30.3 C
Colombo
Friday, April 26, 2024

බුද්ධ කාලයෙත් තිබුණු ගණිකා වෘත්තීය නීතිගත කරන්න..! – කෝකිලා

- Advertisement -

ගණිකා වෘත්තිය නීතිගත කිරීම සම්බන්ධව තමා පුද්ගලිකව කැමත්තක් දක්වන බවට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු පාර්ලිමේන්තු  මන්ත්‍රීනි කෝකිලා ගුණවර්ධන පවසනවා.

ඒ, රූපවාහිනී වැඩසටහනකට එක්වෙමින්.

“මම පෞද්ගලිකව ගණිකා වෘත්තිය නීතිගත කරනවට කැමතියි. හේතුව මේ ලෝකෙ බුදු හාමුදුරුවන්ගේ කාලයේ ඉදන් ගණිකා වෘත්තිය තිබුණා. ලෝකයේ පැරණිම වෘත්තිය. මේක ආන්දෝලනාත්මක ප්‍රකාශයක් මං කරන්නේ හැබැයි මගේ මේ හෘද සාක්ෂියෙන් මං මේ කතා කරන්නේ.

අද මොකද කරන්නේ, ගණිකාව සූරා කන්නේ නැද්ද කියන්නකො. ත්‍රීවිල් එකේ ඉන්න මනුස්සයා සූරා කනවා, එහෙම නැත්නම් ඒක කරවන අය තැරැව්කාරයෝ සූරගෙන කනවා. ඊට වැඩිය මම විශ්වාස කරනවා. තමන්ගේ කැමැත්තෙන් ඇඟ විකුණනවා නම්, මේක නීතිගත කරලා දුන්නම අර අහිංසක ගැහැණු අමාරුවෙ වැටෙන්නෙත් නැහැ. හිරගෙවල්වල යන්නෙත් නැහැ. දරු පවුලක් රැකගෙන ඉඳීවි. මං පැහැදිලිවම විශ්වාස කරනවා සූරා කෑම නතර කරන්න පුළුවන් කියලා.

කාන්තාවක් හැටියට කාන්තාවක් ලිංගික වශයෙන් සූරාගෙන කන එකට මම විරුද්ධයි. මේ රටේ ආර්ථිකය හදන්න එම අයිතිවාසිකම් දෙන්න ඕනි කියලා නෙමෙයි මං මේ කියන්නේ. කාන්තාවක් හැටියට ගමේ ඉන්න අහිංසක ගැහැණිය අසරණ උනහම ඒ ගැහැණිය අරගෙන ගිහිල්ලා විකුණල මිනිහෙක් රුපියල් දහදාහක් අරගෙන ඒ ගැහැණියට දාහක් දෙන එකට මම විරුද්ධයි.”


RECENT ARTICLES - SINHALA

නීතිඥ සංගමයට සජබෙන් ආරාධනයක්

සමගි ජන බලවේගය සහ ජාතික ජන බලවේගය අතර පැවැත්වීමට නියමිත විවාදය සඳහා මැදිහත් පාර්ශවයක් ලෙස කටයුතු කිරීමට ශ්‍රී ලංකා නීතිඥ සංගමයට ආරාධනා කර තිබෙනවා. ශ්‍රී...

අමරවීර ඉරානයට

කෘෂිකර්ම හා වැවීලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර මහතා අද දින (26) ඉරානය බලා පිටත්ව ගොස් තිබෙනවා. ඉරානයේ ‌ටෙහෙරාන් නුවර පැවැත්වෙන EXPO ප්‍රදර්ශනයට ශ්‍රී ලංකාව නියෝජනය...

කොළඹට හෙට පැය 14ක ජල කප්පාදුවක්

හෙට (27) පස්වරු 05 සිට පැය 14ක කාලයක් කොළඹ, දෙහිවල - ගල්කිස්ස හා මොරටුව ඇතුළු ප්‍රදේශ කිහිපයකට ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන...

POPULAR ARTICLES

ඩොලරය පහළට

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (24) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රු. 295.43ක් ලෙස...

ජාතික ගීය අක්‍රමවත්ව ගායනා කළැයි උමාරාට වැඩවරදියි

ජාත්‍යන්තර තරඟාවලියකදී ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ දක්වා ඇති ආකාරයට පටහැනිව ජාතික ගීය ගායනා කිරීම සම්බන්ධව නීතිමය පියවර ගන්නා බව ස්වදේශ කටයුතු අමාත්‍යංශය...

සාපෙළ විභාගය ගැන විශේෂ දැනුම්දීමක්

මෙවර අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය ඉලක්ක කරගනිමින් සිදුකෙරෙන උපකාරක පංති, සම්මන්ත්‍රණ පැවැත්වීම ලබන 30 වැනිදා මධ්‍යම රාත්‍රී සිට අත්හිටුවන බව විභාග...