25 C
Colombo
Monday, March 17, 2025

ගමට ගියාට මිනිස්සු හූ කියන්නෙ නෑ – ජොන්ස්ටන්

- Advertisement -

ගමට ගිය විට ආණ්ඩු පක්ෂයේ මැති ඇමතිවරුන්ට ජනතාව හූ කියන බවට පවතින මතය සම්පූර්ණයෙන්ම අසත්‍යයක් බව මහමාර්ග අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා පවසනවා.

ඒ බිබිල සිට චෙන්කලාඩි දක්වා කි.මි 87 ක මාර්ග කොටස සංවර්ධනය කොට ජනතා අයිතියට පත් කිරීමේ උත්සවයට ඊයේ (28) දින සහභාගී වෙමින්.

අදාල ප්‍රචාරය විපක්ෂය විසින් සිදු කළ අසත්‍ය ප්‍රචාරයක් බවත් තමන් කිසිඳු ගැටළුවකින් තොරව ඈත ගම්මනවලටද යන බවත් අමාත්‍යවරයා පවසනවා.

එමෙන්ම, එන්නත්කරණය සම්බන්ධයෙන් අදහස් දක්වමින් ඔහු පවසන්නේ කොවිඩ් වසංගතයෙන් ජනතාව බේරාගත් නායකයෙක් වශයෙන් ජනාධිපතිවරයා ඉතිහාසගත වන බවයි.

එමෙන්ම, එන්නත්කරණයට විපක්ෂයෙන් කිසිඳු සහයෝගයක් නොලද බවත් ජනතා විමුක්ති පෙරමුණේ සහ සමගි ජනබලවේගයේ නායකවරුන් එන්නත ලබාගත්තද පක්ෂයේ අනෙක් පිරිස් වලට ඒ සම්බන්ධයෙන් දැනුම් නොදුන් බවත් අමාත්‍යවරයා වැඩිදුරටත් පවසනවා.

RECENT ARTICLES - SINHALA

වෙලේ සුදාගේ සහෝදරයා අත්අඩංගුවට

මත්ද්‍රව්‍ය වැටලීමක් අතරතුර පොලිස් කොස්තාපල්වරයෙකුට තියුණු ආයුධයකින් පහරදීමේ සිද්ධියක් සම්බන්ධයෙන් සුනිමල් කුමාර නොහොත් "තාජු" නැමැත්තා පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. සැකකරු අද (17) රාජගිරිය...

ගණේමුල්ල සංජීව ඝාතන සිද්ධියට ආරක්ෂාවට සිටි ජේලර් අත්අඩංගුවට

පාතාල කල්ලි සාමාජිකයකු වූ ගණේමුල්ල සංජීව නමැත්තා ඝාතනය කිරීමේ සිද්ධියට අදාළව ගණේමුල්ල සංජීව නමැත්තාව බූස්ස බන්ධනාගාරයේ සිට අධිකරණය වෙත රැගෙන එන අවස්ථාවේදී ඔහුගේ ආරක්ෂාව...

කාලගුණයෙන් අවවාදාත්මක නිවේදනයක්

ප්‍රදේශ රැසකට අද (17) පස්වරුවේ සහ රාත්‍රී කාලයේදී ගිගුරුම් සහිත වැසි සමග ප්‍රබල අකුණු ඇතිවීමේ අවධානමක් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. එම දෙපාර්තමේන්තුව...

POPULAR ARTICLES

මියගිය අඹුසැමි යුවළගේ සිරුරු දින කිහිපයකට පසු හමුවෙයි

බගවන්තලාව පොලිස් වසමට අයත් තෙරේසියා වතුයායේ නිවසක් තුළ දින කිහිපයකට පෙර මියගොස් ඇතැයි සැකකෙරෙන අඹුසැමි යුවළකගේ සිරුරක් බලවන්තලාව පොලීසිය විසින් සොයාගෙන තිබෙනවා. මෙසේ මිය ගොස්...