ගුරුවරුන්ගේ වැටුප් විශමතාවයට වහා විසදුම් දෙන ලෙස ඉල්ලා ගුරු විදුහල්පති වැටුප් විශමතාවයට එරෙහි ජාතික එකමුතුව කොළඹ කොටුවේ ජනාධිපති ලේකම් කාර්යාලය අසල උද්ඝෝෂණය කිරීම සඳහා වෙන්කර ඇති ඉඩමේ දින 4 ක් පුරාවට සත්‍යග්‍රහයක නිරත වනවා.
එම ස්ථානයට අද (29) පැමිණි කොටුව පොලීසියේ නිලධාරියෙකු විරෝධතාකරුවන්ට දැනුම් දුන්නේ විරෝධතාවය සංවිධානය කළ කිහිපදෙනෙකුට කොටුව පොලීසිය විසින් නඩු පැවරීමට කටයුතු කර ඇති බවයි.
ඊට හේතුව ලෙස පොලිසිය පැහැදිලි කරන්නේ අධි සංවේදී පරිසර පද්ධතියක් පිහිටා ඇති ස්ථානයක මෙම විරෝධතාවය පැවැත්වීමේ වරදට එරෙහිව කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට කරුණු වාර්තා කර ඇති බවයි.
පසුගිය වසරේ පෙබරවාරි මස 05 වනදා සිට කොළඹ ගාලුමුවදොර ජනාධිපති ලේකම් කාර්යාලය ආසන්නයේ ඇති ෂැංග්‍රිලා හෝටලය ඉදිරිපිට බිමි ප්‍රදේශය උද්ඝෝෂණ කලාපයක් ලෙස නම් කර “උද්ඝෝෂණ ස්ථානය” වශයෙන් භාෂා තුනෙන්ම සදහන් පුවරුවක්ද සවි කෙරුණා.