සීමාවන් සහිතව හෙට (04) දිනයේ රට විවෘත කළ පසුව යළිත් වරක් මංගල උත්සව පැවැත්වීමට අවසර ලබාදීම කෙරෙහි සෞඛ්‍ය අමාත්‍යාංශයේ අවධානය යොමුව තිබෙනවා.
ඒ අනුව සෞඛ්‍ය අමාත්‍යාංශය නිවේදනය කරන්නේ ඔක්තෝම්බර් 16 වනදා සිට පුද්ගලයින් 50 ක උපරිමයකට යටත්ව මංගල උත්සව පැවැත්විය හැකි බවයි.
කෙසේ වෙතත් මංගල උත්සව පැවැත්වීමේදී මත්පැන් භාවිතයට අවසර හිමවන්නේ නැහැ.
එමෙන්ම සෞඛ්‍ය අමාත්‍යාංශය පවසන්නේ එළිමහන් මංගල උත්සව පැවැත්වීමට තම අමාත්‍යාංශයෙන් දිරිමත් කරන බවයි.
ඒ අනුව හෙට (01) දිනයේ සිට එළැඹෙන ඔක්තෝම්බර් 15 වන දින දක්වා තවදුරටත් විවාහ ලියාපදිංචි කිරීමට පමණක් අවසර හිමිවන අතර එයද පුද්ගලයින් 10 දෙනෙකුගේ සහභාගීත්වයෙන් පමණක් සිදුකළ හැකියි.