30.2 C
Colombo
Saturday, April 27, 2024

ජලයෙන් විදුලිය නිපදවන්නේ තව දින හතයි..!

- Advertisement -
  • මැයි මාසය දක්වා ප්‍රමාණවත් වර්ෂාවක් ලැබෙන්නේ නැතිලු
  • ජල මට්ටම සීඝ්‍ර ලෙස අඩුවීම නිසා පැරණි තෙල්දෙණිය නගරයේ නටබුන් මතුවේ

ජල විදුලිය නිෂ්පාදනය කළ හැකි වන්නේ තවත් සතියක කාලයක් පමණක් බව විදුලි බල මණ්ඩලය පවසනවා.

ඒ, වියළි කාලගුණය හේතුවෙන් විදුලි බලාගාර ආශ්‍රිත ජලාශ වල ජල මට්ටම සිඝ්‍ර ලෙස අඩුවීම නිසාවෙන්.

අවශ්‍ය ප්‍රමාණයට ඛනිජ තෙල් සංස්ථාව ඉන්ධන ලබා නොදීම නිසා තවදුරටත් විදුලි උත්පාදනයට බාධා මතුවනු ඇතැයි විදුලිබල මණ්ඩලය සඳහන් කළා.

මේ වනවිට කාසල්රි ජලාශයේ ජල මට්ටම සියයට 7.7 ක් වන අතර, සමනළ වැව ජලාශයේ ජල මට්ටම පවතින්නේ 11.4 ක්. කොත්මලේ සහ වික්ටෝරියා ජලාශවල ජල මට්ටම ද සියයට 30 ටත් වඩා අඩුවී තිබෙනවා.

එබැවින් විදුලිය අරපිරිමැස්මෙන් පරිහරණය කරන ලෙසයි විදුලිබල අමාත්‍යාංශය ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ.

මේ අතර මධ්‍යම කදුකරය ආශ්‍රිතව පවතින වියළි කාලගුණය හේතුවෙන් වික්ටෝරියා ජලාශයේ ජල මට්ටම සීඝ්‍ර ලෙස අඩුවීම නිසා පැරණි තෙල්දෙණිය නගරයේ නටබුන් ඊයේ දිනයේ දැක ගැනීමට හැකි වු බව වාර්තා වනවා.

එසේම, ඇතැම් ප්‍රදේශවල දුරකථන කුළුණුවල විදුලිජනනය සඳහා අවශ්‍ය ඩිසල් තොග නොලැබීම නිසා සහ විදුලිය විසන්ධි කිරීම හේතුවෙන් ආරක්ෂිත බැටරි පද්ධතිය නිසි පරිදි බලගැන්වීමට නොහැකිවීමෙන් විදුලි කප්පාදුව සිදු වනවිට 3G සහ 4G සංඥා පද්ධතිය අක්‍රිය වන බව වාර්තා වනවා.

කෙසේ නමුත් එය සාමාන්‍ය ඇමතුම් සහ කෙටි පණිවිඩ සේවා සඳහා අදාළ නොවන බව සඳහන්.

මේ අතර, ජල විදුලි බලාගාර ආශ්‍රිත ප්‍රදේශ සඳහා ප්‍රමාණවත් වර්ෂාපතනයක් මැයි මාසය දක්වා නොලැබෙන බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් අතුල කරුණානායක පවසන්නේ.


RECENT ARTICLES - SINHALA

ශ්‍රී පාද නල්ලතන්නිය නගරයට මත්පැන් බලපත්‍රයක්

නල්ලතන්නිය ශ්‍රි පාද බෞද්ධ මධ්‍යස්ථානය යාබදව සංචාරක මණ්ඩලයේ අනුමැතිය සහිතව සංචාරක හෝටලයක මත්පැන් අලෙවිසැලක් විවෘත කිරිමට සුදානමක් ඇති බව නල්ලතන්නිය ප්‍රදේශවාසින් පවසනවා. සංචාරක මණ්ඩලයේ අනුමැතිය...

දුම්රිය ආසන වෙන් කිරීමත් අවුලක

අන්තර්ජාලය ඔස්සේ දුම්රිය ආසන වෙන් කිරීමේ අර්බුදය විසඳීමට බලධාරීන් මේ වනතෙක් පියවර ගෙන නොමැති බවට දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ සංගමය පවසනවා. එහි සභාපති සුමේධ සෝමරත්න මහතා...

මැණික් ගරමින් සිටි පුද්ගලයෙක් දියේ ගිලී මරුට

හොරණ පෝරුවදණ්ඩ ප්‍රදේශයේ කළුගඟේ මැණික් ගරමින් සිටි පුද්ගලයෙකු දියේ ගිලි මියගොස් තිබෙනවා. පොලීසිය සඳහන් කළේ ඊයේ (26) දහවල් කාලයේ මෙම පුද්ගලයා කළු ගඟේ මැණික් ගරමින්...

POPULAR ARTICLES

සාපෙළ විභාගය ගැන විශේෂ දැනුම්දීමක්

මෙවර අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය ඉලක්ක කරගනිමින් සිදුකෙරෙන උපකාරක පංති, සම්මන්ත්‍රණ පැවැත්වීම ලබන 30 වැනිදා මධ්‍යම රාත්‍රී සිට අත්හිටුවන බව විභාග...

ඩොලරය පහළට

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (24) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රු. 295.43ක් ලෙස...

විද්‍යාපීඨ නව බඳවා ගැනීම් ගැන සුසිල්ගෙන් දැනුම් දිමක්

විද්‍යාපීඨ නව බඳවා ගැනීම් සඳහා 60,000ක් ඉල්ලුම් කර ඇති බව අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පවසනවා. එහි කටයුතු ලබන සතිය වන විට අරඹන බවත් විද්‍යාපීඨ...