හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ පුටුවෙහි අසුන්ගත් තරුණයෙක් අත්අඩංගුවට ගැනීමට ශ්‍රී ලංකා පොලීසියේ වීරෝධාර නිලධාරීන් කටයුතු කර තිබෙනවා.
ඒ අනුව සමන්පුරගම ප්‍රදේශයේ පදිංචි 28 හැවිරිදි මෙම පුද්ගලයාව දැරණියගල ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් බව ශ්‍රී ලංකා පොලීසිය නිවේදනය කරනවා.
පොලිස් මාධ්‍ය කොට්ඨාශය නිවේදනය කරන්නේ 2022 ජූලි 09 වනදා කොටුව ජනාධිපති මන්දිරයට අයුතු ලෙස ඇතුළු වූ මෙම පුද්ගලයා ජනාධිපතිතුමා අසුන් ගන්නා පුටුවේ වාඩිවී ඡායාරූප ගත් අපරාධකරුවෙක් බවයි.
මේ අනුව තොරතුරු සොයාගිය ශ්‍රී ලංකා පොලීසිය ඉතාමත් දක්ෂ අයුරින් පුටුවෙහි අසුන්ගත් තරුණයා ලුහුබැඳ ඔහුව අත්අඩංගුවට ගැනීමට කටයුතු කිරීම ජාතියේම ප්‍රණාමය හිමිවිය යුතු කරුණක්.
