29 C
Colombo
Sunday, October 1, 2023

පොහොට්ටුවේ ප්‍රකාශය සාහසිකයි – වාසු (VIDEO)

- Advertisement -

අමාත්‍ය උදය ගම්මන්පිළ මහතා සම්බන්ධව පොදුජන එක්සත් පෙරමුණ විසින් සිදු කළ ප්‍රකාශය සාහසික බව අමාත්‍ය වාසුදේව නානයක්කාර මහතා පවසනවා.

ඒ මහතා මේ බව ප්‍රකාශ කර සිටියේ අද (13) දින මලලසේකර මාවතේ පිහිටි කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශ මහතාගේ නිවසේ පැවති සාකච්ඡාවකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින්.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නිවේදනය සම්බන්දයෙන් තම මතය ප්‍රකාශ කිරීම සඳහා අමාත්‍ය උදය ගම්මන්පිල මහතා අද (13) පස්වරු 2 ට විශේෂ ප්‍රවෘත්ති සාකච්ඡාවක්ද කැඳවා තිබෙනවා.

ඉන්ධන මිල වැඩිවීම සම්බන්ධයෙන් වගකීම භාරගෙන සිය අමාත්‍යධූරයෙන් ඉල්ලා අස්වෙන ලෙස අමාත්‍ය උදය ගම්මන්පිළ මහතා හට පොදුජන එක්සත් පෙරමුණ විසින් ඊයේ (12) දින දැනුම්දෙනු ලැබුවා.

කොවිඩ් වසංගතයෙන් ජනතාවගේ ජීවිත අර්බුදකාරී තත්වයකට පත්ව තිබියදී රජය අපහසුතාවයට පත් කිරීම සඳහා සිතාමතාම මෙවැනි තීරණයක් ගත්තාදැයි සැකයක් පවතින බවත් එබැවින් අමාත්‍යවරයා ඉල්ලා අස්වියයුතුව ඇති බවත් පක්ෂයේ ලිපිශීර්ෂයක එහි ප්‍රධාන ලේකම්වරයාගේ අත්සනින් යුතු ලිපියක දැක්වුණා.

සබැඳි ලිපි..

RECENT ARTICLES - SINHALA

උණුවතුර බොයිලේරුවකට ඇද වැටීමෙන් පුද්ගලයෙක් ජීවිතක්ෂයට

උණුවතුර බොයිලේරුවකට ඇද වැටී ඉන්දියානු ජාතිකයෙකු ඊයේ (30) රාත්‍රියේදී මියගොස් ඇති බව වැලිපැන්න පොලිසිය පවසනවා. මෙසේ මියගොස් ඇත්තේ වැලිපැන්න, මීගම ප්‍රදේශයේ පෞද්ගලික කර්මාන්ත ශාලාවක සේවය...

ළමා අපචාර සිදුවීම්වල වර්ධනයක්

දෛනිකව ළමා අපචාර සිදුවීම් 05 ක් පමණ වාර්තාවන තත්වයක් පවතින බව ළමා හා කාන්තා කාර්යාංශය භාර නියෝජ්‍ය පොලිස්පතිනි රේණුකා ජයසුන්දර මහත්මිය පවසනවා. ජනමාධ්‍ය අමාත්‍යාංශයේ පැවති...

රේගුවට නව බඳවා ගැනීම් රැසක් ඉදිරියේදී

සහකාර රේගු අධිකාරීවරුන් 138ක් සහ රේගු පරීක්ෂකවරුන් 45ක් බඳවා ගැනීමට කටයුතු කරන බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පවසනවා. රුවන්වැල්ල, ගලපිටමඩ ප්‍රදේශයේ පැවති ආගමික...

POPULAR ARTICLES

ඉන්දියාව තුළ ආන්දෝලනයක් වූ විවාහය

උතුරු පන්ජාබ් ප්‍රාන්තයේ සමලිංගික යුවලකගේ විවාහ මංගලය්‍යක් හේතුවෙන් ඉන්දියාව තුළ විශාල ආන්දෝලනයක් හට ගෙන තිබෙනවා. විදෙස් මාධ්‍ය පවසන්නේ, සමලිංගික විවාහ නීතිගත කිරීම පිළිබඳ ඉන්දීය ශේෂ්ඨාධිකරණය...

ශ්‍රේෂ්ඨාධිකරණයෙන් අධ්‍යාපන අමාත්‍යාංශයට නියෝගයක්

ශ්‍රී ලංකා විදුහල්පති සේවයේ පුරප්පාඩු 4,718 ක් පිරවීමට අදාළව අධ්‍යාපන අමාත්‍යාංශය ගත් පියවර වහා ක්‍රියාත්මක කරන්නැයි, ශ්‍රේෂ්ඨාධිකරණය අද(27) නියෝග කර තිබෙනවා ඒ අදාළ බඳවා ගැනිම්වලට...

චීනය නිසා එකතු වූ මහින්ද,මෛත්‍රී,ගෝඨා

මහජන චීන සමූහාණ්ඩුවේ 74 වන ජාතික දින උත්සවය ඊයේ (28) කොළඹ ෂැන්ග්‍රීලා හෝටලයේදී පැවැත්වුණා. මෙම අවස්ථාවට හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ, හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ, හිටපු...