30 C
Colombo
Thursday, May 2, 2024

ඉන්දීය සහ නෝර්වේ අගමැතිවරු අතර දේශගුණික මූල්‍යකරණය පිළිබඳ සාකච්ඡාවක්

- Advertisement -

දේශගුණික මූල්‍යකරණයේ නව මුල පිරීම් පිළිබඳ සහ ද්විපාර්ශ්වික සබඳතා සමාලෝචනය වෙනුවෙන් ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි , නෝර්වේ අගමැති ජොනස් ගාර් ස්ටෝර් දුරකථන සංවාදයක් පවත්වා තිබේ.

ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් අගමැති මෝදි පැවසූයේ නෝර්වේ අගමැති ජොනස් ගාර් ස්ටෝර් සමඟ දුරකථනයෙන් ඵලදායී සංවාදයක් පැවැත්වූ බවයි.

සංවර්ධනය වෙමින් පවතින රටවල පුනර්ජනනීය බලශක්ති ව්‍යාපෘති සඳහා දේශගුණික මූල්‍ය බලමුලු ගැන්වීමේ මුලපිරීම් ඇතුළුව අන්‍යෝන්‍ය උනන්දුවක් දක්වන ද්විපාර්ශ්වික සහ ජාත්‍යන්තර කරුණු පිළිබඳව නායකයින් දෙදෙනා මෙහිදී සාකච්ඡා කර තිබේ.

සංවර්ධනය වෙමින් පවතින ලෝකය සඳහා සාධාරණ, කාලෝචිත සහ ප්‍රමාණවත් දේශගුණික මූල්‍ය පහසුකම් සහතික කිරීමේ වැදගත්කම අගමැති මෝදි අවධාරණය කළ බව විදේශ කටයුතු අමාත්‍යාංශයේ මාධ්‍ය නිවේදනය සඳහන් වේ.

හරිත හයිඩ්‍රජන්, විද්‍යාව සහ තාක්‍ෂණය සහ අධ්‍යාපනය වැනි ක්ෂේත්‍රවල වැඩිවන ඉන්දියා-නෝර්වේ සහයෝගීතාව පිළිබඳවද ඔවුන් තෘප්තිමත් වූ බව ද පැවසේ.

අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි, නෝර්වේ අග්‍රාමාත්‍ය ධුරය භාර ගැනීම පිළිබඳව ජොනස් ගාර් ස්ටෝර්ට සුබ පැතුම් එක් කළ අතර ඉන්දියා-නෝර්වේ සබඳතා තවදුරටත් ශක්තිමත් කිරීම සඳහා නව පරිපාලනය සමඟ සමීපව කටයුතු කිරීමට බලාපොරොත්තු වන බව ද පවසා තිබේ.

RECENT ARTICLES - SINHALA

Breaking:මහාචාර්ය නලින් ද සිල්වා අභාවප්‍රාප්ත වෙයි

භෞතික විද්‍යාඥයෙක්, දාර්ශනිකයෙක් සහ දේශපාලන විශ්ලේෂකයෙක් වූ ආචාර්ය නලින් ද සිල්වා මහතා අභාවප්‍රාප්ත වී තිබෙනවා. ඒ මහතා මිය යන විට 79 වන වියෙහි පසු වුණා. ශ්‍රී...

පොහොට්ටුවේ හිටපු උප සභාපතිවරයෙක් කුඩු සමග මාට්ටු

කටුනායක - සීදුව නර සභාවේ හිටපු උප සභාපතිවරයෙකු ලක්ෂ 4ක් පමණ වටිනා හෙරොයින් සමග අත්අඩංගුවට ගෙන තිබෙනවා. බඩල්ම පොලිස් ස්ථානයේ නිලධාරීන් විසින් මීගමුව ප්‍රදේශයේ සිදු...

බදුල්ලට ගිය කැලිප්සෝ

මෙම වසරේ ජනවාරි 05 වනදා සිට බදුල්ල - බණ්ඩාරවෙල අතර නව විශේෂ සංචාරක දුම්රියක් හඳුන්වාදීමට දුම්රිය දෙපාර්තමේන්තුව කටයුතු කර තිබුණා. එය නම් කර ඇත්තේ "කැලිප්සෝ"...

POPULAR ARTICLES

සාමාන්‍ය පෙළ සිසුන්ට විශේෂ දැනුම්දීමක්

අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය පැවැත්වීම සඳහා අවශ්‍ය සියලු කටයුතු මේ වන විට සූදානම් කර ඇති අතර වර්ෂාවත් සමඟ හදිසි ආපදා තත්ත්වයන්...

අද පෑලියගොඩ එළවළු තොග මිල මෙන්න

අද (30) දිනයේ දී පෑලියගොඩ මැනිං වෙළෙඳ සංකීර්ණයේ එළවළු කිලෝවක තොග මිල මෙලෙස සඳහන්ව තිබුණා. කැරට් රු 150, බෝංචි රු 200, ලීක්ස් රු 150, බීට්...

පැදුරු පාටිය ඉල්ලා ASP නඩු මඟට?

TNL රූපවාහිනී නාලිකාවේ විකාශනය වූ “ASP පැදුරු පාටිය” නැමති වැඩසටහනේ විකාශන කටයුතු හදිසියේ නැවතීම සම්බන්ධයෙන් TNL සහ Supreme මාධ්‍ය ආයතනයට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගන්නා...