28 C
Colombo
Thursday, May 2, 2024

විදුලිය පැය 10ක් කපලා මදිලු

- Advertisement -

ඉදිරියේ දී විදුලි කප්පාදුව සිදුකෙරෙන පැය ගණන දීර්ඝ කිරීමට සිදුවනු ඇතැයි ලංකා විදුලි බල මණ්ඩලයේ, විදුලි ඉංජිනේරු සංගමය පවසනවා.

ඒ, මේ වනවිට ලැබී ඇති තෙල් ප්‍රමාණය ප්‍රමාණවත් නොවීම හේතුවෙන්.

අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් එම සංගමයේ, සභාපති අනිල් රංජිත් ඉඳුවර මහතා පවසා සිටියේ, පාවෙන විදුලි බලාගාරයේ තවත් දින 3කට පමණක් තෙල් ප්‍රමාණවත් වන බවයි.

වැඩිදුරටත් අදහස් දැක්වු ඒ මහතා,

“පැහැදිලිවම දැන් තියෙන තෙල්, අපිට ලැබුණ ප්‍රමාණය අනුව අද පැය 10ක් විදුලිය කැපෙනවා. මේ තත්ත්වය යටතේ ඉදිරියට තවත් කපන පැය ගණන වැඩිකරන්න වෙනවා. මොකද බාච් විදුලි බලාගාරයේ තව දින තුනකට පමණ තමයි තෙල් ඉතිරි වෙලා තියෙන්නේ. ඒ අනුව කපන ප්‍රමාණය තව වැඩිකරන්න වේවි. පැහැදිලිවම අපිට ඉන්ධන ලබාදෙනවා නම් අපිට විදුලිය ලබාදෙන්න පුළුවන්. අපි කියන්නේ පැහැදිලිවම රජයට හා ඒ අදාළ ආයතනවලට අපිට ඉක්මනින් තෙල් ටික ලබාදෙන්න. අපි විදුලිය කැපෙන ප්‍රමාණය පුළුවන් තරම් අඩු කරන්න අපිට පුළුවන්. අපිට එතකොට ගැටලුව තියෙන්නේ ජලවිදුලි බලාගාර නැති එක තමා. දැනට ඉතා අඩු මට්ටමකට ඇවිත් තියෙනවා ජල මට්ටම්. එහෙම වුණත් අපිට දවාලට මෙගා වොට් 300කුත් රාත්‍රීයට මෙගා වොට් 700කුත් ලබාදෙන්න පුළුවන්.”

ප්‍රශ්නය –

“ඉදිරියේ දී අවුරුද්දට ජනතාවට අඳුරේ දීම ඉන්න වෙයි ද?”

අනිල් රංජිත් ඉඳුවර මහතා –

“තෙල් නැති වුණොත්, වැස්ස නැති වුණොත් පැහැදිලිවම අඳුරේ ඉන්න වෙයි.”


RECENT ARTICLES - SINHALA

කම්කරුවා – කම්කරුවා හැටියට මාකට් කරන අවසන් කම්කරු රැළිය තමයි මේක-මනූෂ

රට යළි වතාවක් දියුණු රටක් කරන්නට යන ගමනේ මංගල වෙඩි මුරය මැයි දින දින රැළියත් සමග සනිටුහන් කරන බවත් ජනතාවගේ ජීවන ප්‍රශ්නය විසඳන සැබෑ...

නිදහස් පක්ෂයේ මැයි රැළියට නිල් ඇදන් විජේදාසත් ඇවිත්

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ "රට රකින ජන පවුර" මැයි දින රැළිය අද(01) ගම්පහ නගර සභා ක්‍රීඩාංගණයේදී විශාල ජන සහභාගිත්වයකින් පවත්වා තිබෙනවා. ඒ සඳහා හිටපු ජනාධිපති...

මැයි රැලියේ රනිල් රහසක් කියලා

ශ්‍රී ලංකාවේ හොඳම නැකැත් ඇත්තේ රටට සහ එක්සත් ජාතික පක්ෂයට බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා. එක්සත් ජාතික පක්ෂයේ මැයි දින රැළිය ආමන්ත්‍රණය කරමින් ජනාධිපති...

POPULAR ARTICLES

චොප්පෙගේ පුතා මරදානේ ඩීන්ස් පාර වහලා අවුරුදු උත්සවයක් තියලා

0
කොළඹ ප්‍රධාන මාර්ගයක් වන මරදාන ඩීන්සා පාර සම්පූර්ණයෙන්ම වසා දමා අවුරුදු උත්සවයක් පැවැත්වීමට මැද කොළඹ, සුදුවැල්ල නාගරික කොට්ඨාසයේ එක්සත් ජාතික පක්ෂ ප්‍රධාන සංවිධායක කිත්සිරි...

සජබේ වේදිකාවක් නිසා කොළඹ කොටුවේ දැඩි රථවාහන තදබදයක්

හෙට (01) දින යෙදී ඇති මැයි දිනයට සමගාමීව සමඟි ජන බලවේගය විසින් සංවිධානය කර ඇති උත්සවයක වේදිකාවක් තැනීම සඳහා කොළඹ චැතම් වීදියේ, ටෙලිකොම් ආයතනය...

පැදුරු පාටිය ඉල්ලා ASP නඩු මඟට?

TNL රූපවාහිනී නාලිකාවේ විකාශනය වූ “ASP පැදුරු පාටිය” නැමති වැඩසටහනේ විකාශන කටයුතු හදිසියේ නැවතීම සම්බන්ධයෙන් TNL සහ Supreme මාධ්‍ය ආයතනයට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගන්නා...