28 C
Colombo
Tuesday, May 21, 2024

රියදුරෙකු අත්අඩංගුවට ගෙන හිංසා කළැයි සුරාබදු නිලධාරීන් පිරිසකට පෙත්සමක්

- Advertisement -

කුරුණෑගල කහපත්වෙල ප්‍රදේශයේ පදිංචි 44 හැවිරිදි රියදුරකු නීති විරෝධීව අත්අඩංගුවට ගෙන වධහිංසා කළැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් සුරාබදු නිලධාරීන් පිරිසකට එරෙහිව පැවරූ මූලික අයිතිවාසිකම් පෙත්සමක් විභාගයට ගැනීමට ශ්‍රේෂ්ඨාධිකරණය ඊයේ (29) තීන්දු කර තිබෙනවා.

සුරාබදු නිලධාරීන් වන ඩබ්ලිව් ඒ ආර් රත්නසේකර, බී ජී ජී අනිල් කුමාර නඩුවේ පළමු සහ දෙවැනි වගන්තරකරුවන්ට එරෙහිව කෘර, අමානුෂික සහ අවමන් සහගත සැලකීමෙන් මිදීමේ අයිතිවාසිකම කඩ කිරීම සම්බන්ධයෙනුත්, කුරුණෑගල සහකාර සුරාබදු කොමසරිස්, සුරාබදු කොමසාරිස් ජනරාල් සහ නීතිපති යන හතර පහ සහ හය වැනි වගඋත්තරකරුවන්ට අත්තනෝමතික ලෙස සිර භාරයට ගැනීමෙන් මිදීමේ අයිතිවාසිම කඩ කිරීම සම්බන්ධයෙනුත් මෙම නඩුව පවත්වාගෙන යෑමට එහිදී ශ්‍රේෂ්ඨාධිකරණය නියෝග කළා.

අගවිනිසුරු ජයන්ත ජයසූරිය මහතා ප්‍රමුඛ ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලක් ඉදිරියේ ඊයේ (29) නඩුව කැඳවූ අවස්ථාවේදීය මෙම නියෝගය ලබා දී තිබුණා.

නීතිඥ සුරේන් ඩී පෙරේරා මහතාගේ උපදෙස් පිට නීතිඥ මාධව ඊරියගම සහ නීතිඥ මනුෂිකා කුරේ සමග නීතිඥ චාරක ධර්මසිරි මහතා අධිකරණය ඉදිරියේ පෙනී සිට පෙත්සම්කරු වෙනුවෙන් කරුණු දක්වනු ලැබුවා.

මේ අතර, මෙම නඩුවේ තුන්වැනි වගඋත්තරකාර සුරාබදු නිලධාරියා මේ වන විට මිය ගොස් ඇතැයි නීතිපති දෙපාර්තමේන්තුව අධිකරණයට දැනුම් දුන්නා.

නීතිපති දෙපාර්තමේන්තුව තවදුරටත් සඳහන් කළේ වගඋත්තරකාර සුරාබදු නිලධාරීන් වෙනුවෙන් පෙනී සිටින්නේද යන්න ගැන ඉදිරි නඩු දිනයේ දී දැනුම් දන බවයි.

RECENT ARTICLES - SINHALA

ජාතික වෙසක් සතිය අදින් ඇරඹේ

ජාතික වෙසක් සතිය අදින් (21) ආරම්භ වනවා. අද සිට ලබන 27 වනදා දක්වා කාලය වෙසක් සතිය ලෙස ප්‍රකාශයට පත්කර ඇති අතර මෙවර රාජ්‍ය වෙසක් උත්සවය...

රුසියාවට සෙබළු 120ක් යැවූ අයෙක් දෙහිවලදී අත්අඩංගුවට

විශ්‍රාමලත් ත්‍රිවිධ හමුදා සෙබළු සංචාරක වීසා මත රුසියාව සහ යුක්රේනය වෙත රැගෙන ගොස් කුලී හේවායන් ලෙස යෙදවීමේ මිනිස් ජාවාරමට සම්බන්ධ තවත් පුද්ගලයකු දෙහිවල ප්‍රදේශයේදී...

බස්නාහිර පළාතේ සෞඛ්‍ය වර්ජනය අද

පළාත් මට්ටමින් ක්‍රියාත්මක වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයේ බස්නාහිර පළාත් වැඩ වර්ජනය අද (21) දිනයේ ක්‍රියාත්මක කරන බව සෞඛ්‍ය වෘත්තීය සමිති සන්ධානය පවසනවා. එම සන්ධානයේ කැඳවුම්කරු රවී...

POPULAR ARTICLES

ඩයනා අතුරුදන්

ව්‍යාජ තොරතුරු ඉදිරිපත් කර, විදෙස් ගමන් බලපත්‍රයක් ලබා ගැනීම සම්බන්ධ නඩුවේ සැකකාරියක් වශයෙන් හිටපු රාජ්‍ය ඇමතිනී ඩයනා ගමගේ නම් කිරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයෙන්...

ඉරාන ජනපති තවමත් අතුරුදහන්. හෙලිකොප්ටරයේ සුන්බුන් බවට සැක කෙරෙන තාප ප්‍රභවයක් හඳුනාගෙන

Update:ඉරාන ජනාධිපති ඊබ්‍රහිම් රයිසි ගමන් ගත් හෙලිකොප්ටර් යානය කඩා වැටුණු ස්ථානය ගවේෂණ කණ්ඩායම් විසින් සොයාගෙන තිබෙනවා. විදෙස් මාධ්‍ය වාර්තා කළේ තවත් නොබෝ වෙලාවකින් එම කණ්ඩායම...

කෞෂල්‍ය නවරත්න බාර් කවුන්සිලයෙන් ඉවතට

ශ්‍රී ලංකා නීතිඥ සංගම⁣යේ සභාපති ජනාධිපති නීතිඥ කෞෂල්‍ය නවරත්න මහතාගේ මූලිකත්වයෙන් ඊයේ (18) රැස්වූ එම සංගමයේ සාමාජිකයන් දහසකට ආසන්න පිරිසකගෙන් සමන්විත බාර් කවුන්සිලය එම...