියි

ජාත්‍යන්තර තරඟාවලියකදී ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ දක්වා ඇති ආකාරයට පටහැනිව ජාතික ගීය ගායනා කිරීම සම්බන්ධව නීතිමය පියවර ගන්නා බව ස්වදේශ කටයුතු අමාත්‍යංශය...

ඩොලරය පහළට

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (24) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රු. 295.43ක් ලෙස...

අරගලයේ වෙනස අපි පටන් ගන්න සුදානම්-නාමල්

අරගල සමයේ සටන් පාඨය බවට පත්වූ ක්‍රම වෙනසක් ඇති කිරීම සිය පක්ෂය තුළින්ම ආරම්භ කිරීමට සූදානම් බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක, පාර්ලිමේන්තු...