කොලරා රෝගීන් වැඩිවීම පාලනය කිරීමට නොහැකි බලධාරීන්ගේ අකාර්යක්ෂමතාව ගැන කෝපය පළ කරමින් සහ පිරිසිදු ජලය ඉල්ලා පාකිස්ථානුවන් පසුගියදා බලුකිස්තාන් පළාතේ දී විරෝධතා පවත්වා ඇතැයි වාර්තා වේ.
පාකිස්ථානය පිරිසිදු පානීය ජලය නොමැතිකම ඇතුළු උග්‍ර ජල අර්බුදයක් සමඟ කටයුතු කරන අවස්ථාවේ බලුකිස්තානයේ ඩේරා බුග්ටි හි කොලරාව හේතුවෙන් කුඩා දරුවෙකු ඇතුළු සිව් දෙනෙකු මිය යාමත් සමඟ මෙම විරෝධතා ආරම්භ වී තිබේ.
ඉන් අනතුරුවද ප්‍රදේශයෙන් නව කොලරා රෝගීන් 210 ක් සහ තවත් මරණ දෙකක් වාර්තා වී ඇති අතර, මේ දක්වා ළමුන් දෙදෙනෙකු ඇතුළුව මුළු මරණ සංඛ්‍යාව හය දක්වා ඉහළ ගොස් ඇත.
තවත් රෝගීන් 15 දෙනෙකු අසාධ්‍ය තත්ත්වයේ පසුවන බව ද ඩෝන් පුවත්පත වාර්තා කළේය.
මේ වසරේ අපේ‍්‍රල් 17 වැනිදා පළමු කොලරා රෝගියා වාර්තා වීමෙන් පසු මේ දක්වා එම රෝගය හේතුවෙන් 1500කට අධික පිරිසක් රෝගාතුර වී ඇති බව ද සෞඛ්‍ය බලධාරීහු පවසති.