30.2 C
Colombo
Saturday, April 27, 2024

ඉන්දියාව සහ ඕස්‍ට්‍රේලියාව අතර එකගතා රැසක්

- Advertisement -

දෙවන ඉන්දියා-ඕස්ට්‍රේලියා සමුළුව අතරතුර අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි සහ ඕස්ට්‍රේලියානු අගමැති ස්කොට් මොරිසන් පුළුල් ආර්ථික සහයෝගීතාවයක් සදහා වන එකගතා රැසකට පැමිණ ඇති බව වාර්තා වේ.

ඒ අනුව ඉන්දියා ඕස්ට්‍රේලියානු ද්විත්ව බදු වැළැක්වීමේ ගිවිසුම යටතේ බදු පැනවීමේ ප්‍රශ්නය ඉක්මනින් විසඳීමේ වැදගත්කම නායකයින් මෙහිදී අවධාරණය කළ බව සාකච්ජාවලින් පසුව නිකුත් කෙරුණු ඒකාබද්ධ නිවේදනයක සඳහන් වේ.

නායකයන් දෙදෙනාම නිදහස්, සාධාරණ සහ නීති මත පදනම් වූ වෙළඳ පරිසරයක් නිර්මාණය කිරීමේ වැදගත්කමක සම්බන්ධයෙන් ද එකගතා රැසකට පැමිණ තිබේ.

ලෝක වෙළඳ සංවිධානය සමඟ බහුපාර්ශ්වික වෙළඳ පද්ධතිය ආරක්ෂා කිරීමට සහ ශක්තිමත් කිරීමට දෙරටේ කැපවීම ද මෙහිදී තහවුරු කර ඇති අතර ජුනි මාසයේදී පැවැත්වීමට නියමිත 12 වන අමාත්‍ය සමුළුවේ දී මේ පිළිබද තවදුරටත් සාකච්ඡා කිරීමට ද එකග වී ඇත.

සැපයුම් දාමයන් ගොඩනැගීමට, ශක්තිමත් කිරීමට සහ විවිධාංගීකරණය කිරීමට මෙන්ම සැපයුම් දාම කඩාකප්පල් කිරීම් වළක්වා ගැනීමට එක්ව ක්‍රියා කිරීමේ වැදගත්කම ද නායකයෝ මෙහිදී අවධාරණය කළහ.

ඕස්ට්‍රේලියාව සහ ඉන්දියාව වැදගත් වෙළඳ හවුල්කරුවන් වන අතර ඉන්දියාවෙන් ඕස්ට්‍රේලියාවට ප්‍රධාන වශයෙන් ඛනිජ තෙල් නිෂ්පාදන, ඖෂධ, ඔප දැමූ දියමන්ති, රන් ආභරණ සහ ඇඟලුම් යනාදිය අපනයනය කරනු ලබයි.

RECENT ARTICLES - SINHALA

ශ්‍රී පාද නල්ලතන්නිය නගරයට මත්පැන් බලපත්‍රයක්

නල්ලතන්නිය ශ්‍රි පාද බෞද්ධ මධ්‍යස්ථානය යාබදව සංචාරක මණ්ඩලයේ අනුමැතිය සහිතව සංචාරක හෝටලයක මත්පැන් අලෙවිසැලක් විවෘත කිරිමට සුදානමක් ඇති බව නල්ලතන්නිය ප්‍රදේශවාසින් පවසනවා. සංචාරක මණ්ඩලයේ අනුමැතිය...

දුම්රිය ආසන වෙන් කිරීමත් අවුලක

අන්තර්ජාලය ඔස්සේ දුම්රිය ආසන වෙන් කිරීමේ අර්බුදය විසඳීමට බලධාරීන් මේ වනතෙක් පියවර ගෙන නොමැති බවට දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ සංගමය පවසනවා. එහි සභාපති සුමේධ සෝමරත්න මහතා...

මැණික් ගරමින් සිටි පුද්ගලයෙක් දියේ ගිලී මරුට

හොරණ පෝරුවදණ්ඩ ප්‍රදේශයේ කළුගඟේ මැණික් ගරමින් සිටි පුද්ගලයෙකු දියේ ගිලි මියගොස් තිබෙනවා. පොලීසිය සඳහන් කළේ ඊයේ (26) දහවල් කාලයේ මෙම පුද්ගලයා කළු ගඟේ මැණික් ගරමින්...

POPULAR ARTICLES

සාපෙළ විභාගය ගැන විශේෂ දැනුම්දීමක්

මෙවර අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය ඉලක්ක කරගනිමින් සිදුකෙරෙන උපකාරක පංති, සම්මන්ත්‍රණ පැවැත්වීම ලබන 30 වැනිදා මධ්‍යම රාත්‍රී සිට අත්හිටුවන බව විභාග...

ඩොලරය පහළට

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (24) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රු. 295.43ක් ලෙස...

විද්‍යාපීඨ නව බඳවා ගැනීම් ගැන සුසිල්ගෙන් දැනුම් දිමක්

විද්‍යාපීඨ නව බඳවා ගැනීම් සඳහා 60,000ක් ඉල්ලුම් කර ඇති බව අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පවසනවා. එහි කටයුතු ලබන සතිය වන විට අරඹන බවත් විද්‍යාපීඨ...